Learn About - Sri Lanka Rights to Information Act

RTI මාධ්‍යවේදීන්ගේ සංසදය – 2023 පෙබරවාරි 16

By In

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය (SLPI) විසින් පවත්වන මාසික RTI මාධ්‍යවේදීන්ගේ සංසදය පෙබරවාරි මස 14 වන දින ප.ව. 12 සිට ප.ව 3.30 දක්වා මාධ්‍යවේදීන්ගේ සහභාගීත්වයෙන් SLPI ශ්‍රවණාගාරයේදී පැවැත්වීය. 

මෙම සංසදය 2018 වර්ෂයේ සිට මාසිකව පවත්වනු ලැබේ. තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනතේ වත්මන් තත්ත්වය, පනත භාවිතා කිරීමේදී මුහුණදෙන අභියෝග, ඉල්ලීම්වලට පොදු අධිකාරීන් ලබාදුන් ප්‍රතිචාර, ලබාගන්නා තොරතුරු ඵලදායී ලෙස භාවිතා කරන්නේ කෙසේද, ඒ හරහා ජනතාවට සේවයක් කළ හැකි ආකාරය මෙම සංසදයේදී සාකච්ඡාවට ලක්විය. 

2023 සංසදයේ අරම්භයත් සමග මාධ්‍යවේදීන් හඳුනාගැනීමේන් අනතුරුව ඉදිරි සංසදයන් වලදී තම අත්දැකීම් බෙදාගැනීම උදෙසා “Spotlight Journalist” ලෙස ස්ව කැමැත්තෙන් මාධ්‍යවේදීන් කිහිපදෙනෙකු තෝරා ගත්තේය. 

“Spotlight Journalist of the Forum” යනුවෙන් අදහස් කරනුයේ සංසදයේ මාධ්‍යවේදියෙකු විසින් තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත භාවිතයෙන් ලබාගත් තොරතුරු, එම තොරතුරු ලබාගැනීමට ගත් උත්සාහය සහ ඔහු මුහුණ දුන් අභියෝග පිළිබඳව සංසදයේ අනෙකුත් මාධ්‍යවේදීන් සමග බෙදාහදා ගැනීමට අවස්ථාවක් ලබා දීමයි. මෙලෙස තම අත්දැකීම් බෙදාගත් විට එය අනෙකුත් මාධ්‍යවේදීන්ට ප්‍රයෝජනවත් වේ.

ටැමිල්මිරර් පුවත්පතේ මාධ්‍යවේදියෙකු වන නිරෝෂ් කුමාර් පෙබරවාරි මස සංසදයේ “ස්පොට් ලයිට් ජර්නලිස්ට්” වූ අතර ඔහු තම අත්දැකීම් බෙදා ගත්තේය.

ඉන් අනතුරුව, ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ උපදේශිකා අශ්විනි නටේසන් විසින් “තොරතුරු දැනගැනීමේ අයිතිය” සහ “තිරසාර සංවර්ධන ඉලක්ක” යන මැයෙන් සිය ඉදිරිපත් කිරීම සිදු කරන ලදී. 

Learn About - Sri Lanka Rights to Information Act

“තොරතුරු දැනගැනීමේ අයිතිය හරහා අපගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමු”- වව්නියා

වව්නියා දිස්ත්‍රික්කය “තොරතුරු දැනගැනීමේ අයිතිය හරහා අපගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමු” වැඩමුළු මාලාවේ හත්වන පුහුණු වැඩමුළුව මැයි මස 15 දින වව්නියාව…

By In
Learn About - Sri Lanka Rights to Information Act

“තොරතුරු දැනගැනීමේ අයිතිය හරහා අපගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමු” – පසුවිපරම් වැඩමුළු මාලාව

ගාල්ල දිස්ත්‍රික්කය තොරතුරු දැනගැනීමේ අයිතිය හරහා අපගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමු“තොරතුරු දැනගැනීමේ අයිතිය හරහා අපගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමු” දෙවන වැඩමුළු මාලාවේ…

By In
Learn About - Sri Lanka Rights to Information Act

“තොරතුරු දැනගැනීමේ අයිතිය හරහා අපගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමු” – පසුවිපරම් වැඩමුළු මාලාව

පුත්තලම් දිස්ත්‍රික්කය තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම හරහා අපගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමු“තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකමහරහා අපගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමු” දෙවන වැඩමුළු මාලාවේ දෙවන…

By In
Learn About - Sri Lanka Rights to Information Act

RTI මාධ්‍යවේදීන්ගේ සංසදය 03-31-2023

මාර්තු මාසය සඳහා වන RTI මාධ්‍යවේදී සංසදය මාර්තු 31 වැනි දින ශ්‍රී ලංකා පුවත්පත් ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙම සංසදයට මාධ්‍යවේදීන්…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *