Social, පුවත්

දේශපාලන හිතවත්කම් මත කෙරෙන, නුවරඑළියේ අනවසර ඉදිකිරිම්

By In
  • ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය

පළාත් පාලන මැතිවරණය සඳහා නුවරඑළිය නියෝජනය කරමින් තරග වැදිමට නියමිත අපේක්ෂකයෙකු වන ජී.අබ්දුල් රහීම් යන අයගේ නිවස මුළුමනින්ම අනවසර ඉදිකිරීමක් බවත් මහ නගර සභාව මඟින් ලබා දුන් කාල සීමාව  ඇතුළත අදාල  ඉදිකිරීම  ඉවත් නොකරන්නේ නම්, උසාවි නියෝගයකින් එම අනවසර ඉදිකිරීම මුලුමනින්ම ඉවත් කිරීමට කටයුතු කරන බවට නුවරඑළිය මහ නගර සභාවේ නාගරික කොමසාරිස්  එස්.පී.කේ බෝධිමාන්න මහත්මිය පලමු සිහි කැදවීම අදාලා අපේක්ෂකයාට ලිඛිතව දැනුම් දි ඇත. 

පසුගිය ජූලි 03 වන දින සිය නිවසේ අපද්‍රව්‍ය ජලය ඉවතලන බටයක් යාබද නිවසට හැරවීමෙන් අසල්වැසි පුද්ගලයෙකුගේ පහරකෑමට ලක්වූ ජී.අබ්දුල් රහීම් රෝහල් ගත කර ඇති බව මාධ්‍ය හරහා පළවිය.     නුවරඑළිය පොලිසියෙ ගොනු කරනු ලැබූ පැමිණිල්ල මත පොලීසිය විසින් නුවරඑළිය මහ නගර සභාවෙන් සිදුකල ඉල්ලීමට අනුව ක්‍රියාත්මක වූ නුවරඑළිය මහ නගර සභාව කරුණු සොයා බලන විට මන්ත්‍රී ධූර අපේක්ෂකයාගේ නිවස 1982 අංක 4 දරන නාගරික සංවර්ධන අධිකාරි සංශෝධිත පනත 8 එ (1) වගන්තිය මුළුමනින්ම උල්ලංඝනය කරමින් ඉදිකරන ලද නිවසක් බව තහවුරු විය.  ජී.අබ්දුල් රහීම් නැමැති අපේක්ෂකයාට පළමු සිහිගැන්විම යොමුකර ඒ බව නුවරඑළිය පොලිසියට  නුවරඑළිය මහ නගර සභාවේ නාගරික කොමසාරිස් එස්.පී.කේ බෝධිමාන්න මහත්මිය ලිඛිතව දන්වා ඇත.  

එලෙස යොමු කරනු ලැබූ ලිඛිත දැන්වීම 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ පනත යටතේ නුවරඑළිය මහ නගර සභාවේ තොරතුරු නිලධාරියාගෙන් අප ඉල්ලා සිටි අතර එහිදී නුවරඑළිය මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරිය ගේ අත්සනින් යුතුව නුවරඑළිය පොලිසියට ඉදිරිපත් කරනු ලැබූ ලිපිය හා ජී.අබ්දුල් රහීම් හට යොමු කරනු ලැබූ අනවසර ඉදිකිරීම් පිළිබඳව පළමු සිහි කැදවීමේ ලිපයේ පිටපත්ද ලබාදීමට නුවරඑළිය මහ නගර සභාවේ තොරතුරු නිළදාරි කටයුතු කර ඇත. 

එහිදී ජී.ඒ.රහීම් යන අයට නුවරඑළිය මහ නගර සභාවේ නාගරික කොමසාරිස් එස්.පී.කේ බෝධිමාන්න මහත්මියගෙන් අත්සනින් යුතුව  යොමු කරනු ලැබූ අනවසර ඉදිකිරීම් පිළිබඳව පළමු සිහිකැඳවීමේ ලිපියේ මෙලෙස සටහන් වී තිබුණි. 

1982 අංක 4 දරණ නාගරික සංවර්ධන අධිකාරි සංශෝධිත පනත 8 එ (1) වගන්තිය උල්ලංඝනය කරමින් ජී.ඒ.රහීම් යන අය විසින් මහ නගර සභාවේ අවසර පත්‍රයක් නොමැතිව , නාගරික සංවර්ධන අධිකාරියේ ගොඩනැගිලි හා සැලසුම් රෙගුලාසි උල්ලංඝනය කරමින් නුවරඑළිය හාවාඑළිය ලේඩි මැකලම් පාර අංක 280 දරණ ස්ථානයේ අනවසරයෙන් ගොඩනැගිල්ලක් ඉදිකර ඇති බව නාගරික කොමසාරිස්වරිය වාර්තා කර ඇත. 

ඒ අනුව 2023 ජූලි 24 වන දින හෝ ඊට ප්‍රථම එම සංවර්ධන කටයුත්ත (අනවසර ඉදිකිරීම) නතර කරන ලෙස එම  සංවර්ධන කටයුත්ත කරගෙන යන්නා වූ හෝ කරගෙන ගිය ඉඩම හෝ ස්ථානය එය මුලින් තිබුණු තත්ත්වයට පත් කරන ලෙස  එම සංවර්ධන කටයුතු කරගෙන යනු ලබන්නේ හෝ සංවර්ධන කටයුත්තේ නිරතව සිටින්නේ නම් අවසර පත්‍රයක බලය යටතේද  ඒ අවසර පත්‍රය හෝ අවසර පත්‍රයේ යම්කිසි නියමයකට හෝ කොන්දේසියකට හෝ අනුව කටයුතු කරන ලෙස ජී.ඒ. රහීම් යන අයට දන්වා ඇති අතර , එසේ නොකළහොත් කිසිදු දැනුම් දීමකින් තොරව 1984 අංක 44 දරන නාගරික සංවර්ධන අධිකාරි (විශේෂ විධිවිධාන) පනතින් සංශෝධිත 1982 අංක 4 දරන නාගරික සංවර්ධන අධිකාරි පනතේ 28 අ (3) වගන්තිය යටතේ අධිකරණ විධානයක් ලබා ගෙන එම අනවසර ගොඩනැගිල්ල / ඉදිකිරීම කඩා දැමීමට කටයුතු කරන බව එහි සදහන්ව තිබේ. 

ඉහත අනවසර ඉදිකිරීම පිළිබඳව පූර්ණ වගකීම නුවරඑළිය මහ නගර සභාව ගත යුතු වන බව මෙම අනවසර ඉදිකිරිම ඇතුළු නුවරඑලියේ සමස්ථ අනවසර ඉදිකිරිම් පිලිබද අදහස් පළකරමි දේශපාලන හා සමාජ ක්‍රියාකාරිකයෙක් වන මයිකල් ඇකියුලස් මහතා පවසයි , 

ඒ මහතා වැඩිදුර අදහස් දක්වමින් කියා සිටියේ “නුවරඑළිය නගරයේ අනවසර ඉදිකිරීම් විශාල ප්‍රමාණයක් තියෙනවා නොයෙකුත් දේශපාලන හිතවත්කම් මත අනවසර ඉදිකිරීම් සිදුවෙනවා  

එය අනවසර ඉදිකිරීමක් බව දැන දැනම එවා නොසලකා හැරීමෙන් තමයි මේ තරම් අනවසර ඉදිකිරීම් ප්‍රමාණයක් නුවරඑළියෙ තියෙන්නෙ , 

මේ අනවසර ඉදිකිරීමත් ඒ වගේ දෙයක් තමයි මෙච්චර ලොකු ගෙයක් හදලා ඉවර කරනකම් මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරිය නාගරික ඉංජිනේරුවරයා ඇතුළු නිලධාරී මණ්ඩලය මොනවද කළේ. 

නිවස හදලා ඉවර වෙනකම්ම ඒක පෙනුනේ නැද්ද ? 

කාගෙන් හරි විරෝධයක් මතු වන විට විතරක් අනවසර ඉදිකිරීම් කියලා සිහි ගැන්වීම් යවලා ඒ ප්‍රශ්නෙ ඇති වෙලා සතිය  යනකොට ආයෙ අමතක වෙලා වගේ ඉන්නවා , 

මේක නුවරඑළියට පුරුදු දෙයක් අපි බලාපොරොත්තු වනවා කිසිදු තරාතිරමක් නොබලා දේශපාලන පසුබිම් නොසලකා මෙවන් අනවසර ඉදිකිරීම් කඩිනමින් ඉවත් කිරීමට නුවරඑළිය මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරිය ප්‍රධාන නිලධාරී මණ්ඩලය කටයුතු කරයි කියා.”ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.පක්ෂ භේදයකින් තොරව ඕනෑම කෙනෙක් අපේක්ෂකයෙක් හැටියට තරග කල යුත්තේ  ගමට සේවාවක් කරන්නටය. තමන්ගේ අනවසර ඉදිකිරීම් බේරා ගන්නට හෝ නීති විරෝධීව සිදු කරනු ලබන වැඩ සදහා සහන ලබා ගන්නට නොවේය. නමුත් වර්තමානයේදී අපට දකින්නට ලැබෙන කාරණය නම්,  බොහොමයක් අපේක්ශකයන් තරග කරනු ලබන්නේ තමන්ගෙ ලාභ ප්‍රයෝජනයන් සදහා පමණක් බවය.

පුවත්

 ‘පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත’   ලබන මාර්තු සිට පූර්ණ වශයෙන් බලගැන්වේ.

ජනක සුරංග පෞද්ගලික දත්ත සැකසීම නියාමනය කිරීම,පෞද්ගලික දත්ත ආරක්ෂා කිරීම,දත්ත දායකයන්ගේ අයිතිවාසිකම් හඳුනාගැනීම සහ ශක්තිමත් කිරීම ආදී අරමුණු රැසක්  ඉලක්ක…

By In
Social

ශ්‍රී ලංකාවේ ආහාර හා ආහාර නොවන නිෂ්පාදන වල අඩංගු නොවිය යුතු ලැයිස්තුව

ශරීරයේ කොතැනක හෝ සිදුවන අසාමාන්‍ය සෛල බෙදීමක් හා ඒවායේ පාලනයකින් තොරව ශරීරය පුරා ව්‍යාප්ත වීමක් පිළිකාවක් ලෙස හැඳින්විය හැකිය. පිළිකා…

By In
Social, පුවත්

දිස්ත්‍රික්ක අටක, වසරකට බරවා රෝගීන් 700ක් – තොරතුරු පනතින් කළ තවත් හෙළිදරව්වක්

මොහොමඩ් ආසික් ජනාකීර්ණ වූ නගරයන්හි  වීදි හරහා හදිස්සියෙන්  එහා මෙහා  යද්දී අපේ  නෙතට ගැටී නොගැටී  යන දෑත් දෙපා ඉදිමුණු  පිරිමින් මෙන්ම…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *