වෙඩි තැබීම් 44 ක් විදුලිය වැදීම් 38 ක් හක්ක පටස් කැවීම් 25 ක්
ලෝකය පුරා මිනිසුන් සහ අලි ඇතුන් අතර පවතින සබඳතාවය වසර දහස් ගණනක ඈත අතීතයට දිව යයි. එම තත්වය තුල කාලයක් ගතවීමත් සමඟ ජනගහණයේ සීග්‍ර වැඩි වීමත් ඉඩකඩම් සීමිත විමත් නිසා අලි ඇතුන්ගේ වාස භූමි මිනිස් වාසයට නතු වීම නිසා අලි මිනිස් ගැටුම ක්‍රමානුකූලව ඇති වූ බව පරිසර විද්‍යාඥයින් පෙන්වා දෙති.
අලියා යනු මහා පරිමාණ ශාඛභක්ෂක සතෙකි. සාමාන්‍යයෙන් දිනකට කිලෝග්‍රෑම් 150 ක පමණ ආහාරත් ලීටර් 190 ක පමණ ජලයත් එක් අලියෙකුට අවශ්‍ය වෙයි. මෙතරම් ප්‍රමාණයක ආහාර සහ ජලය සොයා ගැනීම සඳහා අලින් සෑහෙන භූමි ප්‍රමාණයක ඇවිදිය යුතුය. එවන් තත්වයක් තුල ඔවුන්ට හිමි භූමි ප්‍රමාණය සීමාවීම හේතුවෙන් අලි මිනිස් ගැටුම් ලොව පුරා ඇතිව තිබේ. ජාත්‍යන්තර දත්ත පෙන්වා දෙන්නේ ලෝකයේ අලි ඇතුන් දැකිය හැකි රටවල් 50 ක් පවතින බවත් එයින් රටවල් 13 ක් ආසියාවේත් රටවල් 37 ක් අප්‍රිකාවේත් පිහිටා ඇති බවත්ය. වසර කිහිපයකට පෙර ලබා ගත් දත්ත අනුව ලොව පුරා අලි ඇතුන්ගේ සංඛ්‍යාව 35,000 ත් 50,000 ත් අතර වන බවත් හීලෑ අලින් 16,000 ක් පමණ සිටින බවත් එම දත්ත පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාව තුලද පසුගිය වසර ගණනාවක් පුරා අලි මිනිස් ගැටුම හේතුවෙන් සිදු වන අලින්ගේ මරණ මෙන්ම මිනිස් ජීවිත අහිමි වීම්ද විශාල ප්‍රමාණයක් වාර්තා වෙයි. මිනිසුන්ගේ ජීවිත අහිමි වීම් අලි මිනිස් ගැටුම ලෙස සඳහන් කිරීම සුදුසු නොවන බව අපගේ අදහසයි. මිනිසුන් මැරෙන්නේ අලින් සමඟ ගැටමක ට ගොස් නොව අලින්කඩා පැන පහර දීමෙනි.එයට හේතුව මිනිසාම විය හැකි නමුත් ඒ මේ මිය යන පුද්ගලයා නොවිය හැකිය.
2025 ජූලි මාසයේ 30 වනදා දක්වා රට තුල අලි ඇතුන්ගේ පහරදීම් හේතුවෙන් මියගිය මිනිසුන් සහ ඝාතනය කිරීම් අනතුරු ආදිය නිසා මිය ගිය අලි ඇතුන් සම්බන්ධයෙන් 2016 අංක 12 දරණ තොරතුරු දැන ගැනිමේ අයිතිවාසිකම් පනත අනුව කරන ලද විමසා බැලීමකි මේ.

ශ්‍රී ලංකාවේ වනාන්තර ආශ්‍රිතව ජීවත්වන අලි අතුන්ගේ සංඛ්‍යාව සම්බන්ධයෙන් 2024 වසරේදී වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සංගණනයක් සිදු කළද එහි ප්‍රතිපල තවමත් නිකුත් කර නොමැත. මේ වන විට ලබාගත හැකිව ඇත්තේ 2011 වසරේ සිදු කරන ලද සංගණනයේ ප්‍රතිපලයයි. ඒ අනුව ලංකාවේ කලාප හයක අලි ඇතුන් 5,879 දෙනෙකු සිටි බව ලබා දී ඇති තොරතුරුවල සඳහන් වෙයි. මෙම සතුන් අතර දළ ඇතුන් 55 ක්ද ඇතුලත්ව තිබේ. ඒ අනුව මහවැලි කලාපයේ අලින් 1,751 දෙනෙකු සිටි අතර දළ ඇතුන් හයක ඇතුලත් විය. වයඹ පළාතේ අලි ඇතුන් 1,189 ක් වාර්තා වි තිබූ අතර දළ ඇතන් 22 ක් ඒඅතර විය .දකුණු පළාතේ අලින් 1,086 ක් වාර්තා ව තිබූ අතර අලි ඇතුන් 13 ක් ඒ අතර විය. නැගෙනහිර පළාතෙන් අලි ඇතුන් 1,573 ක් වාර්තා වී තිබිණ දළ ඇතුන් නව දෙනෙකුද ඒ අතර විය.
උතුරු පළාතෙන් අලි ඇතුන් 233 ක් වාර්තා වී තිබූ අතර දළ ඇතුන් හතර දෙනෙකුද ඒ අතර විය. මධ්‍යම පළාතෙන් අලි ඇතුන් 47 දෙනෙකු වාර්තා වි තිබූ අතර එක් දළ ඇතෙකුද වාර්තා වී තිබිණ.
තොරතුරු දැන ගැනීමේ පනත අනුව වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙතින් කරන ලද තොරතුරු ඉල්ලීමකට තොරතුරු නිලධාරි රක්ෂිත ප්‍රදේශ කළමණාකරණ අධ්යක්ෂ මංජුල අමරරත්න මහතා විසින් ලබා දී ඇති තොරතුරු අනුව 2025 ජූලි 30 වනදා දක්වා වූ මාස හතක කාලය තුල අලි ඇතුන් 245 දෙනෙකු විවිධ හේතුන් නිසා මිය ගොස් තිබේ. මෙම අලි ඇතුන් 245 දෙනා මිය යාමට හේතුන් වශයෙන් සඳහන් කර ඇත්තේ වෙඩි තැබීම්, විදුලි සැර වැදීම, හක්කපටස්, වස දීම, දුම්රියේ ගැටිම,මහාමාර්ගයේ ගමන් කිරීමේදී සිදු වන අනතුරු, දියේ ගිලිම, වගා ළිං සහ වැසිකිලි වලවල් ආදියට වැටීම, හදිසි අනතුරු ස්වභාවික මරණ . පරපෝෂිත පණු ආසාදන,ක්ෂුද්රජීවින් රුධිරගතවීම ආදිය සඳහන් කර තිබේ.
2025 මාස හතක් තුල අලි ඇතුන් 245 දෙනෙකු විවිධ හේතුන් මත මරණයට පත්ව ඇති තත්වය තුල අලි ඇතුන්ගේ පහර දීම හේතුවෙන් පුද්ගලයින් 77 දෙනෙකු මෙම කාලය තුල මිය ගොස් ඇති බවත් වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ලබා දී ඇති තොරතුරුවල සඳහන් වෙයි.
මෙම කාලය වයඹ වන ජීවි කලාපයෙන් පුද්ගලයින් 06 දෙනෙකු , පොළොන්නරුවෙන් වන ජීවි කලාපයෙන් පුද්ගලයින් 20 දෙනෙකු නැගෙනහිර කලාපයෙන් පුද්ගලයින් 16 දෙනෙකු දකුණු කලාපයෙන් පුද්ගලයින් හතර දෙනෙකු මධ්‍යම කලාපයෙන් එක් පුද්ගලයෙකු ඌව කාලපයෙන් පුද්ගලයින් නව දෙනෙකු අනුරාධපුර කලාපයෙන් පුද්ගලයින් 11 දෙනෙකු වවුනියාව කලාපයෙන් පුද්ගලයින් තිදෙනෙකු ත්රිකාණාමලයෙන් පුද්ගලයින් හය දෙනෙකු සහ පුත්තලමස කලාපයෙන් එක් පුද්ගලයෙකු ඇතුළුව පුද්ගලයින් 77 දෙනෙකු මෙම මාස හත තුල අලි ඇතුන්ගේ පහර දීම හේතුවෙන් මිය ගොස් ඇති බව ලබා දී ඇති තොරතුරුවල සඳහන් වෙයි.
මෙම කාලය තුල නැගෙනහිර කලාපයෙන් අලින් 55 දෙනෙකු, පොළොන්නරුවෙන් අලින් 36 දෙනෙකු දකුණු කලාපයෙන් 16 දෙනෙකු වයඹ කලාපයෙන් 21 දෙනෙකු මධ්‍යම කලාපයෙන් අලින් 13 දෙනෙකු අනුරාධපුර කලාපයෙන් අලින් 44 දෙනෙකු වවුනියාව කලාපයෙන් අලින් 12 දෙනෙකු ත්‍රිකුණාමලය කලාපයෙන් අලින් 16 දෙනෙකු ඌව කලාපයෙන් අලින් 23 දෙනෙකු කිලිනොච්චිය කලාපයෙන් අලින් දෙදෙනෙකු සහ පුත්තලම කලාපයෙන් අලින් හත් දෙනෙකුද මරණයට පත්ව ඇති බව ලබා දී ඇති තොරතුවල සඳහන් වෙයි.
වසරේ මාස හත තුල මිය ගිය අලි ඇතුන් 245 දෙනා අතර වෙඩි තබා ඝාතනය කිරිම්, 44 ක් වාර්තා වී තිබේ. විදුලිය වැදීම් නිසා මිය ගිය අලි ඇතුන් ගණන 38 ක් වෙයි.හක්කපටස් කැවීම නිසා අලින් 25 දෙනෙකුද මිය ගොස් බව ලබා දී ඇති තොරතුරුවල සඳහන් වෙයි. වස කැවීම් නිසා අලින් තිදෙනෙකුද මෙම කාලය තුල මිය ගොස් තිබේ.දුම්රියේ ගැටීම නිසා අලි ඇතුන් 13 දෙනෙකු මිය ගොස් ඇති අතර මාර්ග අනතුරු නිසා එක් අලියෙකු මිය ගොස් තිබේ. වළකට සහ ළිඳට වැටීමෙන් අලින් තිදෙනෙකුද මිය ගොස් තිබේ. අනතුරු නිසා අලින් දෙදෙනෙකු සහ ස්වභාවික හේතුන් නිසාද අලි මරණ හතරක් මෙම මාස හත තුල වාර්තා වී තිබේ.අසාධ්‍ය වූ තුවාල හේතුවෙන් අලින් 16 දෙනෙකු මිය ගොස් තිබේ. විවිධ හේතුන් නිසා අලින් 15 දෙනෙකු මිය ගොස් තිබේ. පණු ආසාධන හේතුවෙන්ද අලින් නව දෙනෙකු මිය ගොස් ඇති අතර වෙනත් හේතුන් නිසා අලින් පස් දෙනෙකු මිය ගොස් ඇති අතර තුවාල ආසාධනය වීම නිසා අලින් දෙදෙනෙකුද හඳුනා නොගත් හේතුන් නිසා අලි ඇතුන් 65 දෙනෙකුද වශයෙන් මෙම මාස හත තුල අලි ඇතුන් 245 දෙනෙකු මිය ගොස් තිබේ.

මෙම අලි මරණ අතර පැහැදිලිවම ඝාතනය කිරීම ලෙස , වෙඩි තැබීම්, විදුලිය වැද්දවීම්, හක්ක පටස් කැවීම, මෙන්ම වස දීම සඳහන් කළ හැකියි. දුම්රියේ ගැටීම් අනතුරු සහ ස්වභාවික හේතුන් නිසා සිදු වන අලි මරණ සිතා මතා සිදු නොකරන නමුත් වළක්වා ගත යුතු මරණ ලෙස සඳහන් කළ හැකියි.
2025 ජූලි 30 වනදා දක්වා පොලොන්නරුව වන ජිවි කලාපය තුල පුද්ගලයින් 20 දෙනෙකු අලි පහරදීමෙන් මිය ගොස් ඇති අතර අනුරාධපුර වන ජීවි කලාපය තුල පුද්ගලයින් 11 ක් මිය ගොස් තිබේ. ත්‍රිකුණාමලය වන ජීවි කලාපය තුල අලින්ගේ පහරදීමට ලක්ව පුද්ගලයින් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර . ඌව වන ජීවි කලාපය තුල අලි පහර දීම හේතුවෙන් පුද්ගලයින් නව දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ලබා දී ඇති තොරතුරු අනුව දකුණු වන ජීවි කලාපයේ අලින්ගේ ප්රහාරයන්ට ලක්ව පුද්ගලයින් හතර දෙනෙකු මේ වසරේ මාස හත තුල ජීවිතක්ෂයට පත්ව සිටිති. වව්නියාව වන ජීවි කලාපයේ අලින්ගේ ප්‍රහාරයට ලක්ව පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. නැගෙනහිර වන ජීවි කලාපය තුල අලි ඇතුන්ගේ පහර දීමට ලක්ව පුද්ගලයින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මධ්‍යම වන ජිවි කලාපයට අයත් ප්‍රදේශයේ අලින්ගේ ප්‍රහාරයට ලක්ව මිය පුද්ගලයින් 13 දෙනෙකු මිය ගොස් තිබේ. වයඹ වන ජීවි කලාපය තුල සිදුවූ අලින්ගේ පහරදීම් හේතුවෙන් පුද්ගලයින් හය දෙනෙකු මෙම වසරේ මුල් මාස හත තුල මිය ගොස් ඇති අතර පුත්තලම වන ජීවි කලාපය තුල සිදු වූ අලි පහරදීම හේතුවෙන් එක් පුද්ගලයෙකු මිය ගොස් ඇති බවත් ලබා දී ඇති තොරතුරුවල සඳහන් වෙයි. ඒ අනුව 2025 මැයි මස 30 වනදා දක්වා වූ මෙම මාසයේ මාස හතට අලි ඇතුන්ගේ පහර දීමට ලක්ව පුද්ගලයින් 77 දෙනෙකු මිය ගොස් ඇති බවත් එම තොරතුරුවල සඳහන් වෙයි.
මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් සිදු වන අලි ඇතුන්ගේ මරණ මෙන්ම අලි ඇතුන් පහර දීම හේතුවෙන් සිදු වන මිනිසුන්ගේ මරණත් සලකා බැලීමේදී මෙම අලි ඇතුන්ගේ මෙන්ම මිනිසුන්ගේ ජීවිතත් ආරක්ෂා කර ගැනීමටත් සුදුසු වැඩපිළිවෙලක අවශ්‍යතාවය දැඩි ලෙස පවතී.
මොහොමඩ් ආසික්