පුවත්

මහපොළ ශිෂ්‍යත්ව ප්‍රධානය පිළිබද තොරතුරු ඉල්ලීමක්

By In

ඉතා තරගකාරී විභාගයක් වන අ.පො.ස උසස්පෙළ විභාගයට මුහුණ දීමෙන් අනතුරුව රජයේ විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීම ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියෙකුගේම පාහේ සිහිනයකි. ලංකාවේ උසස් අධ්‍යාපනයේ පවතින සීමා හේතුවෙන් සහ එහි ඇති ප්‍රමිතිය හේතුවෙන් ඒ සදහා ඇති වී ඇති ඉල්ලුම ඉතා ඉහළ අතර නිදහස් අධ්‍යාපනය පළ නෙළාගැනිමට හැකිවන්නේ ඉතා සුළු පිරිසකට පමණි.

දිවංගත ලලිත් ඇතුලත්මුදලි මැතිතුමා විසින් හදුන්වාදෙනු ලැබූ මහපොළ ශිෂ්‍යාධාර වැඩසටහන යටතේ තෝරාගත් උපාධි අපේක්ෂකයින් වෙත මාසිකව රුපියල් 5000ක මුදලක් ප්‍රධානය කෙරේ.

මහපොළ ශිෂ්‍යාධාර ලබාදීම සදහා තෝරාගන්නා නිර්ණායක මොනවාද යන්න සහ රජයේ නොවන සේවකයින්ගේ දරුවන්ට පමණක් ශිෂ්‍යාධාර ලබාදීමට හේතුව විමසා තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලීමක් ලැබී තිබිණි.

මහපොළ ශිෂ්‍යාධාර වැඩසටයන සදහා උපාධි අපේක්ෂකයින් තෝරාගන්නා වැඩපිළිවෙළ සහතික කරමින් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය පිළිතුරු ලෙස දන්වා තිබුණේ පවුලේ වාර්ශික ආදායම සහ උසස් පෙළ විභාගයේ දී ලබා ගන්නා ලද z අගය යන සාධක දෙක පමණක් මහපොළ ශිෂ්‍යාධාර ළබාගැනීමේදී නිර්ණායක ලෙස සලකා බලන බවයි.

(ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින්  පවත්වන ලද තොරතුරු දැනගැනීමේ පනත  හා සන්නිවේදන පුහුණු වැඩමුළුවට සහභාගී වූවන් විසින් මෙම  ලිපි සකස් කරන ලද්දේ USAID-SDGAP ව්‍යාපෘති‍යේ මුල්‍ය ආධාර සහිතවය.)

මෙමෙ ලිපි වල අන්තර්ගතය තුලින් USAID-SDGAP අදහස් පිලිබිබු නොකරන බව කරුණාවෙන් සලකන්න

පුවත්

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය ” ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය” සමරයි

ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය සැමරිම – 2026 මැයි 03 වෙනි දිනට යෙදී තිබූ “ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය” සෑමරීම වෙනුවෙන් සංවිධානය…

By In
පුවත්

ශ්‍රී ලංකාව සයිබර් අපරාධකරුවන්ගේ “ඩිජිටල් වැඩබිමක්” වෙයිද?

ජාත්‍යන්තර ටෙලිකොම් වංචා ජාලයේ ශ්‍රී ලංකා මෙහෙයුම පිළිබඳ විශේෂ විමර්ශනයක් ශ්‍රී ලංකාව යනු දශක ගණනාවක් තිස්සේ ලෝක සිතියමේ සටහන්ව තිබුණේ…

By In
පුවත්

පුද්ගලික තොරතුරු වූ ජනාධිපති අනුරගේ ගුවන් ගමන් 

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම උදෙසා 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත (RTI Act) හඳුන්වා දුන් දා…

By In
පුවත්

සුදු මළු කහ වූ ‘පොහොර’ නාස්තියේ රහස

රටේ කෘෂිකර්මාන්තයේ කොඳු නාරටිය බඳු ගොවි ජනතාව පීඩාවට පත්ව සිටින වටපිටාවක, රාජ්‍ය සම්පත් කළමනාකරණයේ පවතින බරපතල අර්බුදයක් පිළිබඳ තොරතුරු රැසක්…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *