පුවත්

ගම්පහ නව බස්නැවතුම්පළ විවෘත කිරීම කඩිනම් කිරීමට තොරතුරු පනතින් සහය

By In

ගම්පහ බස්නැවතුම්පළ වෙනුවට ඉදිකරන ලද නව ගම්පහ බස්නැවතුම්පළ -2 ගොඩනැගිල්ලේ වැඩ අවසන් කෙරුණේ 2018 වර්ෂයේ ජුනි මාසයේ දී ය.

බස් නැවතුම්පළේ වැඩ අවසන්කර මාස පහක් පමණ ගතවී තිබුණ ද, තවමත් මහජනතාව සදහා විවෘතකොට නොමැත. මෙම ගොඩනැගිල්ල වර්තමානයේ විවිධාකාර පුද්ගලයින් විසින් විෂමාචාර කටයුතු සදහා භාවිතා කරනු දැකිය හැකිය. නඩත්තු කටයුතු නොකිරීම නිසා ගොඩනැගිල්ලේ කුණුකසළ එක්රැස් වී ඇති ආකාරය ද දැකිය හැකි ය.

මෙම ගොඩනැගිල්ල ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීම පිළිබද. පුරවැසියෙක් විසින් ගම්පහ නගර සභාව වෙත තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලීමක් සිදු කරන ලදී.  ගම්පහ නගර සභාව එයට ප්‍රතිචාර දක්වමින් ඉල්ලුම්කරුට වැඩිදුර තොරතුරු නගර සභාව හා සාකච්ඡා කිරීම සදහා වේලාවක් ද වෙන්කර දෙන ලදී. දින 14 ක් ඇතුලත අදාළ තොරතුරු ලිඛිතව ලබා දෙන බවත් සදහන් කර තිබිණි.

පසුව ලැබුණු පිළිතුරට අනුව සනීපාරක්ෂක පහසුකම්වල අඩුපාඩුවක් නිසා විවෘත කිරීමට ප්‍රමාද වූ බවත් දැන් එම කටයුතුවල ඉදිකිරීම් අවසන් බැවින් ඉතා ඉක්මනින් බස් නැතුම්පළ ජනතා අයිතියට පත් කැන බවත් ප්‍රකාශ විය.

(ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින්  පවත්වන ලද තොරතුරු දැනගැනීමේ පනත  හා සන්නිවේදන පුහුණු වැඩමුළුවට සහභාගී වූවන් විසින් මෙම  ලිපි සකස් කරන ලද්දේ USAID-SDGAP ව්‍යාපෘති‍යේ මුල්‍ය ආධාර සහිතවය.)

මෙමෙ ලිපි වල අන්තර්ගතය තුලින් USAID-SDGAP අදහස් පිලිබිබු නොකරන බව කරුණාවෙන් සලකන්න

පුවත්

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය ” ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය” සමරයි

ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය සැමරිම – 2026 මැයි 03 වෙනි දිනට යෙදී තිබූ “ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය” සෑමරීම වෙනුවෙන් සංවිධානය…

By In
පුවත්

ශ්‍රී ලංකාව සයිබර් අපරාධකරුවන්ගේ “ඩිජිටල් වැඩබිමක්” වෙයිද?

ජාත්‍යන්තර ටෙලිකොම් වංචා ජාලයේ ශ්‍රී ලංකා මෙහෙයුම පිළිබඳ විශේෂ විමර්ශනයක් ශ්‍රී ලංකාව යනු දශක ගණනාවක් තිස්සේ ලෝක සිතියමේ සටහන්ව තිබුණේ…

By In
පුවත්

පුද්ගලික තොරතුරු වූ ජනාධිපති අනුරගේ ගුවන් ගමන් 

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම උදෙසා 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත (RTI Act) හඳුන්වා දුන් දා…

By In
පුවත්

සුදු මළු කහ වූ ‘පොහොර’ නාස්තියේ රහස

රටේ කෘෂිකර්මාන්තයේ කොඳු නාරටිය බඳු ගොවි ජනතාව පීඩාවට පත්ව සිටින වටපිටාවක, රාජ්‍ය සම්පත් කළමනාකරණයේ පවතින බරපතල අර්බුදයක් පිළිබඳ තොරතුරු රැසක්…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *