පුවත්

තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ මාධ්‍යවේදී සංසදය

By In

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් සංවිධානය කරන ලද තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ මාධ්‍යවේදී සංසදය දසවැනි වරටත් 2020 ජනවාරි 21 වන දින පෙ.ව. 10.30 ට සාර්ථකව පැවැත්විණි. තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ උනන්දුවක් දක්වන මාධ්‍යවේදීන් සහ ගවේෂණාත්මක පුවත්පත් කලාවේ යෙදෙන අය මෙම අවස්ථාවට සහභාගී වූහ. තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම භාවිතා කිරීම පිළිබඳ ඔවුන්ගේ අත්දැකීම් සහ එසේ කිරීමේදී ඔවුන් මුහුණ දෙන අභියෝග හා ගැටලු පිළිබඳව මාධ්‍යවේදීන් සාකච්ඡා කළහ. තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම ශ්‍රී ලංකාවේ වසර දෙකක කාලයක් සම්පූර්ණ කිරීම සහ එහි තුන්වන වසරට පිවිසීම, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම සමඟ ආරම්භයේ සිටම ඔවුන් කළ ක්‍රියාකාරකම් පිළිබඳව මෙහිදී  වෙඩිදුරටත්  සාකච්ඡා කෙරිණි.

පුවත්

මැතිවරණ නීති උල්ලංඝනය කළ ඇතැම් රාජ්‍ය නිලධාරීන්ට දණ්ඩමුක්තිය?

  ශ්‍රී ලංකාව දිගු ඉතිහාසයක් සහිත ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායකට උරුමකම් කියන රටකි. නිදහස් හා සාධාරණ මැතිවරණ යනු, ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක මූලික පදනමයි….

By In
පුවත්

ජනමාධ්‍ය නිදහස සම්බන්ධයෙන් දකුණු ආසියාව  තවදුරටත් ගෝලීය “රතු කලාපයක්”

මේ වසරේ ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය (WorldPressFreedomDay2026 ) අද (මැයි 03 දා) ට යෙදී තිබේ. “සාමය පිරුණු අනාගතයක් උදෙසා” තේමාව යටතේ…

By In
පුවත්

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය ” ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය” සමරයි

ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය සැමරිම – 2026 මැයි 03 වෙනි දිනට යෙදී තිබූ “ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය” සෑමරීම වෙනුවෙන් සංවිධානය…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *