Social, පුවත්

කුච්චවේලියේ ඉඩම් කොල්ලයේ අච්චු කළයුතු අය නිදැල්ලේ

By In
  • ලක්මාල් කේ. බදුගේ

ඉඩම් යනු මිනිසාගේ ජීවිතය හා බද්දව පවතින්නකි. යුද්දයෙන් පසුව ත්‍රිකුණාමලය තුළ සිදුවන මහා ඉඩම් කොල්ලය යුද්දයෙන් බැටකමින් ඒහි ජීවත්වු පාරම්පරික උරුමකරුවන් බොහෝමයකගේ ජීවිත වලට  ඒල්ල කළ බලපැම සුළුපටු නොවේ . මෙම තත්වය සැළසුම් සහගතව රාජ්‍ය නිලධාරින් ගේ සහයද ඇතිව ක්‍රියාත්මක වුවක් බව පෙනෙන්නේ නීතිය නිසිලෙස ක්‍රියාත්මක නොවීමෙනි. 

පාරම්පරික ඉඩම් හිමිකරුවන්ගේ ඉඩම් සඳහා බලපත්‍ර තිබියදී ඒවාට ව්‍යාජ බලපත්‍ර සකස් කර තිබිම, ඔවුන්ගේ ඉඩම් වෙනත් පාර්ශව විසින් අල්ලා ගැනීම හා රජයේ ඉඩම් සඳහා බලපත්‍ර සකස් කර ඒවා අල්ලා ගැනීම ද ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ සුලබව දැකිය හැකිය. කුච්චවේලි, නගර හා කඩවත් හා මූතුර් යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ තුල මෙවන් ගැටලු බොහෝමයක් පවතී. ඔවුන්ගේ ඉඩම් වෙනත් පාර්ශව විසින් ව්‍යාජ බලපත්‍ර යොදා ගනිමින් අත්පත් කරගෙන ඇති අතර ප්‍රදේශයේ ඉහළ රාජ්‍ය නිළධාරීන් ද මෙම තත්වය තුල මුනිවත රැකීම කණගාටුවට කරුණකි.

යුද්දයට මුහුණ පා අතැර ගිය සිය ඉඩම් යලි ලබා ගැනීමට පැමිණි පිරිස් මෙම ඛේදජනක ඉරණමට මුහුණ පා සිටින අයවලුන් වෙති. අතුල ජෙයන්දනි එවන් ඉරණමකට මුහුණා පා සිටින දරුවන් තිදෙනෙකුගේ මවකි. ඇයට හිමි අක්කරයක ඉඩමට මඩකලපුව ප්‍රදේශයේ හිමිකාරයකු සිටින්නේ යැයි පවසා කුච්චවේලියේ හිටපු ප්‍රාදේශීය ලේකම්වරයා නැවත පදිංචි කිරිමේ දී ලබාදෙන ආධාර කිසිවක් ඇයට නොදෙන ලෙස ග්‍රාම නිලධාරිවරයාට දන්වා තිබුණි. ඒ අනුව ඇයට හිමිවිය යුතු ආධාර කිසිවක් නොලැබීණ . නමුත් ඇගේ ඉඩමට කිසිදු හිමිකරුවකු ඉදිරිපත් වුයේද නැත.

පාරම්පරික බලපත්‍රධාරි ජනයා සිටිය දී පවා ඉඩම් අල්ලා ගැනීම ගිහි පැවිදි දෙපාර්ශවය විසින්ම සිදුකර ඇති බවට චෝදනා එල්ලවේ. කුච්චවේලි සලෙපයාරු ප්‍රදේශයේ බලපත්‍ර සහිත අක්කර දෙකක ඉඩමක් සිය විහාරස්ථානයට අයත් වනසේ අල්ලා ගනිමින් එය පුජා භූමියක් ලෙස නම්කර එකී ඉඩමෙන් අක්කරයක කොටසකට නව බලපත්‍රයක් පවා සකසා ගැනීමට යුද්දයෙන් පසු එම ප්‍රදේශයට පැමිණි හිමිනමක් කටයුතු කර ඇතැයි චෝදනා කරනුයේ අතීතයේ බලපත්‍රයක් සිය ඉඩමට නිකුත් කර තිබු බව පවසන   ඉඩම් හිමිකරු වන කේ. බී. ආනන්ද මහතාය.සිය ඉඩමට නව බල පත්‍රයක් සකස් කර ඇත්තේ කෙසේදැයි ඔහු ප්‍රශ්ණ කරනුයේ රාජ්‍ය නිලධාරින් පවා නිරුත්තර කරමිනි.

යුද්දයට මුහුණ දෙමින් දිගු කාලයක් පුරාවට ජීවත්වු මිනිසුන්ගේ ඉඩම් පවා එසේ අහිමිව යද්දි කුච්චවේලි සංචාරක කලාපය තුල දිගු කාලීන බදු පදනම මත ඉල්ලා සිය පුද්ගලික මුදලින් මැණුම් කටයුතු කර විශාල මුදලක් වැයකොට සංවර්ධනය කල තවත් අක්කරයක ඉඩමක් අනුරාධපුර ප්‍රදේශයේ සිට පැමිණි භික්ෂුවක විසින් අල්ලා ගෙන ඇතැයි මහේෂ් කුමාර ලියනගේ පවසයි. තමන් විසින් සංවර්ධනය කල ඉඩම බදු ක්‍රමය යටතේ පවරා ගැනීමේ ඉදිරි ක්‍රියාවලිය සිදුවෙමින් පවතින මොහොතේ කොරෝනා වසංගතයට මුවාවී භික්ෂුවක විසින් අත්පත් කර ගැනීම හා ඊට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරින් පවා සහය දී තිබිම තුල කුච්චවේලියේ ඉඩම් අතයට ගණු දෙණු මත විකිණෙන්නක් නොවේදැයි හෙතෙම ප්‍රශ්ණ කරයි.

ඉඩම් සම්බන්ධ ක්‍රියාවලිය විනිවිදභාවයකින් තොර එකක් බව පැහැදිලව පෙනී යද්දි ගෝමරන්කඩවල හා කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයන් හි සීමාවන් පිළිබඳව පැන නැගුණු ගැටලුව විසදීම සඳහා පලාත් ඉඩම් කොමසාරිස්වරයා ගේ ප්‍රධානත්වයෙන් 2022 වසරේ පත්කල කමිටුවට අණාවරණය වුයේ ව්‍යාජ බලපත්‍ර සකසා මෙම ප්‍රදේශයේ ඉඩම් අත්පත් කර ගැනීමක් සිදුව තිබෙන බවය. 

තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ලබාගත් එකී විමර්ශණ වාර්ථාවේ තොරතුරු තුළ සඳහන් වන්නේ කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ අක්කර 20 ක් සඳහා නිකුත් කර ඇති බලපත්‍ර හයක සත්‍යතාව තහවුරු කරගත නොහැකි බවයි. ඒ් අනුව 3829 P/L, 4020 P/L, 3389 P/L, 6106 P/L, 5705 P/L, හා 3540 P/L යන බලපත්‍ර අංක හයට අදාලව තොරතුරු පරීක්ෂාවේ දී ඊට අදාල ලියකියවිලි හා භූමිය පරීක්ෂාවේ දී මේවා සත්‍ය ඒ්වා නොවන බවයි. මෙම ඉඩම් වලට අදාල බලපත්‍රවල මුල්පිටපත් නොමැති බවත් කාර්යාල පිටපත වශයෙන් පවතිනුයේ ඡායා පිටපතක් බවත් ඒහි ලෙජර් පිටපත ද කාර්යාලයේ නොමැති බව නිරීක්ෂණය වී ඇතැයි ඒකී වාර්තාවෙහි දැක්වේ. 

එමෙන්ම කන්නුවාප්පු මොහොමඩ් සුබෙයිර් නමින් ඇති 1058 P/L අංක දරණ අක්කර හතරක බලපත්‍රයේ ද කාර්යාල පිටපත ලෙස ඇත්තේ ඡායා පිටපතක් බවත් ඒහි ලෙජර් පිටපත ද කාර්යාලයේ නොමැති බව කමිටු වාර්තාවේ දැක්වේ. එමෙන්ම මෙම බලපත්‍රය සහිත ඉඩම හා ඊට බටහිර මායිම දක්වන ඉඩමට අදාල 1663A P/L දරණ බලපත්‍රය ද 1967 වසරේ දී නිකුත් කල බව සඳහන් වුවත් මෙම බලපත්‍රයන් දෙකෙහිම මායිම් හා මායිම් නම් සඳහන් කිරීම බලපත්‍ර නිකුත් කල දිනයන් හි ගැටලු ඇතුළුව දෝෂ සහගත තැන් පවතින බව පෙනී යන බව කමිටු වාර්තාව වැඩිදුරටත් පවසයි.    

මේ අයුරින් කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය තුළ ව්‍යාජ බලපත්‍ර විශාල ප්‍රමාණයක් ඇති බවට වරින් වර ඉදිරිපත් වන සිදුවීම් වලින් පැහැදිලි වන බැවින් මෙම ව්‍යාජ බලපත්‍ර නිකුත් වීම හා ඊට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව නීත්‍යානුකූලව කටයුතු කරන ලෙසත් ව්‍යාජ ඔප්පුවක් සකසා රජයේ කැළෑවක් එළි පෙහෙලි කිරීම සම්බන්ධව ඊට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට ද කමිටුව නිර්දේශ කර තිබේ.

මෙම ඉඩම් අත්පත් කර ගැනීම් පිළිබඳව පොලිසිය විසින් ඉල්ලා තිබු වාර්තාවකට අදාලව කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කේ. ගුණනාදන් විසින් සහකාර පොලිස් අධිකාරි පුල්මුඩේ වෙත ත්‍රිකුණාමලය දිසාපතිවරයාට පිටපත් ද සහිතව 2023 අප්‍රෙල් 18 දින මගේ අංක DS/KU/LND/LNCLR/3/2023 දරණ ලිපියෙහි දැක්වෙනුයේ තමා විසින් මීරා සයිබු සුලෙයිහා උම්මා යන අයට හා මීරාසයිබු සම්සුදීන් යන අයට ඔවුන්ගේ බලපත්‍රයන්හි වලංගු භාවය මත ඉඩම් එළි පෙහෙලි කර ගැනීමට අවසර දුන් නමුත් ඔවුන් විසින් බලපත්‍රයට අදාල අක්කර හතර බැගින් වු ඉඩම් ප්‍රමාණයට වඩා කැලය කපා අල්ලාගෙන ඇති බවයි. එමෙන්ම ජනුබා යන අයද අක්කර තුනක විශාල ඉඩම් කොටසක් කැලය කපා අනවසරයෙන් අල්ලාගෙන ඇති බවද සඳහන් වේ.

කුච්චවේලි ප්‍රාදේශීය ලේකම්වරයා ද සිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය තුළ අනවසර ඉඩම් අල්ලා ගැනීම් පිළිබඳව එසේ සඳහන් කරන විට පළාත් ඉඩම් කොමසාරිස්වරයා ගේ ප්‍රධානත්වයෙන් පත්කල කමිටුව ද සඳහන් කරනුයේ කුච්චවේලියේ පිහිටි රජයේ ඉඩම් අනවසරයෙන් අල්ලා ගැනීමක් සිදුව ඇති බවය. නමුත් මෙකී නීතිවිරෝධි ක්‍රියාවන් වැළැක්වීමට වැට බැඳීමක් හෝ ඊට සහය දුන් අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීමක් හෝ නොදකින්නේය.

පුවත්

මාතර මහරෝහලේ සායනික අපද්‍රව්‍ය රක්ෂිතයකට මුදාහැරලා! තොරතුරු විමසීමට දුන් පිළිතුරුත් බොරු

– රාහුල් සමන්ත හෙට්ටිආරච්චි සායනික අපද්‍රව්‍ය බැහැර කිරීම ලොව පුරා දැඩි සැලකිල්ලකින් යුතුව සිදු කෙරෙන කාර්යයකි. මිලියන 22ක පුරවැසියන්ගේ අවශ්‍යතා…

By In
පුවත්

පේරාදෙණියේ නවකවදය වැළැක්වීමට පරිපාලනය ගෙන ඇති පියවර මොනවාද?

– ධනුෂ්ක සිල්වා අධ්‍යාපන ආයතනවල නවකවදය සහ වෙනත් ආකාරයේ ප්‍රචණ්ඩත්වය දිගු කලක් තිස්සේ ගෝලීය වශයෙන් හෙළා දැක තිබේ. එමගින් වින්දිතයින්ට…

By In
පුවත්

දුම්රිය හරස් මාර්ගවලින් 439ක්ම මරු කපොලු!

– ජනක සුරංග මෑත ඉතිහාසයේදී ශ්‍රී ලංකාවේ දුම්රිය හරස් මාර්ගවලදී සිදුවන අනතුරු ප්‍රමාණය අනුව ඒ පිළිබඳ වැඩිපුර අවධානයක් දැක්විය යුතු…

By In
පුවත්

හිටපු ජනාධිපතිවරුන් භුක්ති විඳින වරප්‍රසාද මොනවාද? 

කේ. ප්‍රසන්නා හිටපු ජනාධිපතිවරුන්ට ලබාදී ඇති වරප්‍රසාද සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයන් දිගින් දිගටම පැවති අතර, එම වරප්‍රසාද කප්පාදු කිරීම පිළිබඳව මැතිවරණ…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *