Uncategorized

තොරතුරු දැනගැනීමේ පනත යටතේ මහජන නියෝජිතයන්ගේ වත්කම් බැරකම් ඉල්ලා සිටිය හැකි ද​?

By In

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් තොරතුරු දැනගැනීමේ පනත සහ එහි භාවිතයන් පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහාත් තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳ මහජනතාව සතු දැනුම සහ අවබෝධය අභ්‍යාස කරවීම සඳහාත් යන අරමුණු පෙරදැරි කොටගෙන සමාජ මාධ්‍ය ජාල පාදකව මාසිකව මහජන මත විමසීමක් සිදු කරනු ලබයි.  එහි මෙවර තේමාව වූයේ ‘තොරතුරු දැනගැනීමේ පනත යටතේ මහජන නියෝජිතයන්ගේ වත්කම් බැරකම් ඉල්ලා සිටිය හැකි ද​? ‘ යන්නයි. මේ සඳහා සිය මතය පළ කරන ලද සමාජ මාධ්‍ය පරිශීලකයින් ගෙන් 91% දෙනෙකු තොරතුරු දැනගැනීමේ පනත ඔස්සේ අදාළ තොරතුරු ඉල්ලා සිටිය හැකි බවත්, 9% දෙනෙකු එසේ ලබාගත නොහැකි බවටත් සිය මතය පළ කර තිබිණි. 

සැබැවින් ම එම තොරතුරු, තොරතුරු දැනගැනීමේ පනත ඔස්සේ ලබාගත හැකි ද​? 

1975 අංක 1 දරන වත්කම් බැරකම් ප්‍රකාශ කිරීමේ පනත (1998 සංශෝධිත​) මගින් රාජ්‍ය නිලධාරීන් සහ මහජන නියෝජිතයින් ගේ වත්කම් බැරකම්  ප්‍රකාශනය පිළිබඳ අවධාරණය කෙරේ. එහි මූලික පරමාර්ථය වන්නේ රාජ්‍ය සේවකයින් සහ මහජන නියෝජිතයින් අල්ලස් ලබාගැනීමෙන් සහ දූෂණ ක්‍රියා වල නිරත වීම සහ අයථා ලෙස ධනය සහ දේපළ රැස් කිරීමට ඇති ඉඩකඩ ඇහිරීම ය​.

මෙම පනතට අනුව​, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කථානායකවරයාට ද​, පාර්ලිමේන්තුවේ  කථනායකවරයා ජනාධිපතිවරයා වෙත ද, කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු ජනාධිපතිවරයා වෙත ද, නගරාධිපතිවරුන් සහ පළාත් පාලන ආයතනවල සභාපතිවරුන් පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ද​, පළාත් පාලන ආයතන සඳහා තෝරා පත්කරගන්නා ලද සාමාජිකයින් පළාත් පාලන කොමසාරිස්වරයා වෙත ද, මැතිවරණ අපේක්‍ෂකයින් විසින් මැතිවරණ කොමසාරිස්වරයා වෙත ද සිය වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදිය යුතු ය​.  

මෙහි දී අදාළ රාජ්‍ය නිළධාරීන් / මහජන නියෝජිතයින්, ඔවුන් ගේ කාලාත්‍රයා සහ ඔවුන් ගෙන් යැපෙන දරුවන් ගේ 

  • රැකියාවක නියුතු වන්නේ නම් ඔහු / ඇයගේ වැටුප හා මාසික දීමනා පිළිබඳ විස්තර​ (කාලාත්‍රයා  පමණි) 
  • ඉහත සඳහන් අයවලුන් වෙනුවෙන් වෙනත් අයෙකු විසින් භාරකාරත්වය දරනු ලබන දේපළ , එහි ප්‍රමාණය සහ පිහිටීම​,එය අත් කරගත් දිනය සහ ඒ සඳහා දරන ලද වියදම පිළිබඳ විස්තර​
  • තැපැල් කාර්‍යාලීය ඉතිරිකිරීමේ බැංකුව සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුව ඇතුළු ශ්‍රී ලංකාවේ හෝ විදේශයක යම් බැංකුවක ගිණුම් (ජංගම ගිණුම්, ඉතිරි කිරීමේ ගිණුම්, ස්ථාවර ගිණුම් යනාදිය) පිළිබඳ විස්තර​
  • ඉතිරි කිරීමේ සහතික පත්‍රවල හෝ අයබදු සංචිත සහතිකවල හෝ ආණ්ඩුවේ සුරැකුම්පත්වල ආයෝජනය කර ඇති මුදල් පිළිබඳ විස්තර​
  • ණයට දී ඇති සහ ණයට ගෙන ඇති මුදල් පිළිබඳ විස්තර​
  • සන්තකයේ ඇති ස්කන්ධ, කොටස් හෝ ඍණ පත්‍ර පිළිබඳ විස්තර​
  • ව්‍යාපාරවල ආයෝජනය කර ඇති මුදල්පිළිබඳ විස්තර​
  • විදේශයන්හි ඇති වත්කම්, වත්කම් පවත්නා රටේ නම, ඒ ඒ වත්කම් වල ස්වභාවය, ඒවාහි වටිනාකම සහ ඒ ආයෝජනය කළ දිනය පිළිබඳ විස්තර​
  • බැංකු සුරක්‍ෂිතාගාර පිළිබඳ විස්තර​
  • රන් හෝ රිදී ආභරණ සහ කැපූ / නොකැපූ මැණික් ගල් පිළිබඳ විස්තර​
  • ඉහත සඳහන් අයවලුන්ට අයත් මෝටර් වාහන, මෝටර් බෝට්ටු  හෝ වෙනත් බලවේග වාහන පිළිබඳ විස්තර
  • ඉහත සඳහන් අයවලුන්ට අයත් සියලුම ආකාරයේ නිශ්චල දේපළ පිළිබඳ විස්තර 

වත්කම් බැරකම් ප්‍රකාශනයෙහි සඳහන් කර අදාළ නිලධරයා වෙත පත්වීමෙන් පසු මාස තුනක් ඇතුළතත්  ඉන් පසුව වාර්ෂිකවත් ලබා දිය යුතු ය​. 

මෙසේ ලබාදෙනු ලබන වත්කම් සහ බැරකම් ප්‍රකාශ වල කුමන හෝ ආකාරයක නොගැළපීමක් හෝ සැකකටයුතු යමක් පවතින්නේ නම්, පනත ප්‍රකාරව ඒ පිළිබඳ විමර්ශනය කිරීමේ බලතල හිමි වන්නේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට වන අතර ඔවුන් හට එවැනි විමර්ශනයක් සිදු කළ හැක්කේ අදාළ වත්කම් සහ බැරකම් ප්‍රකාශ වල කිසියම් දෝෂයක් වෙතැයි කුමන හෝ පාර්ශවයක් විසින් පැමිණිල්ලක් කරන ලද විටෙක පමණකි.   

එසේ පැමිණිලි කිරීම සඳහා එහෙයින් එම වත්කම් හා බැරකම් ප්‍රකාශන ප්‍රසිද්ධියට පත් කළ යුතු ය​.රාජ්‍ය නිලධාරීන් සහ මහජන නියෝජිතයින් සන්තක වත්කම් පිළිබඳ මහජනතාව දැනුවත් වනුයේ එවිට ය​.  එම වත්කම් බැරකම් ප්‍රකාශ පරිශීලනය කිරීම සඳහා අවස්ථා දෙකක් මහජනතාව වෙත ලබා දී ඇත​​. ඒ 

  • 1975 අංක 1 දරන වත්කම් බැරකම් ප්‍රකාශ කිරීමේ පනත සහ 
  • 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ පනත 

හරහා ය​. මින් වත්කම් බැරකම් ප්‍රකාශ කිරීමේ පනත මගින් අදාළ පුද්ගලයාට අදාළ වත්කම් බැරකම් ප්‍රකාශ පරිශීලනය කිරීම සිදුකළ හැකි මුත් එය ප්‍රසිද්ධියට පත් කිරීමට හෝ ප්‍රකාශනය කිරීමට හැකියාවක් ලබා නොදේ. එහෙත් තොරතුරු දැනගැනීමේ පනත භාවිතයෙන් වත්කම් බැරකම් ප්‍රකාශ අන්වේෂණය කරගන්නා විට එකී සීමාවන් අදාළ නොවේ. එහෙයින් වර්තමානයේ පවත්නා හොඳ ම සහ ඵලදායී ම මෙවලම වන්නේ තොරතුරු දැනගැනීමේ පනතයි.

Uncategorized

‘මව්බිම’ සහ ‘සිලෝන් ටුඩේ’ මාධ්‍යවේදීන් සඳහා තොරතුරු පනත පිළිබඳ වැඩමුළුවක්

තොරතුරු දැනගැනීමේ පනත සහ එහි ජනමාධ්‍යවේදීමය භාවිතාව පිළිබඳ ජනමාධ්‍යවේදීන් ගේ දැනුම වැඩිදියුණු කිරීමේ අරමුණ සහිතව ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින්…

By In
Uncategorized

තොරතුරු පනතට වසර 5යි

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක භාවයට පත්වී  අදට වසර 5ක් සපිරෙයි.2016 අගෝස්තු මස 04 වන දින,…

By In
Uncategorized

කොවිඩ් එන්නත සහ රට​ ගමන්

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ජනතාව සෞඛ්‍යමය වශයෙන් පමණක් නොව ආර්ථික වශයෙන් ද පීඩාවට පත්ව තිබෙනු දැකගත හැක​. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ අත්‍යාවශ්‍ය…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *