පුවත්

පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයෙන්  පසුව ලබාදුන් තේ පැන් සංග්‍රහවල සත්‍ය වියදම් මෙන්න

By In

09 වන පාර්ලිමේන්තුව – ගෝඨාභය රාජපක්ෂ  – රු. 287,340

10 වන පාර්ලිමේන්තුව – අනුර කුමාර දිසානායක – රු. 339,628.55

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි 

බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වූ වර්තමාන රජයේ 10වන පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයෙන්  පසුව ලබාදුන් තේ පැන් සංග්‍රහය ඇතුළු වෙනත් සංග්‍රහ කටයුතු වෙනුවෙන් වැය කර ඇති මුදල රුපියල් 339,628.55ක් බව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම යටතේ පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය මගින් ලබාගත් තොරතුරු මගින් අනාවරණය වේ. එමෙන්ම 10වන පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයේ උත්සව කටයුතු වෙනුවෙන් තවත් රුපියල් 72,350.00 මුදලක් ද වැය කර තිබෙන බව එහිදී අනාවරණය විය.

නව රජයේ 10වන පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයෙන් පසුව ලබාදුන් තේ පැන් සංග්‍රහය ඇතුළු වෙනත් සංග්‍රහ කටයුතු වෙනුවෙන් සිදු කර තිබෙන වියදම් මෙන්ම පසුගිය රජයන් මගින් සිදුකර තිබෙන වියදම් සම්බන්ධයෙන්  සමාජයේ  වැරදි පුවත් ප්‍රචාරය වෙමින් තිබුණි. එවැනි අවස්ථාවන්හි දේශපාලන වශයෙන් කිසිදු පක්ෂයක් එම කටයුතු වෙනුවෙන් මහජන මුදලින් සිදු කළ වැය කිරීම් සම්බන්ධයෙන් නිශ්චිත වශයෙන් තොරතුරු අනාවරණය කිරීමට කටයුතු නොකරන ලදි. එවන් පසුබිමක, ඒ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම යටතේ සිදුකළ සොයා බැලීමකදී අනාවරණය වූයේ සමාජ මාධ්‍ය ඇතුළු මාධ්‍ය තුළ පළ වූ පුවත්වල සඳහන් වූ පරිදි රුපියල් මිලියන ගණන් මුදල් ඒ ආකාරයෙන් කිසිදු පක්ෂයක් මංගල සැසිවාරයෙන්  පසුව ලබාදුන් තේ පැන් සංග්‍රහ වෙනුවෙන්  මුදල් වැයකර නොමැති බවයි.

වෙනම ගණනය කර නෑ

එමෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ 2010.04.22 දින පැවති  07 වන  පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයේ සිට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ 2015.09.01 පැවති 08 වන පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය, ජනාධිපති ගෝඨාබය රාජපක්ෂගේ 09වන පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය හා වර්තමාන ජනාධිපති අනුරකුමාර දිසානායකගේ 10වන පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය දක්වා තොරතුරු, පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය මගින් ඉල්ලා සිටියත් තොරතුරු ලබාදී ඇත්තේ 09වන සහ 10වන පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයන්ට අදාළ තොරතුරු පමණි. 07වන සහ 08වන පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයන්ගෙන් පසුව ලබාදුන් තේ පැන් සංග්‍රහ ඇතුළු වෙනත් සංග්‍රහ කටයුතු වෙනුවෙන් සිදු කර තිබෙන වියදම් වෙන වෙනම ගණනය කිරීමක් සිදු කර නොමැති අතර, එම තොරතුරු පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලයේ නොමැති බැවින් තොරතුරු පනතේ 3(1) වගන්තිය ප්‍රකාරව ලබාදීම ප්‍රතිෂේප කර තිබේ. එම වගන්තියේ සඳහන් වන්නේ මෙම පනතේ (05)වන වගන්තියේ විධානයන්ට යටත්ව පොදු අධිකාරියේ සන්තකයේ භාරයේ හෝ පාලනයේ ඇති තොරතුරුවලට ප්‍රවේශවීමේ අයිතිවාසිකම සෑම පුරවැසියෙකුටම තිබිය යුතු බවයි. ඒ අනුව පැහැදිලි වන්නේ එම තොරතුරු පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය සතුව නොමැති බවයි.

චාරිත්‍රානුකූල කටයුත්තක්

පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය ලබාදුන් තොරතුරු අනුව පාර්ලිමේන්තු වැය ශීර්ෂය යටතේ චාරිත්‍රානුකූලව පවත්වන උත්සව කටයුතු සහ තේ පැන් සංග්‍රහ කටයුතු වෙනුවෙන්  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ 09වන පාර්ලිමේන්තුවේ මංගල සැසියේදී රුපියල් 287,340.00ක මුදලක් වැය කර ඇති අතර උත්සව කටයුතු සඳහා සිදු කළ වියදම් ගණනය කිරීමක් සිදුකර නොමැත. එමෙන්ම වර්තමාන ජනාධිපති අනුරකුමාර දිසානායක මහතාගේ 10 වන පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයෙන්  පසුව ලබාදුන් තේ පැන් සංග්‍රහය වෙනුවෙන් රුපියල්  339,628.55 ක මුදලක් වැය කර තිබෙන බව ඒ අනුව අනාවරණය වේ.

https://lh7-rt.googleusercontent.com/docsz/AD_4nXfDGZ30ipjNXEY0Q6mHtXiPdnPNS9FJuDFY-0tPYcF8vBJK45IJsHtrJqrS0TBp_3k-ZCWftBopSX1cFuh-vgoF8LNNixtV4kE5AvTJEuipujbKH7xLgaPUk5YgZxxzV0cqNRNFz72cdy_itNst6ug?key=STtGOQ_ss3Pj1H838NmwW0pn

මේ ආකාරයෙන් පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයෙන් පසුව තේ පැන් සංග්‍රහයක් ලබාදීම චාරිත්‍රානුකූලව පවත්වන උත්සව කටයුත්තක් වුවත්, එය හුදු දේශපාලනිකව සිදු කරන මහජන මුදල් නාස්තික්  බවට ඒත්තු ගැන්වීමට වර්තමාන රජයේ මෙන්ම අනෙකුත් පක්ෂවල විවිධ දේශපාලඥයින් සංසන්දනාත්මකව විවේචන එල්ල කරනු ලැබුවත් ඒවා හුදු දේශපාලනිකව මහජනතාව නොමඟ යැවීමේ අරමුණින් සිදු කළ ප්‍රචාරයන් බව මෙම තොරතුරු මගින් පැහැදිලි වේ.

පුවත්

ගලිවර්ලාගේ වන විනාශය සහ ලිලිපුට්ටන්ගේ සංරක්ෂණය!

– රාහුල් සමන්ත හෙට්ටිආරච්චි  විස්මයජනක භූ දර්ශන, පොහොසත් ජෛව විවිධත්වය සහ සශ්‍රීක වැසි වනාන්තර සඳහා ප්‍රසිද්ධියක් උසුලන ශ්‍රී ලංකාව, වර්ධනය…

By In
පුවත්

‘මැරීන් ඩ්‍රයිව්’ වසර 18ක් ඉබි ගමනේ

කේ.ප්‍රසන්නා  කොළඹ ගාලු ප්‍රධාන මාර්ගයේ තදබදය අවම කිරීම සඳහා හොඳම මාර්ගය ලෙස හඳුනාගෙන ඇති සමුද්‍රීය මාර්ගයේ (මැරීන් ඩ්‍රයිව්) අදියර හයක්…

By In
පුවත්

උත්සව වියදම්වල තොරතුරු දෙන්න ජනාධිපති ලේකම් කල්මරයි!

– රාහුල් සමන්ත හෙට්ටිආරච්චි  මෙතෙක් පැවති ආණ්ඩු, විවිධ උත්සව කටයුතු සඳහා මහජන මුදල් විශාල ප්‍රමාණයක් වැය කළද වර්තමාන රජය ඒ ආකාරයෙන්…

By In
පුවත්

අකුරණ නගරයේ ගංවතුර වළක්වන්න වසර 25ක් තිස්සේ අසමත් වුණේ ඇයි? තොරතුරු පනතින් කළ සොයා බැලීමක් 

– මොහොමඩ් ආසික් ‘අකුරණ’ යනු, මහනුවර- යාපනය ඒ 09 මාර්ගයේ හමුවන ප්‍රධාන වාණිජ නගරයකි. ලෝකයේ බොහෝ රටවලට සෘජුව සම්බන්ධ වී…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *