Learn About - Sri Lanka Rights to Information Act

‘තොරතුරු දැනගැනීමේ අයිතිය හරහා අපගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමු’ -ගාල්ල

By In
  • ගාල්ල දිස්ත්‍රික්කය

‘තොරතුරු දැනගැනීමේ අයිතිය හරහා අපගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමු’ යන තේමාව යටතේ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය(SLPI) විසින් ජනමාධ්‍යවේදීන් සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන් වෙනුවෙන් සංවිධානය කරන පුහුණු වැඩමුළු මාලාවේ සමාරම්භක වැඩසටහන, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ කොමසාරිස් කිෂාලි පින්ටෝ ජයවර්ධන මහත්මියගේ සහභාගීත්වයෙන් ඔක්: 17 දින ගාල්ල “ආරාධනා” හිදී පැවැත්විණි.

මහජන සුබ සිද්ධිය සඳහා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම භාවිත කිරීම, තොරතුරු අයිතිවාසිකම් පිළිබඳ පනත හා තොරතුරු ඉල්ලුම් කිරීමේ ක්‍රියා පටිපාටිය, පසුගිය පස් වසර තුළ කොමිෂන් සභාව ලබාදී ඇති නියෝග අතුරින් ‘මහජන සුබ සිද්ධියට’ අදාළ විශේෂ තීරණ ආදී තේමා කිහිපයක් යටතේ මෙහිදී සැසිවාර පැවැති අතර ජනමාධ්‍යවේදීන්ට සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන්ට තොරතුරු පනත භාවිතයේදී මුහුණ දීමට සිදුව ඇති ගැටලු පිළිබඳව සෘජුවම කොමිෂන් සභා පාර්ශවයෙන් අදහස් දැනගැනීමට ඉඩ සැලසෙන ‘ප්‍රශ්න සහ පිළිතුරු’ සැසිවාරයක්ද අවසානයේදී තොරතුරු අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාවේ කොමසාරිස්, කිෂාලි පින්ටෝ ජයවර්ධන මහත්මියගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී/ පර්යේෂක ආනන්ද ධර්මප්‍රිය ජයසේකර, කථිකාචාර්ය ( පරිවාස) සහ නීතිඥ ජී.පී.දුමිඳු මදුෂාන්,නීති පර්යේෂිකා,නීතිඥ ෂලනි කෞශල්‍යා ප්‍රනාන්දු මෙම වැඩමුළුවේ සම්පත් දායකයින් වශයෙන් සහභාගී වූ අතර ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී කුමාර් ලෝපේස් මහතාද මෙම අවස්ථාවට සහභාගී විය.

ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ සෘජු ආධාර වැඩසටහන (Direct Aid Program -DAP)යටතේ මෙම පුහුණු වැඩමුළු මාලාව ක්‍රියාවට නැංවේ.

Learn About - Sri Lanka Rights to Information Act

ප්‍රවෘත්ති අංශ සබඳතා ගොඩනැගීම

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ (SLPI) තොරතුරු දැනගැනීමේ අයිතිය (RTI) කණ්ඩායම විසින් ප්‍රවෘත්ති අංශය සහ මාධ්‍ය වෘත්තිකයන් සඳහා තොරතුරු ඉල්ලීම් ගොනු…

By In
Learn About - Sri Lanka Rights to Information Act

ප්‍රවෘත්ති අංශ සබඳතා ගොඩනැගීම

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ (SLPI) තොරතුරු දැනගැනීමේ අයිතිය (RTI) කණ්ඩායම විසින් ප්‍රවෘත්ති අංශය සහ මාධ්‍ය වෘත්තිකයන් සඳහා තොරතුරු ඉල්ලීම් ගොනු…

By In
Learn About - Sri Lanka Rights to Information Act

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත පිළිබඳ පුහුණු සැසිය

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ RTI කණ්ඩායම විසින් තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත හා තොරතුරු දැනගැනීමේ අයිතිය ඵලදායී ලෙස භාවිතා කිරීම…

By In
Learn About - Sri Lanka Rights to Information Act

“තොරතුරු දැනගැනීමේ අයිතිය හරහා අපගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමු”- වව්නියා

වව්නියා දිස්ත්‍රික්කය “තොරතුරු දැනගැනීමේ අයිතිය හරහා අපගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමු” වැඩමුළු මාලාවේ හත්වන පුහුණු වැඩමුළුව මැයි මස 15 දින වව්නියාව…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *