පුවත්

තොරතුරු දැනගැනීමේ පනත ක්‍රියාත්මක වේ – ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ට අයදුම් කරන ලද ඉල්ලුම් පත්‍රයට අනුව ශ්‍රි මුරුගන් මාර්ගය අලුත් වැඩියා කිරීම

By In

ග්‍රාම නිළධාරි න්‍/353 දරණ කරවෙඞ්ඩි ප්‍රාදේශීය සභාවේ සිට මුරුගන් ජනාවාස කරා ගමන් කරන මාර්ගය රු මිලියන 32 ක් වැයකර ප්‍රතිසංස්කරණය කරන ලදි. ශ්‍රි ලංකා පුවත්පත් ආයතන විසින් මෙහෙයවන ලද තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පුහුණු වැඩමුළුවට සහභාගි වූ තරුණ පිරිසක් විසින් ඉල්ලූ තොරතුරු වලට අනුව මෙම තොරතුරු අනාවරණය කරන ලදි

වැසි සමයේදි එහි සියලු වැසියන් එනම්, පදිකයින්, ශිෂ්‍යන්, විවිධ අබාධ සහිත පුද්ගලයින්, ගැබිණි මව්වරුන් මාර්ගයේ අබලන් තත්ත්වය හේතුකොටගෙන මහත් අසරණ තත්වයට පත් වේ මෙම තත්ත්වය තවදුරත් අවසන් නොවන්නකි, රථවාහන වලට සිදුවන අලාභ හානි මෙන්ම, බහුලව සිදුවන අනතුරුමය තත්වයන්ට තුඩු දෙන ප්‍රධානම සාධකය වන්නේ මෙම මාර්ගයේ පවතින අබලන් තත්ත්වයයි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, එහි ජීවත් වන වැසියන් විසින් ම මෙම මාර්ගය තාවකාලිකව ගල්, වැලි දමා පිළිසකර කිරීමට යෙදුණි.

තොරතුරු දැනගැනීමේ පණත පිළිබඳ දැනුවත් වූ තරුනයින් පිරිසක් විසින් 2018 දෙසැම්බර් මාසයේ දි මාර්ගය ප්‍රතිසංස්කරණ කටයුතු වලට අදාළ අනාගත සැලසුම් පිළිබඳ තොරතුරු ඉල්ලා කරවෙඞ්ඩි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයදුම් කරන ලදි.

එහි ප්‍රතිඵලයක් වශයෙන් ඉල්ලූ තොරතුරු ලැබීම පමණක් නොව, මාර්ගය ප්‍රතිසංස්කරණය කර දීමට ද කටයුතු කර තිබුණි’ මාර්ගය මීටර 76 ක් පමණ දිගය මාස දෙකක් වැනි කෙටි කාලයක් තුළ සම්පූර්ණ මාර්ගයම අලුත් වැඩියා කර ඇත

තරුණ තරුණියන් විශ්වාස කරන අන්දමට තමන් ජීවත් වන ප්‍රදේශයේ අභිවෘද්ධිය සඳහා දායකවීමට හැකිවීම සම්බන්ධයෙන් ස්තූතිය පළ කර සිටින්නේ ඔවුන් තොරතුරු දැනගැනීමේ පණත පිළිබඳ පුහුණු වැඩමුළුවේ දි ලබාගත් දැනුමයි’ තොරතුරු දැනගැනීමේ පණත සම්බන්ධයෙන් ලබගත් දැනුම අනාගත හේතු කාරණා සඳහා ඉවහල් වන බව ඔවුන් තවදුරත් පැවසීය.

(ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින්  පවත්වන ලද තොරතුරු දැනගැනීමේ පනත  හා සන්නිවේදන පුහුණු වැඩමුළුවට සහභාගී වූවන් විසින් මෙම  ලිපි සකස් කරන ලද්දේ USAID-SDGAP ව්‍යාපෘති‍යේ මුල්‍ය ආධාර සහිතවය.)

මෙමෙ ලිපි වල අන්තර්ගතය තුලින් USAID-SDGAP අදහස් පිලිබිබු නොකරන බව කරුණාවෙන් සලකන්න

පුවත්

මැතිවරණ නීති උල්ලංඝනය කළ ඇතැම් රාජ්‍ය නිලධාරීන්ට දණ්ඩමුක්තිය?

  ශ්‍රී ලංකාව දිගු ඉතිහාසයක් සහිත ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායකට උරුමකම් කියන රටකි. නිදහස් හා සාධාරණ මැතිවරණ යනු, ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක මූලික පදනමයි….

By In
පුවත්

ජනමාධ්‍ය නිදහස සම්බන්ධයෙන් දකුණු ආසියාව  තවදුරටත් ගෝලීය “රතු කලාපයක්”

මේ වසරේ ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය (WorldPressFreedomDay2026 ) අද (මැයි 03 දා) ට යෙදී තිබේ. “සාමය පිරුණු අනාගතයක් උදෙසා” තේමාව යටතේ…

By In
පුවත්

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය ” ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය” සමරයි

ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය සැමරිම – 2026 මැයි 03 වෙනි දිනට යෙදී තිබූ “ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය” සෑමරීම වෙනුවෙන් සංවිධානය…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *