පුවත්

දැවි තෙල් නොමැති නිසා ජනවාරි සිට මාර්තු දක්වා විදුලි බලාගාර හතරක් විටින් විට අක්‍රීය වෙලා…

By In

වර්තමානයේ දේශපාලනිකමය වශයෙන් සහ විශේෂයෙන් ම ආර්ථිකමය අතින් ශ්‍රී ලංකාව මුහුණපා සිටින උග්‍ර අර්බුදකාරී තත්ත්වයෙහි යතාර්ථය මේ වන විට ඕනෑම තරාතිරමක ශ්‍රී ලාංකික පුරවැසියන් ප්‍රායෝගිකව අත්විඳිනු ඇත​. දිනෙන් දින රට තුළ ඉහළ යන උද්ධමනයත්, විදේශ මුදල් සංචිත ක්‍ෂය වීම නිසා ආනයන සීමා කිරීමට සිදු වීමත් නිසා මේ වන විට මෙරට බොහෝ ක්‍ෂේත්‍රයන් අකාර්‍යක්‍ෂම වීමටත්, ක්‍රම ක්‍රමයෙන් අක්‍රීය තත්ත්වයට පත් වීමටත් ඇරැඹී ඇති බව විමසිල්ලෙන් සමාජය දෙස බලන ඔනෑම අයෙකුට ක්‍ෂණයකින් පෙනී යනු ඇති. 

විශේෂයෙන් මේ වන විට මෙරටට ගෙන එනු ලබන ඉන්ධන තොග නිශ්කාෂණය කරගැනීම සඳහා ප්‍රමාණවත් විදේශ මුදල් නොමැති කම හේතුවෙන් සමස්ත දිවයිනෙහි ම ඉන්ධන අවශ්‍යතාවය පූරණය කරගැනීමට නොහැකි වීම නිසා ශ්‍රී ලාංකිකයින් හට සිදුව ඇත්තේ කබලෙන් ලිපට වැටීමට ය. මන් ද ඒ හා සමඟ ම ඇති වූ ඉන්ධන හිඟය හේතුවෙන් ප්‍රවාහනය සහ බලශක්තිය යන ද්විත්වය ම අතරමඟ නැවතීම නිසා මහජනතාවගේ පුද්ගලික කටයුතු මෙන්ම වෘත්තීයමය සහ කර්මාන්ත යන ක්‍ෂේත්‍රයන් සියල්ලක් ම හිටි අඩියේ අඩාල වීම ඇරැඹී ඇත​.  

මෙම තත්ත්වය බලශක්ති ජනනය සම්බන්ධයෙන් ඉතා දැඩි ලෙස බලපෑ අතර මහජන උපයෝගීතා කොමිසමෙහි අනුමැතිය මත ලංකා විදුලිබල මණ්ඩලය විසින් දෛනිකව කාලසටහනකට අනුගතව විදුලි කප්පාදු කිරීම් සිදු කිරීමට කටයුතු කරන ලදී. මෙරටට ඉන්ධන තොග රැගෙන එන සෑම වරෙකම ප්‍රවාහනයට හා බලශක්ති ජනනයට ප්‍රමුඛතාව ලබා දෙමින් ඉන් ධන නිකුත් කිරීමට කටයුතු කර තිබු අතර ඒ අනුව මෙරට තාප විදුලි බලාගාර සඳහා කොපමණ ඉන්ධන ප්‍රමාණයක් ලැබී ඇති ද යන්න සහ එම එක් එක් බලාගාරවල දෛනික ඉන්ධන අවශ්‍යතාවය පිළිබඳ තොරතුරු දැනගැනීමේ පනත භාවිතයෙන් ලංකා විදුලිබල මණ්ඩලය වෙතින් විමසීමට අප විසින් කටයුතු කරන ලදී. 

ඔවුන් විසින් දක්වන ලද ප්‍රතිචාරයට අනුව​, මෙරට තාප විදුලි බලාගාරවල දෛනික ඉන්ධන අවශ්‍යතාවය පහත පරිදි වේ.  

මෙහි දී ප්‍රමාණවත් තරම් දැවි තෙල් නොමැති වීම හේතුවෙන් මෙරට ඇතැම් විදුලි බලාගාර විටින් විට අක්‍රීය තත්ත්වයට පත්ව ඇති බවට පුවත් සංසරණය වූයෙන් ඒ පිළිබඳව ද අප විසින් අදාළ තොරතුරු දැනගැනීමේ අයදුම්පත ඔස්සේ විමසනු ලැබිණි. ඒ අනුව 2022.01.01 දින සිට 2022.03.10 යන කාලසීමාව ඇතුළත විටින් විට අක්‍රීය වූ බලාගාරවල තොරතුරු පහත පරිදි වේ.

මේ අතර දැවි තෙල් නිමැති වීම නිසා දෛනිකව ඇති වන විදුලි හිඟය ද අප විමසන ලදී. (01.01.2022 දින සිට 04.03.2022 දින දක්වා)

මීට අමතරව, 01.01.2022 දින සිට 04.03.2022 දින දක්වා කාලය තුළ මෙරට විදුලි බලාගාර වෙත ලංකා ඛණිජ තෙල් සංස්ථාව විසින් නිකුත් කරන ලද දැවි තෙල් ප්‍රමාණයන් පහත පරිදි සඳහන් කර එවා ඇත​. 

පුවත්

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය ” ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය” සමරයි

ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය සැමරිම – 2026 මැයි 03 වෙනි දිනට යෙදී තිබූ “ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය” සෑමරීම වෙනුවෙන් සංවිධානය…

By In
පුවත්

ශ්‍රී ලංකාව සයිබර් අපරාධකරුවන්ගේ “ඩිජිටල් වැඩබිමක්” වෙයිද?

ජාත්‍යන්තර ටෙලිකොම් වංචා ජාලයේ ශ්‍රී ලංකා මෙහෙයුම පිළිබඳ විශේෂ විමර්ශනයක් ශ්‍රී ලංකාව යනු දශක ගණනාවක් තිස්සේ ලෝක සිතියමේ සටහන්ව තිබුණේ…

By In
පුවත්

පුද්ගලික තොරතුරු වූ ජනාධිපති අනුරගේ ගුවන් ගමන් 

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම උදෙසා 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත (RTI Act) හඳුන්වා දුන් දා…

By In
පුවත්

සුදු මළු කහ වූ ‘පොහොර’ නාස්තියේ රහස

රටේ කෘෂිකර්මාන්තයේ කොඳු නාරටිය බඳු ගොවි ජනතාව පීඩාවට පත්ව සිටින වටපිටාවක, රාජ්‍ය සම්පත් කළමනාකරණයේ පවතින බරපතල අර්බුදයක් පිළිබඳ තොරතුරු රැසක්…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *