පුවත්

තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිසම​

By In

තොරතුරු ලබාගැනීම සඳහා මහජන අධිකාරියක් වෙත ඉල්ලුම්පතක් යැවීමෙන් අනතුරුව එහි තොරතුරු නිලධාරියා විසින් පනතෙහි එන ව්‍යතිරේඛයක් යටතේ හැර තොරතුරු ලබා දීම ප්‍රතික්‍ෂේප කරන්නේ නම් හා ඔබ එම ප්‍රතිචාරයෙන් සෑහීමකට පත් නොවන්නේ නම් අදාළ ආයතනයේ ම නම් කළ නිලධාරියා වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීමට ඔබට හැකියාව ඇත. එසේම යම් හෙයකින් නම් කරන ලද නිලධාරියා එම අභායචනයට පිළිතුරු ලබා නොදේ නම් හෝ ඔහු ලබා දුන් පිළිතුර පිළිබඳ ඔබ සෑහීමකට පත් නොවන්නේ නම්, ඔබට තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිසම වෙත අභියාචනා කළ හැකි ය. 

ඒ අනුව යමෙකු හට ’තොරතුරු කොමිසම යනු කුමක් ද? එය අපගේ ඉල්ලීමට කෙසේ ප්‍රතිචාර දක්වයි ද?’ යනාදී ගැටලු ඇතිවිය හැකි ය. 

තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාව තොරතුරු දැනගැනීමේ පනතෙහි කටයුතු අධීක්‍ෂණය කරන අතර, රාජ්‍ය බලධාරීන් පනත යටතේ නියම කර ඇති රාජකාරී ඉටු කරන්නේ ද යන වග සොයා බලයි. මෙම කොමිසම විනිවිදභාවයකින් යුක්ත වන අතර ස්වාධීන වූවකි. පනත සම්බන්ධ කරුණු වල දී නීතිය වඩා හොඳින් ක්‍රියාත්මක කිරීම සඳහා මාර්ගෝපදේශ සැපයීමට මෙන් ම යම් හෙයකින් පනතෙහි එන ධාරණාවන් උල්ලංධනය කෙරෙන්නේ නම්ප නඩු පැවරීමට හෝ අභියාචනා කිරීමට කොමිසමට බලය ඇත.

කොමිසම සාමාජිකයින් 5 දෙනෙකුගෙන් සමන්විත වේ. ඉන් සාමාජිකයින් තිදෙනෙක් කර්තෘවරුන්, ප්‍රකාශකවරුන් හා මාධ්‍යවේදී කණ්ඩායම් වලින්, ශ්‍රී ලංකා නීතීඥ සංගමයෙන් හා සිවිල් සමාජ සංවිධාන මගින් කෙරෙන නාමයෝජනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යැවීමෙන් පසුව නම් කරනු ලබන අතර අනෙක් සාමාජිකයින් දෙදෙනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මගින් මහජන අයදුම්පත්‍ර ක්‍රියාවලියක් මගින් තෝරා පත්කරගනු ලැබේ. ඒ අනුව මෙම කොමිසම ස්වාධීන එකක් වේ. 

එමෙන්ම කොමිසම මගින් වාර්ෂික වාර්තාවක් නිකුත් කෙරේ. එය එහි සියලුම කාර්යයන් ආවරණය කරනු ලබයි. එහි පිටපතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරරෙන අතර තවත් පිටපතක් රටේ ජනාධිපතිවරයා වෙත නිකුත් කරයි. එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් සති දෙකකට පසු මහජනතාවට ප්‍රසිද්ධ කළ යුතු වේ. එය මහජනතාවගේ පරිශීලනය සඳහා කොමිෂන් සභා කාර්යාලයේ තැබීමට හෝ එහි වෙබ් අඩවියට උඩුගත කළ හැකි ය. මන්ද කොමිසම සිය ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් විනිවිදභාවය පවත්වාගත යුතු හෙයිනි. 

තොරතුැරු දැනගැනීමේ කොමිසම කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටා ඇත. ඔබට තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ වැඩිදුර දැනුවත් වීමට අවශ්‍ය වන්නේ නම් එම කාර්යාලය වෙත ගොස් වඩාත් පැහැදැලි ලෙස අදාළ කරුණු පිළිබඳ දැනුවත් විය හැකි ය. එමෙන්ම තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳව වැඩිදුර තොරතුරු ලබාගැනීම ද කළ හැකි ය. 

මූලාශ්‍රය  – ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම සම්බන්ධ නීතිය – පුරවැසි අත්පොත 

පුවත්

සංචාරක වීසා වලින් ලංකාවේ සිටින – රැකියා කරන විදේශිකයන් සොයන්න ක්‍රමයක් නැහැ

චීන ජාතිකයින් පිටුවහල් කිරීම් වාර්ෂිකව ඉහළට! කොළඹ වරාය නගර (Port City) පරිශ්‍රයේදී චීන ජාතිකයින් දෙපිරිසක් අතර ඇති වූ දරුණු ගැටුම,…

By In
පුවත්

මැතිවරණ නීති උල්ලංඝනය කළ ඇතැම් රාජ්‍ය නිලධාරීන්ට දණ්ඩමුක්තිය?

  ශ්‍රී ලංකාව දිගු ඉතිහාසයක් සහිත ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායකට උරුමකම් කියන රටකි. නිදහස් හා සාධාරණ මැතිවරණ යනු, ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක මූලික පදනමයි….

By In
පුවත්

ජනමාධ්‍ය නිදහස සම්බන්ධයෙන් දකුණු ආසියාව  තවදුරටත් ගෝලීය “රතු කලාපයක්”

මේ වසරේ ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය (WorldPressFreedomDay2026 ) අද (මැයි 03 දා) ට යෙදී තිබේ. “සාමය පිරුණු අනාගතයක් උදෙසා” තේමාව යටතේ…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *