පුවත්

රජයේ රෝහල්වලට පරිත්‍යාග කෙරෙන රුධිරය පෞද්ගලික රෝහල්වලටත් ලබා දෙනවාද? 

By In

එන්. ලෝකතයාලන්

යාපනය ශික්ෂණ රෝහලට පරිත්‍යාග කෙරෙන රුධිරයෙන් කොටසක් පෞද්ගලික රෝහල්වලට ලබාදීම පිළිබඳව තොරතුරු දැනගැනීමේ පනත හරහා සහතික කොට ඇත. මෙම කාර්යය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතියට යටත්ව සිදු කෙරන බව එම තොරතුරු වැඩිදුරටත් හෙළි කරයි.

යාපනය අර්ධද්වීපයේ පෞද්ගලික රෝහල් 17ක් ක්‍රියාත්මක වන අතර ඉන් රෝහල් 8ක ශල්‍යාගාර ඇත. මෙම පෞද්ගලික රෝහල්වල ශල්‍යාගාර තුළ  සිදුකරන සැත්කම්වලදී අවශ්‍ය රුධිරය රජයේ රෝහල්වල ලේ බැංකු වලින් සපයනු ලැබේ. 

යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ ආර්. සත්‍යමූර්ති විසින් සපයන ලද තොරතුරුවලට අනුව යාපනය ශික්ෂණ රෝහලේ රුධිර බැංකුවට 2022 වසරේ රුධිර පයින්ට් 8596ක් ලැබී ඇත. මෙයින් රුධිර පයින්ට් 807ක් පෞද්ගලික රෝහල්වලට ලබා දී ඇත. එලෙසම 2023 වසරේදී ලේ බැංකුවට රුධිර පයින්ට් 9043ක් ලැබී ඇති අතර ඉන් රුධිර පයින්ට් 875ක් පෞද්ගලික රෝහල්වලට ලබාදී තිබේ. 

2024 ජුනි 30 වැනි දින දක්වා වූ අර්ධ වර්ෂ කාලය තුළ රෝහලට රුධිර පයින්ට් 4113ක් ලැබී ඇති අතර, ඉන් රුධිර පයින්ට් 441ක් පෞද්ගලික රෝහල් වෙත ලබා දී ඇත.

2022, 2023 වර්ෂ වලදී සහ 2024 ජුනි දක්වා කාලය තුළ පෞද්ගලික රෝහල්වලට රුධිර පයින්ට් 2023 ක් සපයා ඇත. ඉන් රුධිර පයින්ට් 1507ක් ලබා දී ඇත්තේ එක පෞද්ගලික රෝහලකට පමණි. එසේම තවත් පෞද්ගලික රෝහලකට තවත් රුධිර පයින්ට් 209ක් ලබාදී ඇති බව තොරතුරු දැනගැනීමේ පනත යටතේ දැනගන්නට ලැබිණි.

පුවත්

පුද්ගලික තොරතුරු වූ ජනාධිපති අනුරගේ ගුවන් ගමන් 

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම උදෙසා 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත (RTI Act) හඳුන්වා දුන් දා…

By In
පුවත්

සුදු මළු කහ වූ ‘පොහොර’ නාස්තියේ රහස

රටේ කෘෂිකර්මාන්තයේ කොඳු නාරටිය බඳු ගොවි ජනතාව පීඩාවට පත්ව සිටින වටපිටාවක, රාජ්‍ය සම්පත් කළමනාකරණයේ පවතින බරපතල අර්බුදයක් පිළිබඳ තොරතුරු රැසක්…

By In
පුවත්

මහවැලි නීතියේ  නිරුවත තොරතුරු පනතින් එළියට

මහවැලි රක්ෂිත ගිලගන්නා දේශපාලන හස්තය: වර්තමාන රජයේ ප්‍රධානතම දේශපාලන සටන් පාඨය වී ඇත්තේ “දූෂණයෙන් තොර රටක්” සහ “සැමට සමාන නීතියක්”…

By In
පුවත්

පෞද්ගලික රූපවාහිනී නාලිකා ද තොරතුරු දැනගැනීමේ පනතට යටත්වේ

අභියාචනාධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක් ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් (RTI) නීතියේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, පෞද්ගලික රූපවාහිනී නාලිකා ද තොරතුරු දැනගැනීමේ…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *