Social, පුවත්

ජාතික පාසල් මිත්‍යාව සහ ගුරු පුරප්පාඩු

By In
  • මහේන්ද්‍ර  රන්දෙණිය

මේ වන විට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ  කමිටු  සඳහා වසර  තුනක් තිස්සේ කෝටි ගණනින් මුදලක්  වියදම කළත් ඉන් කිසිදු  ප්‍රයෝජනයක් නොමැති බව   ජනමාධ්‍ය මගින් වරින් වර හෙළි කර තිබිණි . මීට අමතරව ජාතික පාසල් බිහි කිරීම සඳහා සෑම මැතිවරණ කොට්ඨාසයක ම පාසල් තුන බැගින් තෝරා ගෙන ඒවායේ ගේට්ටුවට  සහ නාම පුවරු සඳහා  ලක්ෂ 20 බැගින්  කෝටි ගණනක මුදලක් වැය කර උත්සවාකාරයෙන් විවෘත කළ නමුත් ඉන් රටේ පාසල් පද්ධතියට අත් වු සෙතක් නැත.

ලක්ෂ ගණන් මුදල් වැය කොට ගමේ පාසලට වරහන් තුළ ( ජාතික ) යන නාමයේ   යොදා ඇත.  ලංකාවේ ජාතික පාසල් ඇත්තේ 374 වන අතර  එම ලයිස්තුවට මහනුවර දිස්ත්‍රික්කයේ කිසිදු පාසලක් අලුතින්  එක්කර නැත.  මේ පාසල්වල ගේට්ටු හා නාම පුවරුව එකම ආකාරයෙන් තිබිය යුතු යැයි පවසා එවා තෝරාගත් පුද්ගලයන් කිහිප දෙනෙකුට  ඉදිකිරිමේ කටයුතු බාරදිම  පසු පස අතයට ගනුදෙනුවක් ඇති බවට ඇතැම්හු චෝදනා කරති. රජයක්  තමන් ගන්නා තීන්දු තීරණවලට වගකීමක් වගවීමක් නැත්නම් ඒ තීන්දු තීරණ ගැනීමෙන් වැළකී සිටිය යුතුය. මේ නිස්කාරණය වැය කළ මුදල්වලින් දරුවන්ට   පරිගණකයක් සුහුරැ පන්ති කාමරයක් හෝ පාසල් දරුවන් ඩෙස්, පුටු  ප්‍රමාණවත් පරිදි වැසිකිළි   පහසුකම් ලබා දුන්නා නම් එය  වඩාත් අගනේය.

අධ්‍යාපනය ලබන දරුවන්ට වඩා වැදගත් වන්නේ තමා ඉගෙන ගන්නා පාසල ජාතික පාසලක් ද    කලාප පාසලක් ද යන්නට වඩා දක්ෂ විදුහල්පතිවරයකු හා විෂය නිර්දේශය නිවැරදිව උගන්වන ගුරු මණ්ඩලයත් තමන් කැමති විෂයන් තොරාගැනීමට ඇති හැකියාව  ක්‍රීඩා හා විෂය සමගාමී දක්ෂතා ඔප් නැංවිය හැකි  පාසලකි. මන්ද අවසානයේ ඔහුගේ ඉරණම තීරණය වන්නේ අපොස උසස් පෙළ අපොස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මත මිස පාසල  ජාතික ද පලාත් ද  යන බෝඩ් ලෑල්ල මත නොවන බව බලධාරීන් වටහා ගත යුතුය.

 මහනුවර නගරයේ    පාසල් බොහොමයක අපොස සාමාන්‍ය පෙළට පෙනී සිටින දරුවන්ට  ප්‍රයෝගික   කොටස්    උගන්වා නැත.  නමුත් එම ගුරුවරුන්  පාසල්වල  ඉගැන්වීමට නොහැකි වූ බොහෝ දේ ඇතැම් ගුරුවරු තම පංතියේම දරැවන්ට පෞද්ගලික ආයතනවල හා නිවෙස්වල  මුදලට උගන්වා අවසන්ය. වැටුප,  ඇඳුම, ප්‍රශ්න පත්තර බැලීමට දෙන මුදල ගැන උද්ඝෝෂණ වැඩ වර්ජන මෙහෙයවා දරුවාගේ ගෙළ සිර කරන ගුරු වෘත්තී සමිති නායකයන් තමන්ගේ පැත්තෙන්  ඉටුකළ යුතු යුතුකම් සහ වගකිම් සොයා නොබලයි.  මේ නිසා  තම පංතියේ හා පාසලේ සමගාමී පංතිවල දරුවන්ට පෞද්ගලික පන්ති කිරීම පවා ගුරුවරුන්ට තහනම් කිරීමට මධ්‍යම පලාත් ආණ්ඩුකාරතුමාට සිදුවිය. 

තොරතුරු දැනගැනීමේ පනත අසුරෙන් දෙනුවර අධ්‍යාපන කලාපයන් මා ලබාගත් තොරතුරුවලින් පෙනී ගියේ දෙනුවර කලාපයේ පාසල් 87 තිබෙන  බවයි .මේ පාසල් සියල්ලට ම විදුහල්පතිවරුන්  සිටින්නේ 59 කි. එසේම නියෝජ්‍ය විදුහල්පතිවරුන් සිටින්නේ 25කි. විදුහල්පතිවරැ නොමැති පාසල ගණන 24කි. එම අඩුපාඩු ඉහළට දැන්වීම කලාප කාර්යාලය වග කීමක් වන අතර එවා  ක්‍රියාත්මක කිරීම රජයේ වගකීමකි.

  දෙනුවර කලාපයේ ගණිතය, ඉංග්‍රීසි, විද්‍යාව  යන විෂයන්  ඉගැන්වීම  සඳහා ප්‍රමාණවත් ගුරැවරැ  නොමැති පාසල් සංඛ්‍යාව 30කි .

මේ පාසල් අතරින් ගණිත ගුරුවරුන් හිඟ පාසල් ලෙස  දොඩම්වල ම.වි, මැද්දුම බණ්ඩාර ක.වි,.තිස්මඩ ක.වි,  ජිනරතන ක.වි, ලංකාතිලක ම.වි, හෑපාන ශ්‍රී සාරානන්ද ම.වි, අඹන්වල ක.වි,  ශ්‍රී ධීරානන්ද ම.වි. උඩඅළුදෙණිය ම .ම.වි, විජය ලංකා ක.වී, ඊරියගම ශ්‍රී පුෂ්පද්‍රන ම. වි . හා ගෝනාධික  සිංහල දෙමළ.ම.වි, වෙලම්බඩ  මුස්ලිම් විද්‍යාලය,  කරැකුත්තල මුස්ලිම් .ම.වි, යහලතැන්න මුස්ලිම් විද්‍යාලය , ජමාලියා ම.වි, ඉලුක්වත්ත මුස්ලිම්  විද්‍යාලය  දක්වා ඇත.

  විද්‍යාව ගුරුවරු හිඟ පාසල් ලෙස මැණික්දිවෙල ම. වි,  අස්සිරාජ් මුස්ලිම් වි. වෙලම්බොඩ මුස්ලිම්  විද්‍යාලය අයත් වේ.

ඉංග්‍රීසි විෂය  සඳහා  ගුරැවරැන් හිඟ පාසල් ලෙස ශ්‍රී ප්‍රඥාරතන ම.වි, මාලිගාතැන්න ප්‍රාතමිකය, විජය ලංකා ක.වි, ගංහත. සි.සි.ක.වි,  උඩුනුවර ආදර්ශ ප්‍රාතමික ය, වෙම්බබිලිවත්ත  ප්‍රාතමිකය. හා වටදෙනිය අල් අක්ෂා   ,දෙහිගම අල්   ,  ඉල්මා ,හා  අෂ්ෂම්ස්  මුස්ලිම්  විද්‍යාලවල ද ගුරැවරැ හිඟය. 

කලාපයේ පාසල් වර්ගීකරණයේ දී දෙමළ මාධ්‍ය පාසල් 17,ද්වි භාෂා පාසල් (සිංහල ඉංග්‍රීසි  ) 12   තිබේ.උසස් පෙළ විද්‍යාව හදාරන සිසුන් 221 ,වාණිජ විෂය හදාරන සිසුන් 456  හා කලා අංශයෙන් 1120  උසස් පෙළ  තාක්ෂණය සඳහා 351 පෙනී සිටීමට නියමිත ය.   

2020/2021 වසර වල අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන් සංඛ්‍යාව පිළිවෙලින් 2269 හා 2264 කි  මින් 2020 වසරේ  අපොස සාපෙල සමත් ප්‍රතිශතය 76.29% වන අතර 2021 වසරේ සමත් ප්‍රතිශතය75.57%කි එම වසරවල විභාගය අසමත් ප්‍රතිශතය 23.71% හා 24.43%  ලෙස  සඳහන් වන අතර මෙයින් පෙනී යන්නේ විභාගය සමත් වෙන ප්‍රතිශතය  1% කින් අඩු වී ඇති බවයි. එම වසර දෙකේ ගණිතය අසමත් සංඛ්‍යාව 2020/ 728   2021/677 ලෙස ද  විද්‍යාව අසමත් සංඛ්‍යාව 654/536  ඉංග්‍රීසි අසමත් සංඛ්‍යාව   647/511හා සිංහල විෂය  අසමත් සංඛ්‍යාව 207/274   ලෙස  දැක්වේ.

2021 උසස් පෙළට සිසුන් 831 ඉදිරිපත් වූ අතර ඉන් 476 සමත් වී ඇත.2021 උසස් පෙළ සඳහා සිසුන් 1005 පෙනී සිටි අතර 576  සමත්ය. සමත් ප්‍රතිශතය  2020 වසර 57.28% 2031 වසරේ සමත් ප්‍රතිශතය 57.31කි.

උසස් පෙළ හැදෑරීමට ඇති පාසල් සංඛ්‍යාව 31 වන අතර ඉන් ගණිත විද්‍යා අංශය ඇති පාසල් ගණන 08කි. කෘෂිකර්මය විෂයක් වශයෙන් උගන්වන පාසල් යන 42 වන අතර තාක්ෂණය විෂය  උගන්වන සංඛ්‍යාව පාසල් 27කි. ඒ සඳහා සිටින ඒ ගුරුවරු සංඛ්‍යාව  41 කි. ජනමාධ්‍ය  විෂ්‍යයක් වශයෙන්  උගන්වන පාසල්  සංඛ්‍යාව 08 කි. ඒ  සඳහා සිටින ගුරුවරුන් සංඛ්‍යාව 11 කි.

කලාපයේ සමස්ත ගුරුවරුන් සංඛ්‍යාව 1728 ලෙස සඳහන් වන අතර  ඒ තුළ පුහුණු ගුරුවරු 522ක්,  උපාධිධාරී ගුරැවරැ  1345 ක් සිටින අතර අනධ්‍යන සංඛ්‍යාව සේවකයන් 23කි. ලිපිකරුවන් 35  මුර කරැවන් 35 සේවයේ යෙදී සිටින  බව වාර්තාවේ.  ගුරුවරුන්ගෙන් 47 ක් මෙම වසරේ  (2023) විශ්‍රාම යෑමට නියමිත අතර දැනටම හිඟ ගුරුවරු 30 සමග මෙම වසර අවසන් වන විට  ගුරැ හිඟය 77 දක්වා ඉහළ යනු ඇත.   මීට අමතරව  තවත් ගුරුවර 79 දෙනකු ලබන වසරේ (2024) විශ්‍රාම යෑමට  නියමිත අතර  එම අඩුව  පිරවීමට අවශ්‍ය ගුරුවරුන් පාසල් වෙත ලබා නොදුනහොත් අධ්‍යාපනය විශාල පසුබෑමකට ලක්වේ. මේ ගුරු හිඟය පියවීමට පළාත් කාර්යාලය ගන්නා  පියවර ලෙස සඳහන් වන්නේ කලාප, පළාත් ස්ථාන මාරු වලින් පැමිණෙන ගුරුවරුන්ගෙන් මෙම පාඩුව පියවා ගැනීමට බලාපොරොත්තු වන බවයි.

දෙනුවර කලාපයේ අධ්‍යාපනය නගා සිටවීම සඳහා පළාත් අධ්‍යාපන කාර්යාලයේ  අධ්‍යක්ෂවරුන් 12 දෙනකු ලිපි කරුවන් 35 හා  එක් සනීපාරක්ෂක කම්කරුවකු සිටින අතර  ඔවුන්ගේ මාසික  වැටුප් වශයෙන් ජුනි මස රුපියල් 49 04 242.33 වැය කර  තිබූ අතර ගුරුවරුන්ගේ වැටුප් සඳහා රුපියල් 160844849.86 මුදලක් වැය වන බව සඳහන් කර තිබිනි.

 දරුවන්ගේ ක්‍රීඩා කුසලතාවන්  ඔප්නැංවීම සඳහා මලල ක්‍රීඩා, වොලිබෝල්,  නෙට් බෝල් , එල්ලේ,   ක්‍රිිකට් ,පාපන්දු ,බොක්සිං,රෙස්ලින්,ජුඩෝ, කබඩඩි,ත්‍රෝබෝල් ,බැට්මින්ටන් කරාතේ හොකි,ඇරබික්, ජිම්නාස්ටික්  ක්‍රීඩා පාසල්  පද්ධතිය තුළ ක්‍රියාත්මක වේ  කලාපයේ පාසල් දෙකකට ක්‍රීඩා පිටි නොමැති අතර එම පාසල්වල බොක්සිං   හා කරාතේ ක්‍රීඩාව  ක්‍රියාත්මක වේ.

විවිධ ක්‍රීඩා ඉසව්වලින්  කලාප මට්ටමේ තරග ජයග්‍රහණය කළ පාසල් සංඛ්‍යාව 28 ක් වන අතර පලාත් තරග ජයග්‍රහණය කළ  පාසල් සංඛ්‍යාව අටකි. පළාත් තරග ජයග්‍රහණය කළ පාසල් ලෙස පිළිමතලාව  මහා විද්‍යාලය, ඩී බී විජේතුංග ජාතික පාසල,ගන්නෝරුව කණිෂ්ඨ විද්‍යාලය, ශ්‍රී ධීරානන්ද මහා විද්‍යාලය ,කඩුගන්නාව ජාතික පාසල, දෙනු ප්‍රඥාරතන මහා විද්‍යාලය හන්දෙස්ස මහා විද්‍යාලය  සිටින අතර

 ජාතික තලයේ ජයග්‍රහණ ලද පාසල් සංඛ්‍යාව 4කි.  පිළිමතලාව මහ විද්‍යාලව   ශ්‍රී ධීරානන්ද මහා විද්‍යාලය, දන්තුරේ  මහා විද්‍යාලය, කඩුගන්නාව ජාතික පාසල මැණික්දිවෙල මධ්‍ය මහා විද්‍යාලය,කිරිබත්කුඹුර  ස්වර්ණ ජෝති ජාතික පාසල ලංකාතිලක මහා විද්‍යාලය සඳහන් කළ හැකි අතර ජාත්‍යන්තර තරග සඳහා සහභාගි වූ පාසල් ලෙස ශ්‍රී ධීරානන්ද   මහා විද්‍යාලය හා ස්වර්ණජෝති  ජාතික පාසල  දක්වා ඇත. ක්‍රීඩා සඳහා ප්‍රමාණවත් නොමැති තිබූ විශාල අඩුවකි. කලාප විභාගය අසමත් යන දරුවන්ගේ අභිවෘද්ධිය සඳහා වෘත්තිය යතුර පරීක්ෂණය පවත්වා තුළින් ඔවුන්ගේ කුසලතා හඳුනාගෙන  වෘත්තීය මධ්‍යස්ථාන පිළිබඳව ඔවුන් දැනුවත් කරන බව සඳහන් කර තිබිණි.

කලාපයේ ගුරු ගැටලු පිළිබඳ මධ්‍යම පළාත් ආණ්ඩුකාරතුමා ගෙන්  මා විමසූ විට  පැවසුවේ මධ්‍යම පළාත් තුළ ගුරුවරුන් 4000 ක් හිඟ අතර  ඒ සඳහා විද්‍යාපීඨ ගුරුවරුන් 1025 බඳවා ගත් බවත්. ඉදිරියේදී අවශ්‍ය ගුරුවරුන් බඳවා ගැනීමට කටයුතු කරන බවයි.

පුවත්

 ‘පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත’   ලබන මාර්තු සිට පූර්ණ වශයෙන් බලගැන්වේ.

ජනක සුරංග පෞද්ගලික දත්ත සැකසීම නියාමනය කිරීම,පෞද්ගලික දත්ත ආරක්ෂා කිරීම,දත්ත දායකයන්ගේ අයිතිවාසිකම් හඳුනාගැනීම සහ ශක්තිමත් කිරීම ආදී අරමුණු රැසක්  ඉලක්ක…

By In
Social

ශ්‍රී ලංකාවේ ආහාර හා ආහාර නොවන නිෂ්පාදන වල අඩංගු නොවිය යුතු ලැයිස්තුව

ශරීරයේ කොතැනක හෝ සිදුවන අසාමාන්‍ය සෛල බෙදීමක් හා ඒවායේ පාලනයකින් තොරව ශරීරය පුරා ව්‍යාප්ත වීමක් පිළිකාවක් ලෙස හැඳින්විය හැකිය. පිළිකා…

By In
Social, පුවත්

දිස්ත්‍රික්ක අටක, වසරකට බරවා රෝගීන් 700ක් – තොරතුරු පනතින් කළ තවත් හෙළිදරව්වක්

මොහොමඩ් ආසික් ජනාකීර්ණ වූ නගරයන්හි  වීදි හරහා හදිස්සියෙන්  එහා මෙහා  යද්දී අපේ  නෙතට ගැටී නොගැටී  යන දෑත් දෙපා ඉදිමුණු  පිරිමින් මෙන්ම…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *