පුවත්

කසළ දහනය මඟින් බලශක්තිය?

By In

මෙරට තදාසන්න ප්‍රදේශවල ජනගහන ඝනත්වය වැඩිවීමත් සමඟ විවධ පාරිසරික ගැටළු රාශියක් පැන නැගී ඇත. මෙම ගැටළු අතර කැළිකසළ කළමණකරණ ගැටළුව තවමත් සාර්ථකව විසඳා නොගත් ගැටළුවක් ලෙස හඳුනාගත හැකි ය. මෙම ගැටළුවට දීර්ඝකාලීන සාර්ථක වැඩපිළිවෙළක අවශ්‍යතාවය පවතින බව පරිසරවේදීන් දිගින් දිගටම පෙන්වා දී ඇත. දැනට සිදුකරන කැළිකසළ එක්රැස්කිරීමේ වැඩසටහන් මගින් කැළිකසළ අංගන වෙත අපද්‍රව්‍ය මුදාහරිනු ලැබුවද එමඟින් වෙනත් ප්‍රදේශයක නැවත පාරිසරික ගැටලු ඇතිකරයි.

කොළඹ නගරය ආශ්‍රිතව මෙම තත්ත්ව ඉතාමත් සංකීර්ණ වී ඇති නිසාවෙන් මේ සඳහා දීර්ඝ කාලීන විසඳුමක් කොළඹ නගරයට අවශ්‍ය වී ඇත. මේ සඳහා අනාගතයේදී ගනු ලැබීමට නියමිත පියවර පිළිබඳ විමසා අප විසින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය වෙත තොරතුරු ඉල්ලීමක් සිදුකරන ලදී.  මෙම තොරතුරු ඉල්ලීමට ලබා දී තිබූ පිළිතුරු අතර සාම්ප්‍රදායික කැළිකසළ කළමණාකරණය කිරීමේ ක්‍රමවේදයන්ට වඩා වෙනස් නව ක්‍රමවේදයක් පිළිබඳ සඳහන් වී පැවතිනි.

එනම් කොළඹ නඟරයේදී එකතුවන කසළ මඟින් අවසන් බැහැරකිරීම සඳහා යොමු කරනු ලබන නාගරික කසළ පරිසර හිතකාමී විසඳුමක් යටතේ දහනය කර කසළ දහනය මඟින් බලශක්තිය නිපදවීමේ  (Waste to Energy) ව්‍යාපෘතිය ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි. එමඟින් පරිසර හිතකාමී ලෙස සිදුකරන කසළ දහණය මඟින් දෛනිකව 10MW ප්‍රමාණයක විදුලි ධෘරිතාවයක් ජාතික විදුලිපද්ධතියට ලබාදීමට නියමිත බවත් එම ව්‍යාපෘතිය 2020 වර්ෂයේ විවෘත කිරීමට නියමිතව ඇති බවත් කොළඹ මහනගර සභාව විසින් වැඩිදුරටත් දන්වා ඇති බවද තොරතුරු ලබා දී ඇත. මෙම ව්‍යෘපෘතිය ඉතාමත් වැදගත් පියවරක් වන අතර එමඟින් විදුලිබල සැපයුමට දායක වීමට හැකිවීමද වටිනා ප්‍රවණතාවයකි. මෙම සැළසුම් ඉතා කඩිනමින් ක්‍රියාත්මක කිරීමට අවශය පියවර ගැනීම ද ඉතා වැදගත් වේ.

මෙම ව්‍යෘපෘතිය පිළීබඳ වැඩිදුර තොරතුරු ජනතාවට ලබාදීමද වැදගත්වන අතර මෙම තොරතුරු ලබා ගැනීම සඳහා තොරතුරු දැනගැනීමේ පනත උපකාරී විය. මෙවැනි ජනතාවට බලපානු ලබන රාජ්‍ය අධිකාරීන්වල ඉදිරි පියවර පිළිබඳ දැනුවත් වීමට තොරතුරු දැනගැනීමේ පනත ඉතා හොඳ අවස්ථාවකි.

පුවත්

දුම්රිය මැදිරි තුළ ගමන් ගන්නා මගීන් අපහසුතාවයටපත්වීමට නීතිමය සහනයක් තිබේද ?

බ්‍රිතාන්‍ය පාලන සමයේ සිට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වූ දුම්රිය සේවය අදටත් මෙරට මහජනතාවගේ ප්‍රධානතම පොදු ප්‍රවාහන මාධ්‍යයන් අතුරින් එකකි….

By In
පුවත්

එයාර්බස් ගනුදෙනුව:රහස්‍යභාවය පිටුපස සැඟවුණු සත්‍යය කුමක්ද?

පසුගිය කාලය තුළදී  දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටි ශ්‍රී ලංකන් ගුවන් සේවයට අලුතින් එක් කර ගත් එයාර්බස් A330-200 (Airbus…

By In
පුවත්

ළමා මන්දපෝෂණයට තිත තබන පියවර ප්‍රමාදයි!

අවුරුදු පහට අඩු දෙලක්ෂ පහළොස් දහසක්ම අඩු බර දරුවන්  එක්ලක්ෂ තිස්තුන් දහසක් මිටියි මන්දපෝෂණය මගින් සෑම ආකාරයකින්ම පුද්ගලයන්, පවුල්, සමාජයන් සහ රටවල් මත සෘජු…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *