තොරතුරු පනත යටතේ තොරතුරු ඉල්ලීම සිදුවන්නේ කෙසේද පිළිබද හා එහි ක්‍රියාත්මක වීම පිළිබද සිවිල් ජනතාවට දැනුවත් කිරීමේ වැඩමුළුවක් 2017 අගෝස්තු මස 24 වන දින පුත්තලමේ “අයිස් ටෝක්” හෝටලයේදී පැවැත් විය.
කමල් ලියනාරච්චි මහතා විසින් මෙහෙයවනු ලැබූ මෙම වැඩමුළුව පුත්තලම් දිස්ත්‍රික්කයේ සිවිල් ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් සංවිධානය කරනු ලැබුවකි.