මාර්තු මාසය සඳහා වන RTI මාධ්‍යවේදී සංසදය මාර්තු 31 වැනි දින ශ්‍රී ලංකා පුවත්පත් ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙම සංසදයට මාධ්‍යවේදීන් 09 දෙනෙකු සහභාගී වී සිටි අතර ඔවුන් ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් පවත්වන ලද දිස්ත්‍රික් වැඩමුළු හා සම්බන්ධ වූ මාධ්‍යවේදීන් වේ.
RTI සංසදයේ සාමාජික ප්‍රසන්න කුමාර් මාර්තු මස “Spot-light Journalist” වූ බැවින් ඔහු “RTI භාවිතා කරන අතරතුර මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව” පිළිබඳ ඔහුගේ අත්දැකීම් බෙදා ගත්තේය. ඔහුගේ ඉදිරිපත් කිරීමේදී ඔහු විසින් රචිත එක් ලිපියක් සම්බන්ධයෙන් කතා කළේය. එම ලිපිය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු තමන් මුහුණ දුන් අභියෝග සහ එම තොරතුරු ලබා ගත් ආකාරය පිළිබඳ ක්‍රියා පටිපාටි ද ඔහු පැමිණී සිටි මාධ්‍යවේදීන් සමග බෙදා ගත්තේය.
තවද, මාධ්‍යවේදීන් විසින් වර්තමාන ගැටලු සාකච්ඡා කරමින් සංසදය ක්‍රියාකාරී වූ බැවින් පාසල්වල ආධාර එකතු කිරීම සහ පශ්චාත් කොවිඩ් සමයෙන් පසු ධාවනය නොවන බස් රථ සංඛ්‍යාව පිළිබඳව තොරතුරු ඉල්ලීම් අදාළ පොදු අධිකාරීන් වෙත යොමු කරන ලෙසට සියළු මාධ්‍යවේදීන් විසින් එකගතාවයකටද පැමිණියහ.