Social

වසර හයක් තුළ ළමුන් 142 ක්, කාන්තාවන් 499ක් මරුට! ළමුන් 7,758 ක් සහ කාන්තාවන් 14,023 කට ලිංගික අපයෝජනයට ලක්ව ඇත.

By In

කේ. ප්‍රසන්න

ලංකාව තුළ 2016 වසරේ සිට 2021 නොවැම්බර් දක්වා කාලය තුළ ළමුන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිළිබඳ පැමිණිලි 31,810 ක් සහ කාන්තා හිංසනය පිළිබඳ පැමිණිලි 45,404 ක් රට තුළ ලියාපදිංචි වී ඇති බව මෙරට ළමා හා කාන්තා අපචාර වැළැක්වීමේ කාර්යාංශයට වාර්තා වී ඇත.

තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත හරහා ශ්‍රී ලංකා පොලිස් මූලස්ථානය යටතේ ඇති ළමා හා කාන්තා අපචාර වැළැක්වීමේ කාර්යාංශයෙන් ලබාගත් තොරතුරු මත මෙම සංඛ්‍යාත අනාවරණය විය.

2016 වර්ෂයේ සිට 2021 නොවැම්බර් දක්වා කාලය අතර රට තුළ ළමුන්ට එරෙහි අපරාධ 31,810 ක් රට තුළ ලියාපදිංචි වී ඇත. ඉන් ළමුන් 142 දෙනෙකු ඝාතනය කොට ඇති අතර ළමුන් 56 දෙනෙකු ඝාතනය කිරීමට තැත් කොට ඇති බව වාර්තා වී තිබේ. ළමුන් 228 දෙනෙකු බරපතල තුවාල ලබා ඇති අතර ළමුන් 7,758 දෙනෙකු ලිංගික අපයෝජනයට ලක්ව ඇත.

එමෙන්ම ළමුන් 4,471ක් අපයෝජනයට ලක්ව ඇත්තේ සමීප ඥාතීන් අතින් බවද එම කාර්යාංශය පවසයි.

මේ අතර, 2016 වර්ෂයේ සිට 2021 නොවැම්බර් දක්වා කාලය අතර රට තුළ කාන්තා හිංසනයන් 45,404 ක් වාර්තා වී තිබේ. මෙයින් කාන්තාවන් 499 දෙනෙකු ඝාතනයට ලක්ව ඇති අතර කාන්තාවන් 81 ඝාතනය කිරීමට තැත් කොට ඇත.

ළමා හා කාන්තා අපචාර වැළැක්වීමේ කාර්යාංශයට අනුව කාන්තාවන් 1,401 දෙනෙකු බරපතල තුවාල ලබා ඇති අතර කාන්තාවන් 14,023 දෙනෙකු ලිංගික අපයෝජනයට ලක්ව ඇත.

Social, පුවත්

වැසී යන පාසල් සහ දරුවන්ගේ අධ්‍යාපන අයිතිය

චාමර සම්පත්  පාසලක් ඇරෙනවිට සිපිරි ගෙවල් දහයක් වැසියන බව අප අසා ඇති ප්‍රකට කියමනකි.ඉන් අරුත් ගැන්වෙන්නේ පාසල් ඇධ්‍යපනය යනු රටකට…

By In
Social, පුවත්

හිටපු ජනාධිපති ගෝඨාභය සහ ජනපතිවරුන්ට අපි ගෙවන හැටි

කමණි හෙට්ටිආරච්චි ඉතිහාසයේ අන් කවරදාකවත් අත්විඳ නැති අත්දැකීමකට පසුගිය කාලයේ මුහුණ දීමට ශ්‍රී ලංකාවට  සිදුවිය. ශ්‍රි ලංකාව බංකොලොත් රාජ්‍යයක් බව…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *