පුවත්

මඩකලපුව දිස්ත‍්‍රික්කයේ ඩෙංගු මර්ධන සටන

By In

පසුගිය කාලය තුළ මඩකලපුව දිස්ත‍්‍රික්කය තුළින් වාර්තා වූ ඩෙංගු රෝගින් ප‍්‍රමාණය ඉහළ යෑමත් සමඟම ප‍්‍රදේශයේ ඩෙංගු මර්ධනය සඳහා වූ දැනුවත් කිරීමේ වැඩසටහන් විශාල ලෙ සංවිධානය කෙරිණි ’සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත වලට අනුව 2018 වර්ෂයේ ජනවාරි සිට මාර්තු දක්වා පමණක් ඩෙංගු රෝගින් 1471 වාර්තා වී තිබේ
ශ‍්‍රි ලංකා පුවත්පත් ආයතනය මගින් සංවිධානය කරන ලැබූ තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳ වැඩසටහනට සහභාගීවූ පිරිසක් මෙම ඩෙංගු මර්ධන වැඩපිළිවෙල පිළිබඳව තොරතුරු පණත යටතේ තොරතුරු ඉල්ලීමක් සිදුකර ඇත’ 2018 සැප්තැම්බර් මාසයේ දි මඩකලපු දිස්ත‍්‍රික්කයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද මෙම තොරතුරු ඉල්ලීම මගින් එම දෙපාතමේන්තුව මඟින් දියත් කරන ලද ඩෙංගු නිවාරණය සඳහාවූ දැනුවත් කිරීමේ වැඩසටහන් පිළිබඳ තොරතුරු ඉල්ලා සිටින ලදි
මෙම තොරතුරු ඉල්ලීමට ප‍්‍රතිචාර දක්වමින් දිස්ත‍්‍රික් සෞඛ්‍ය අමාත්‍යංශය දන්වා තිබුණේ ඔවුන් ප‍්‍රාදේශීය සභාව හා එක්ව අත් පත‍්‍රිකා දැන්වීම් ගුවන් විදුලි පුවත්පත් හා රූපවාහිනි දැන්වීම් මඟින් මෙන්ම දැනුවත් කිරීමේ විශේෂ සටහන් මඟින් සාමාන්‍ය ජනතාව දැනුවත් කිරීමේ විශේෂ
වැඩසටහන් මගින් සාමාන්‍ය ජනතාව දැනුවත් කිරීම් කල බවයි. දිස්ත්‍රික් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කියා සිටියේ ඩෙංගු නිසා සිදුවන බොහෝ මරණ වලට ජනතාවගේ නොසැලකිලිමත් බව සහඅක‍්‍රමවත් ලෙස අපද‍්‍රව්‍ය බැහැර කිරීම හේතුවෙන් මදුරුවන් බෝවීමට සුදුසු වටපිටාවක් නිර්මාණය වී ඇති බවත් මදුරුවන් වැඩි වශයෙන් බෝ වන ස්ථාන ලෙස නිවාස ගොඩනැගිලි ව්‍යාපාරික ස්ථාන සහ කණු පද්ධති පිරිසිදු කරමින් පවතින බවත් තව දුරටත් කියා සිටියා. මදුරුවන් වැඩි වශයෙන් බෝ වන ස්ථාන ලෙස නිවාස ගොඩනැගිලි ව්‍යාපාරික ස්ථාන හා කණු පද්ධති පිරිසිදු කරමින් පවතින බවත් ඔවුන් තව දුරටත් කියා සිටියහ.

මඩකලපුව දිස්ත‍්‍රික්කය තුළ ක‍්‍රමවත් අපද්‍රවය බැහැර කිරීමේ වැඩසටහනක් සඳහා ද ඔවුන්ගේ අවධානය යොමුව ඇත. දිස්ත්‍රික් සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවට වෛද්‍ය නිර්දේශයට අනුව 5%කට වැඩි පිරිසක් වැඩි දුර ප්‍රතිකාර සඳහා රෝහල් තුලට යොමු කර ඇත.

පුවත්

මාතර මහරෝහලේ සායනික අපද්‍රව්‍ය රක්ෂිතයකට මුදාහැරලා! තොරතුරු විමසීමට දුන් පිළිතුරුත් බොරු

– රාහුල් සමන්ත හෙට්ටිආරච්චි සායනික අපද්‍රව්‍ය බැහැර කිරීම ලොව පුරා දැඩි සැලකිල්ලකින් යුතුව සිදු කෙරෙන කාර්යයකි. මිලියන 22ක පුරවැසියන්ගේ අවශ්‍යතා…

By In
පුවත්

පේරාදෙණියේ නවකවදය වැළැක්වීමට පරිපාලනය ගෙන ඇති පියවර මොනවාද?

– ධනුෂ්ක සිල්වා අධ්‍යාපන ආයතනවල නවකවදය සහ වෙනත් ආකාරයේ ප්‍රචණ්ඩත්වය දිගු කලක් තිස්සේ ගෝලීය වශයෙන් හෙළා දැක තිබේ. එමගින් වින්දිතයින්ට…

By In
පුවත්

දුම්රිය හරස් මාර්ගවලින් 439ක්ම මරු කපොලු!

– ජනක සුරංග මෑත ඉතිහාසයේදී ශ්‍රී ලංකාවේ දුම්රිය හරස් මාර්ගවලදී සිදුවන අනතුරු ප්‍රමාණය අනුව ඒ පිළිබඳ වැඩිපුර අවධානයක් දැක්විය යුතු…

By In
පුවත්

හිටපු ජනාධිපතිවරුන් භුක්ති විඳින වරප්‍රසාද මොනවාද? 

කේ. ප්‍රසන්නා හිටපු ජනාධිපතිවරුන්ට ලබාදී ඇති වරප්‍රසාද සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයන් දිගින් දිගටම පැවති අතර, එම වරප්‍රසාද කප්පාදු කිරීම පිළිබඳව මැතිවරණ…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *