ශ්‍රි ලංකාවේ දැනට ක්‍රියාත්මක වෙමින් පවතින තොරතුරු දැනගැනීමේ පනත පිළිබද සිංහල හා ඉංග්‍රීසි මාධ්‍යය වැඩමුළුවක් 2017 ජුනි මස 22 වන දින ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේදී පැවැත්විය.
මේ වන විට තොරතුරු දැන ගැනීම මහජනතාවගේ මුලික අයිතියක් බවට පත්ව ඇතැත් මේ පිළිබද දැනුවත් වීමේ අඩු බව හේතුවෙන් මහජනතාව මෙම පනත හරහා ක්‍රියාත්මක වීමේ දුර්වලතාවයක් දක්නට ලැබේ. මෙම පනත බලාත්මක වීමට මෙය වැඩි වශයෙන් භාවිත කිරීමේ අවශ්‍යතාවය දැඩිව පවතී.
ඉංග්‍රීසි මාධ්‍යය දැනුවත් කිරීම නිතීඥ අයින්කරන් කුදගාසන් විසින් සිදු කරන ලද අතර ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසමේ කමල් ලියනාරච්චි මහතා සිංහල මාධ්‍යවේදීන් දැනුවත් කිරන ලදී.