පුවත්

කල්මුණේ වෙත ලැබුණු රුපියල් මිලියන 2,600ක ව්‍යාපෘතියක් අත්හිටුවයි : තොරතුරු දැනගැනීමේ පනත හරහා සිදුකළ තතු අනාවරණය

By In

රිෆ්දි අලි

ආසියානු සංවර්ධන බැංකුවෙන් ලද රුපියල් මිලියන 2,600ක ණය ආධාර සහිතව මෙරට ක්‍රියාත්මක කරන ලද ‘ද්විතීයික නගර සඳහා වූ තිරසාර සංවර්ධන සැළැස්ම’ ව්‍යාපෘතිය යටතේ කල්මුණේ නගරයේ ක්‍රියාත්මක කෙරෙමින් තිබූ සියලුම ව්‍යාපෘති අත් හිටුවීමට පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය කටයුතු කර තිබේ. 

මෙම කරුණ තොරතුරු දැනගැනීමේ පනත හරහා ම අනාවරණය කරගැනීමට හැකි වීම විශේෂත්වයකි. 

‘ද්විතීයික නගර සඳහා තිරසාර සංවර්ධන සැලැස්ම’ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව රුපියල් මිලියන 1,900 ක ණයක් ලබා දී තිබේ. එය පාර්ලිමේන්තු මන්ත්‍රී එච්.එම්.එම්. හරිස්, 2016.01.19 දින කල්මුනයි සංවර්ධන කමිටුවේ සභාපතිව සිටියදී ප්‍රකාශ කර ඇත​. ​ 

එම ව්‍යාපෘතිය නගර මධ්‍යස්ථාන සංවර්ධනය කිරීම, ප්‍රවාහන පද්ධති කලමනාකරණය​, නාගරික ජලාපවාහන ව්‍යාපෘතිය​, ඝන අපද්‍රව්‍ය කලමනාකරණය​, පොදු සහ වෙළඳ ගොඩනැගිලි ඔප්නැංවීම​, ප්‍රදේශයේ සංචාරක සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම​, ප්‍රාදේශීය සභා යටතේ පවත්නා මාර්ග සහ පාලම් සංවර්ධනය කිරීම සහ ජනපද සහ කාර්මික ජනපද ආශ්‍රිත ජලාපවාහන පද්ධති සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම ආදී අංග රැසකින් සමන්විත බව ඔහු තවදුරටත් ප්‍රකාශ කරන ලදී. 

මේ අතර 2020.08.14 වන දින මාවඩිපල්ලිහි දී පැවති මාධ්‍ය හමුවක දී, එවක කල්මුණේ නගරාධිපති ඒ.එම්.රාගිබ් මහතා පවසා ඇත්තේ මෙම ව්‍යාපෘතිය සඳහා කල්මුණේ නගරසභාවට රුපියල් මිලියන 2,600ක් වෙන් කර ඇති බවත් එයට අදාළව කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සහිත අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබෙන බවත් ය​.

ඒ අනුව කල්මුණේ නගරාධිපතිවරයා පැවසුවේ මෙම සිව් අවුරුදු ව්‍යාපෘතිය මාස තුනකට පෙර ආරම්භ කළ බවයි. 

2020 දී අවසන් වරට පැවති පාර්ලිමේන්තු මැතිවරණ ව්‍යාපාරය තුළ මෙම ව්‍යාපෘතිය මැතිවරණ වේදිකාවල ප්‍රධාන මාතෘකාවක් ලෙස මන්ත්‍රණය කෙරිණි. 

මෙම තත්ත්වය හේතුවෙන් ව්‍යාපෘතිය අත්හිටුවා ඇති බව රාජ්‍ය සේවා, පළාත්සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය නිවේදනය කරයි.

මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කල්මුණේ මහ නගර සභාවට ඉදිරිපත් කරන ලද තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ අයදුම්පත මගින් මෙම කරුණ අනාවරණය වී තිබීම විශේෂත්වයකි. 

රටේ වර්තමාන මූල්‍ය තත්ත්වය සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් ණයක් ලබා ගැනීමේ දුෂ්කරතා හේතුවෙන් මෙම ව්‍යාපෘතිය අත්හිටුවීමට අමාත්‍යාංශය තීරණය කර තිබේ.

මේ සම්බන්ධව නැගෙනහිර පළාතේ පළාත් පාලන කොමසාරිස් එන්. මනිවානන් මහතාට 2016.09.25 දින අමාත්‍යාංශය විසින් දැනුම් දී ඇත.

ඒ අනුව, මෙම ව්‍යාපෘතිය අත්හිටුවීම සම්බන්ධයෙන් කල්මුණේ මහ නගර සභා කොමසාරිස්වරයාට නැගෙනහිර පළාතේ පළාත් පාලන කොමසාරිස් විසින් 2020.10.07 දින දැනුම් දී ඇත.  

මෙම ව්‍යාපෘතිය සඳහා මඩකලපුවේ මහ නගර සභාව සහ කින්නියා නාගරික කවුන්සිලය ඇතුළු දිවයිනේ පළාත් පාලන ආයතන 25 ක් තෝරාගෙන තිබීම විශේෂත්වයකි.

පුවත්

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය ” ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය” සමරයි

ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය සැමරිම – 2026 මැයි 03 වෙනි දිනට යෙදී තිබූ “ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය” සෑමරීම වෙනුවෙන් සංවිධානය…

By In
පුවත්

ශ්‍රී ලංකාව සයිබර් අපරාධකරුවන්ගේ “ඩිජිටල් වැඩබිමක්” වෙයිද?

ජාත්‍යන්තර ටෙලිකොම් වංචා ජාලයේ ශ්‍රී ලංකා මෙහෙයුම පිළිබඳ විශේෂ විමර්ශනයක් ශ්‍රී ලංකාව යනු දශක ගණනාවක් තිස්සේ ලෝක සිතියමේ සටහන්ව තිබුණේ…

By In
පුවත්

පුද්ගලික තොරතුරු වූ ජනාධිපති අනුරගේ ගුවන් ගමන් 

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම උදෙසා 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත (RTI Act) හඳුන්වා දුන් දා…

By In
පුවත්

සුදු මළු කහ වූ ‘පොහොර’ නාස්තියේ රහස

රටේ කෘෂිකර්මාන්තයේ කොඳු නාරටිය බඳු ගොවි ජනතාව පීඩාවට පත්ව සිටින වටපිටාවක, රාජ්‍ය සම්පත් කළමනාකරණයේ පවතින බරපතල අර්බුදයක් පිළිබඳ තොරතුරු රැසක්…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *