පුවත්

වැය වැඩි අය අඩු රන්මිණිතැන්න

By In

“රන්මිණිතැන්න ටෙලි සිනමා ගම්මානය” යනු ලංකාවේ සිනමාව ටෙලි කර්මාන්තය  වෙනුවෙන් ලංකාවේ ඉදි වූ සිනමා ගම්මානයයි. මෙය සිනමාවේ උන්නතිය වෙනුවෙන් මෙරට බිහිවූ විශාලතම සිනමා ගම්මානය ලෙසට දැක්වීම වරදක් නැත.. නමුත් අද වන විට මෙයින් නිසි ප්‍රයෝජනයක් ලබා ගන්නේද යන්න ගැටළුවකි. සිනමාවේ වර්ධනයට මහත් රුකුලක් වේ යැයි  බලාපොරොත්තුවෙන් ඉදි වූ මෙම සිනමා ගම්මානය සඳහා ඉතා අධික වියදමක් දරා ඇත. 2010 වසරේ ඉරිකෙරුණු මෙම සිනමා ගම්මානය ඉදිකිරීමට මිලියන හයසිය තිහකට අධික මුදල් ප්‍රමාණයක්  වැය වි ඇත. මෙහිදි මෙය ඉදිකිරීම් අදාල මුලික වියදම ලෙස රුපියල් 31,822,874.70 මුදලක් වේ.

2010 වසර සිට 2018 දක්වා කාල පරාසය තුල මේ වන විට රන්මිණිතැන්න සිනමා ගම්මානයේ ටෙලි සිනමා 19 ක් සහ චිත්‍රපට 14 ප්‍රමාණයක් නිර්මාණය වී ඇත. රන්මිණිතැන්න සිනමා ගම්මානයෙන් වැඩිම අදායමක් ලද ඇති වර්ෂය වන්නේ 2014 වර්ෂයයි. එම වසරේදී  ඔවුන් රුපියල් 20,857,203.08 ක අදායමක් ලබාගෙන ඇත. කෙසේ නමුත් තොරතුරු දැනගැනීමේ පනත ඔස්සේ ලබා ගත්  තොරතුරු අනුව රන්මිණිතැන්න සිනමා ගම්මානයෙන් ලබාගත් මුළු අදායම මෙහි ඉදිකිරීම් කිරීමට වැය වූ වියදම පියවීමට සමත් වී නොමැති බව තහවුරු වී ඇත. මෙසේ නිකරුනේ විනාශ වන්නට නොදී ඒ සම්බන්ධව නිසි පියවර ගැනීමට අදාළ බලධාරීන් පියවර ගන්නේනම් එහි නිසි ප්‍රයෝජන සිනමාවට මෙන්ම රටටද ලබා ගැනීමට හැකි වේ.

(ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින්  පවත්වන ලද තොරතුරු දැනගැනීමේ පනත  හා සන්නිවේදන පුහුණු වැඩමුළුවට සහභාගී වූවන් විසින් මෙම  ලිපි සකස් කරන ලද්දේ USAID-SDGAP ව්‍යාපෘති‍යේ මුල්‍ය ආධාර සහිතවය.)

මෙමෙ ලිපි වල අන්තර්ගතය තුලින් USAID-SDGAP අදහස් පිලිබිබු නොකරන බව කරුණාවෙන් සලකන්න

පුවත්

‘Youth Club’ ජාතික තරුණ සමුළුව මල් වෙඩිල්ලක්ද?

වියදම රුපියල් ලක්ෂ 388යි ජාතික තරුණ සේවා සභාවේ තරුණ සමුළුවට සහභාගී වූ දිස්ත්‍රික් නායකයින් තෝරාගැනීමේදී ආණ්ඩුවේ දේශපාලන අධිකාරිය හා  යම්…

By In
පුවත්

මැතිවරණ වියදම් නියාමන නීතිය කෙතරම් ප්‍රායෝගිකද?

මැතිවරණ තුනේ අපේක්ෂකයින් 2403 ක්  ආදායම් වියදම් වාර්තා ලබා දී නෑ තොරතුරු දැන ගැනීමේ පනතින් කළ සොයා බැලීමක් ප්‍රජාතන්ත්‍රවාදී පාලන…

By In
පුවත්

අයිතිවාසිකම් පනත් කෙටුම්පත් හමස්පෙට්ටියට යාවිද?

  මහජනතාවගේ පරමාධිපත්‍ය හොබවන ඔනෑම රජයක ප්‍රමුඛ කාර්ය වන්නේ මහජනතාවගේ අයිතිවාසිකම්  වන මානව අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමය. එපමණක් නොව එම අයිතිවාසිකම්…

By In
පුවත්

දුම්රිය මැදිරි තුළ ගමන් ගන්නා මගීන් අපහසුතාවයටපත්වීමට නීතිමය සහනයක් තිබේද ?

බ්‍රිතාන්‍ය පාලන සමයේ සිට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වූ දුම්රිය සේවය අදටත් මෙරට මහජනතාවගේ ප්‍රධානතම පොදු ප්‍රවාහන මාධ්‍යයන් අතුරින් එකකි….

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *