පුවත්

මඩකලපුව දිස්ත‍්‍රික්කයේ ඩෙංගු මර්ධන සටන

By In

පසුගිය කාලය තුළ මඩකලපුව දිස්ත‍්‍රික්කය තුළින් වාර්තා වූ ඩෙංගු රෝගින් ප‍්‍රමාණය ඉහළ යෑමත් සමඟම ප‍්‍රදේශයේ ඩෙංගු මර්ධනය සඳහා වූ දැනුවත් කිරීමේ වැඩසටහන් විශාල ලෙ සංවිධානය කෙරිණි ’සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත වලට අනුව 2018 වර්ෂයේ ජනවාරි සිට මාර්තු දක්වා පමණක් ඩෙංගු රෝගින් 1471 වාර්තා වී තිබේ
ශ‍්‍රි ලංකා පුවත්පත් ආයතනය මගින් සංවිධානය කරන ලැබූ තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳ වැඩසටහනට සහභාගීවූ පිරිසක් මෙම ඩෙංගු මර්ධන වැඩපිළිවෙල පිළිබඳව තොරතුරු පණත යටතේ තොරතුරු ඉල්ලීමක් සිදුකර ඇත’ 2018 සැප්තැම්බර් මාසයේ දි මඩකලපු දිස්ත‍්‍රික්කයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද මෙම තොරතුරු ඉල්ලීම මගින් එම දෙපාතමේන්තුව මඟින් දියත් කරන ලද ඩෙංගු නිවාරණය සඳහාවූ දැනුවත් කිරීමේ වැඩසටහන් පිළිබඳ තොරතුරු ඉල්ලා සිටින ලදි
මෙම තොරතුරු ඉල්ලීමට ප‍්‍රතිචාර දක්වමින් දිස්ත‍්‍රික් සෞඛ්‍ය අමාත්‍යංශය දන්වා තිබුණේ ඔවුන් ප‍්‍රාදේශීය සභාව හා එක්ව අත් පත‍්‍රිකා දැන්වීම් ගුවන් විදුලි පුවත්පත් හා රූපවාහිනි දැන්වීම් මඟින් මෙන්ම දැනුවත් කිරීමේ විශේෂ සටහන් මඟින් සාමාන්‍ය ජනතාව දැනුවත් කිරීමේ විශේෂ
වැඩසටහන් මගින් සාමාන්‍ය ජනතාව දැනුවත් කිරීම් කල බවයි. දිස්ත්‍රික් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කියා සිටියේ ඩෙංගු නිසා සිදුවන බොහෝ මරණ වලට ජනතාවගේ නොසැලකිලිමත් බව සහඅක‍්‍රමවත් ලෙස අපද‍්‍රව්‍ය බැහැර කිරීම හේතුවෙන් මදුරුවන් බෝවීමට සුදුසු වටපිටාවක් නිර්මාණය වී ඇති බවත් මදුරුවන් වැඩි වශයෙන් බෝ වන ස්ථාන ලෙස නිවාස ගොඩනැගිලි ව්‍යාපාරික ස්ථාන සහ කණු පද්ධති පිරිසිදු කරමින් පවතින බවත් තව දුරටත් කියා සිටියා. මදුරුවන් වැඩි වශයෙන් බෝ වන ස්ථාන ලෙස නිවාස ගොඩනැගිලි ව්‍යාපාරික ස්ථාන හා කණු පද්ධති පිරිසිදු කරමින් පවතින බවත් ඔවුන් තව දුරටත් කියා සිටියහ.

මඩකලපුව දිස්ත‍්‍රික්කය තුළ ක‍්‍රමවත් අපද්‍රවය බැහැර කිරීමේ වැඩසටහනක් සඳහා ද ඔවුන්ගේ අවධානය යොමුව ඇත. දිස්ත්‍රික් සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවට වෛද්‍ය නිර්දේශයට අනුව 5%කට වැඩි පිරිසක් වැඩි දුර ප්‍රතිකාර සඳහා රෝහල් තුලට යොමු කර ඇත.

පුවත්

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය ” ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය” සමරයි

ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය සැමරිම – 2026 මැයි 03 වෙනි දිනට යෙදී තිබූ “ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය” සෑමරීම වෙනුවෙන් සංවිධානය…

By In
පුවත්

ශ්‍රී ලංකාව සයිබර් අපරාධකරුවන්ගේ “ඩිජිටල් වැඩබිමක්” වෙයිද?

ජාත්‍යන්තර ටෙලිකොම් වංචා ජාලයේ ශ්‍රී ලංකා මෙහෙයුම පිළිබඳ විශේෂ විමර්ශනයක් ශ්‍රී ලංකාව යනු දශක ගණනාවක් තිස්සේ ලෝක සිතියමේ සටහන්ව තිබුණේ…

By In
පුවත්

පුද්ගලික තොරතුරු වූ ජනාධිපති අනුරගේ ගුවන් ගමන් 

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම උදෙසා 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත (RTI Act) හඳුන්වා දුන් දා…

By In
පුවත්

සුදු මළු කහ වූ ‘පොහොර’ නාස්තියේ රහස

රටේ කෘෂිකර්මාන්තයේ කොඳු නාරටිය බඳු ගොවි ජනතාව පීඩාවට පත්ව සිටින වටපිටාවක, රාජ්‍ය සම්පත් කළමනාකරණයේ පවතින බරපතල අර්බුදයක් පිළිබඳ තොරතුරු රැසක්…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *