Social

මහනුවර දිස්ත්‍රික්කයේ කුඹුරු අක්කර 1813 ක් පුරන් වෙලා!

By In

මොහොමඩ් ආසික්

පෙර රජ දවස පටන්ම කෘෂිකාර්මික රටක් ලෙස ශ්‍රී ලංකාව කීර්තියක් දිනා ගෙන සිටිනුයේ මෙරට වැසියන්ගේ ප්‍රධාන ආහාරය බත් වන බැවිනි.

අහසින් වැටෙන එක ජල බිඳක් හෝ මුහුදට ගලා යන්නට ඉඩ නොදී රැකගෙන වගාවන් කළ රජවරුන් සිටි අතීතයක් හිමි ශ්‍රි ලංකාව තුළ වර්තමානය වන විට වී වගාවට එළ වි තිබෙන අනේක විධ බාධාවන් අමුතුවෙන් කිව යුතු නැත. අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියන කන්ද උඩරට සුවිශේෂ කලාපයක් වන මහනුවර දිස්ත්‍රික්කය තුළ පුරන්ව ඇති  කුඹුරු සම්බන්ධය විමසා බැලීමකි මේ.

මහනුවර දිස්ත්‍රික්කය තුළ පිහිටා ඇති  කුඹුරු අක්කර 45,457 රූඩ් 03 පර්චස් 08  අතරින්  2022 වසරේදී අක්කර 1813 යි රූඩ් 02 පර්චස් 32 ක් පුරන්ව ඇති බව තොරතුරු දැන ගැනීමේ  අයිතිවාසිකම් පනත  යටතේ ගොවි ජන සේවා  දෙපාර්තමේන්තුවෙන් ලබා ගත් තොරතුරු අනුව හෙළිවෙයි.

මහනුවර දිස්ත්‍රික්කය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 20කින් සමන්විත වන අතර  දිස්ත්‍රික්කයේ ජනගහණය 2021 ගණනයට අනුව 15,01,000 ක් වන අතර  දිස්ත්‍රික්කය වර්ග කිලෝ මීටර් 1940 කින් සමන්විතව තිබේ.

මහනුවර දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික කටයුතු ගත් විට දිස්ත්‍රික්කයේ කුඹුරු වගාවටද විශේෂ සථානයක් හිමි වෙයි. මිනිපේ මහා වාරි යෝජනා ක්‍රමය යටතේ  දිවයිනේ ප්‍රධාන ගොවි ව්‍යාපාරයක් ක්‍රියාත්මක වන අතර එයට අමතරය සෑම ප්රදේශිය ලේකම් කොට්ඨාසයක් තුලම අඩු වැඩි වශයෙන් වී වගා කෙරේ.

කෙසේ නමුත් පසුගිය කාලය පුරා දිස්ත්‍රික්කයේ කුඹුරු විශාල ප්‍රමාණයක්   පුරන්ව ගිය අතර එම පුරන් කුඹුරු අස්වැද්දීමේ දී ඇල් මැරුණු ස්වභාවයක් දක්නට ලැබිණ. මහනුවර දිස්ත්‍රික්කයේ පුරන් කුඹුරු අස්වැද්දීමේ ක්‍රියාවලියක් සිදු වුවද තව දුරටත් පුරන් කුඹුරු පවතින බව ගොවීන් නිරන්තරයෙන්ම ප්‍රකාශ කරති.

ඒ අනුව දිස්ත්‍රික්කයේ වී වගාව සම්බන්ධයෙන් සැබෑ දත්ත දැන ගැනීම සඳහා 2016 අංක 12 දරණ තොරතුරු දැන ගැනිමේ  අයිතිවාසිකම් පිළිබඳ පනතේ විධිවිධාන අනුව ලබා ගත් තොරතුරු මෙසේ ගෙන හැර දැක්විය හැකිය.

තොරතුරු දැන ගැනීමේ පනතට අනුව කරන ලද ඉල්ලීමක් අනුව ;

මහනුවර සහකාර ගොවිජන සංවර්ධන කොමසාරිස් අනූෂා දේවප්‍රිය මහත්මිය ගේ අත්සනින් මෙම විස්තර ලබා දී තිබේ.

මහනුවර දිස්ත්‍රික්කයේ කුඹුරු අක්කර 45,457 යි රූඩ් 03පර්චස් 08  ක් පිහිටා ඇති බවත්  එයින් පසුගිය යල කන්නයේදී අක්කර 26,846ක් වගා කර ඇති බවත් ගොවි ජන සංවර්ධන දෙපාර්තම්න්තුව ප්‍රකාශ කරයි.

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ලබා දී ඇති තොරතුරුවලට අනුව 2022 වසරේදී කුඹුරු අක්කර  1813 රූඩ් 02 පර්චස් 32ක් පුරන්ව තිබේ.

වසර 2022 තුළ යළි වගා කිරීමට අපේක්ෂා කරන පුරන්ව ඇති කුඹුරු ප්‍රමාණය අක්කර 378යි රූඩ් 02යි පර්චස් 32 ක්  බවත් ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. මෙයට අමතරව තව දුරටත් දිස්ත්‍රික්කයේ පුරන්ව ඇති කුඹුරු අක්කර 191යි රූඩ් 02ක් මෙම මහ කන්නයේදී  නැවත අස්වැද්දීමට අපේක්ෂා කරන බවත් තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම්  පනත අනුව කරන ලද ඉල්ලීමට ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස් අනූෂා දේවප්‍රිය මහත්මිය විසින් එවා ඇති තොරතුරු අනුව හෙළිව තිබේ.

Social

ශ්‍රී ලංකාවේ ආහාර හා ආහාර නොවන නිෂ්පාදන වල අඩංගු නොවිය යුතු ලැයිස්තුව

ශරීරයේ කොතැනක හෝ සිදුවන අසාමාන්‍ය සෛල බෙදීමක් හා ඒවායේ පාලනයකින් තොරව ශරීරය පුරා ව්‍යාප්ත වීමක් පිළිකාවක් ලෙස හැඳින්විය හැකිය. පිළිකා…

By In
Social, පුවත්

දිස්ත්‍රික්ක අටක, වසරකට බරවා රෝගීන් 700ක් – තොරතුරු පනතින් කළ තවත් හෙළිදරව්වක්

මොහොමඩ් ආසික් ජනාකීර්ණ වූ නගරයන්හි  වීදි හරහා හදිස්සියෙන්  එහා මෙහා  යද්දී අපේ  නෙතට ගැටී නොගැටී  යන දෑත් දෙපා ඉදිමුණු  පිරිමින් මෙන්ම…

By In
Social, ප්‍රකාශන

ජනතාවගේ බදු මුදල් මිලියන අසූ හතරක් වැය කල ජනපති කාර්ය සාධක බලකායන්

මොහොමඩ් නස්රාන හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වීමෙන් පසුව ඔහු බලයෙන් පහව යනතුරු වසර තුනක කාලයක් ඇතුලත ජනාධිපති කාර්යය…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *