පුවත්

තොරතුරු දැනගැනීමේ පණත ක්‍රියාත්මකයි – Cotelodge වතුයායේ පොදු ප්‍රවාහන පහසුකම් හි හිඟකම

By In

පවුල් 1000 කට වඩා ජීවත් වන ක්‍දඑැකදාටැ වතුයාය නුවර එළිය දිස්ත්‍රික්කයේ පිහිටා ඇත’ අතර නුවර එළිය නගරයේ සිට 5 km ක් පමණ දුරින් උඩුපුස්සැල්ලෑව නමින් හැඳින්වෙන ප්‍රදේශයක පිහිටා ඇත එමෙන්ම එය මඳක් නාගරික භාවයෙන් මිදී ග්‍රාමීයත්වයෙන් පිරි පෙදෙසකි

පොදු ප්‍රවාහන සේවයේ ඇති හිඟකම හේතුවෙන් ප්‍රදේශවාසින් දැඩි අසීරුතාවකට පත් වීමත් ඔවුන්ගේ එදිනෙදා කටයුතු සඳහා එය විශාල බාධාවක් වී ඇති බවද පෙනේ’ නුවර එළියට සහ අනෙකුත් නගර වලට ගමන් කරන ප්‍රදේශවාසින් මෙන්ම පාසැල් ලමුන් සඳහා පොදු ප්‍රවාහන පහසුකම් හි හිඟකම හේතුවෙන් දැඩි අසීරුතාවකට පත් වී සිටී මීට වසර දෙකකට පෙර 2016 Cotelodge වතුයායේ
ක්‍රියාත්මක වූ පොදු ප්‍රවාහන සේවය කිසිදු දැනුම් දීමකින් තොරව අත්හිටුවා ඇත

ශ්‍රි ලංකා පුවත්පත් ආයතන විසින් මෙහෙයවන ලද තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ වැඩමුළුවක් හරහා තරුණ තරුණියන් කණ්ඩායමක් දැනුවත් වූ අතර 2018 නොවැම්බර් මාසයේදි පොදු ප්‍රවාහන සේවය අත්හිටු වීමට හේතුව පිළිබඳ තොරතුරු ඉල්ලා මාර්ග සංවර්ධන අධිකාරියට අයදුම්පතක් යවන ලදි

තොරතුරු ඉල්ලා යැවුව ද කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණ හෙයින් මෙම ගැටළුව පිළිබඳ විමසීමට මාර්ග සංවර්ධන අධිකාරියේ නිළ්ධාරින් දුරකථයෙන් සම්බන්ධ කර ගැනීමට ඔවුන් තීරණය කලේය කෙසේ වෙතත් තොරතුරු දැනගැනීමේ පනතේ නියම කර ඇති පරිදි තොරතුරු නිළධාරියාගෙන් විධිමත් පිළිතුරක් අයදුම්කරුවන්ට ලැබී නැත’ හෙයින් තරුණයින්ට හැඟී ගිය කාරණයක් වන්නේ තොරතුරු දැන්ගැනීමේ පනත පිළිබඳ ව අධිකාරියේ නිළධාරින්ට දැනුමක් නොමැති බවයි

මාස කිහිපයක ට පසු මාර්ග සංවර්ධන අධිකාරියේ නිළධාරියෙකු ඔවුන්ව දුරකථනයෙන් අමතා තොරතුරු දැනගැනීමේ අයදුම්පත නිසියාකාරව සකස් නොකළ එවා ඇති බව කියා සිටියේ ය

මාස ගානක් ගත වූ නමුදු මෙම ගැටළුව සම්බන්ධයෙන් ගොනු කර ඇති අයදුම්පත් සහ අභියාචනා ගණන නොසලකමින් මෙම ගැටළුව තවමත් එලෙසම පවතින්නක් බව ප්‍රකාශ කරයි

තරුණයන් ප්‍රකාශ කර සිටියේ ඔවුන්ගේ දෙමාපියන් රාජ්‍ය ආයතන්ගෙන් ප්‍රශ්න කිරීමට භිය වන බවයි එහෙත් ඔවුන්ගේ දෙමාපියන්ගේ පරම්පරාව මෙන් නොව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පණතෙන් තොරතුරු ඉල්ලීමේ බලය ඇති බව ත් ප්‍රජාවේ පොදු ගැටළු සඳහා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකමක් ලබා ගැනීමට හැකිවන පරිදි ගමෙ හි සිටින වැඩිහිටි පරම්පරාව දැනුවත් කරන බව ත් ඔවුන් පැවසූහ එමගින් ක්‍රියාකාරි ලෙස තොරතුරු දැනගැනීමේ මාවතකට ඉඩ සලසන බවත් පොදු සමාජ උන්නතිය වෙනුවෙන් තොරතුරු දැනගැනීම භාවිත කල හැකි බවත් ඔවුන්ගේ විශ්වාසයයි

(ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින්  පවත්වන ලද තොරතුරු දැනගැනීමේ පනත  හා සන්නිවේදන පුහුණු වැඩමුළුවට සහභාගී වූවන් විසින් මෙම  ලිපි සකස් කරන ලද්දේ USAID-SDGAP ව්‍යාපෘති‍යේ මුල්‍ය ආධාර සහිතවය.)

මෙමෙ ලිපි වල අන්තර්ගතය තුලින් USAID-SDGAP අදහස් පිලිබිබු නොකරන බව කරුණාවෙන් සලකන්න

පුවත්

සුදු මළු කහ වූ ‘පොහොර’ නාස්තියේ රහස

රටේ කෘෂිකර්මාන්තයේ කොඳු නාරටිය බඳු ගොවි ජනතාව පීඩාවට පත්ව සිටින වටපිටාවක, රාජ්‍ය සම්පත් කළමනාකරණයේ පවතින බරපතල අර්බුදයක් පිළිබඳ තොරතුරු රැසක්…

By In
පුවත්

මහවැලි නීතියේ  නිරුවත තොරතුරු පනතින් එළියට

මහවැලි රක්ෂිත ගිලගන්නා දේශපාලන හස්තය: වර්තමාන රජයේ ප්‍රධානතම දේශපාලන සටන් පාඨය වී ඇත්තේ “දූෂණයෙන් තොර රටක්” සහ “සැමට සමාන නීතියක්”…

By In
පුවත්

පෞද්ගලික රූපවාහිනී නාලිකා ද තොරතුරු දැනගැනීමේ පනතට යටත්වේ

අභියාචනාධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක් ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් (RTI) නීතියේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, පෞද්ගලික රූපවාහිනී නාලිකා ද තොරතුරු දැනගැනීමේ…

By In
පුවත්

රාජ්‍ය ආයතනවලට වෙන් කර ඇති වාහන පිළිබඳ තොරතුරු වාහාම ලබාදෙන්න –  තොරතුරු කොමිසමෙන් නියෝගයක්

එක් එක් අමාත්‍යාංශ සඳහා වෙන් කර ඇති වාහන  සංඛ්‍යාව සහ ඒවා මොනවාද යන්න පිළිබඳ තොරතුරු වහාම නිකුත් කරන ලෙස තොරතුරු…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *