පුවත්

මෙරට විශ්‍රාම වැටුප් ලාභීන් ලක්‍ෂ හයහමාරක්

By In

රටක ආර්ථිකය සාරවත් කරගැනීම උදෙසා රාජ්‍ය අංශය සහ පුද්ගලික අංශය යන දෙපාර්ශවයේ ම දායකත්වය ඉතා වැදගත් වේ. එහෙත් රැකියා සඳහා යොමු වීමේ දී පුද්ගලික අංශයට වඩා රාජ්‍ය අංශයේ රැකියාවක් සඳහා බොහෝ දෙනෙකුගේ වැඩි ආකර්ෂණයක් පවත්නා බව දෘෂ්‍යමාන වේ. විශේෂයෙන් රාජ්‍ය අංශයේ විශ්‍රාම වැටුප් හිමිකම සහිත රැකියා අවස්ථා සඳහා ඇත්තේ ඉතාමත් ඉහළ ඉල්ලුමකි. මෙයට මාස කිහිපයකට පෙර පවත්නා රජය විසින් උපාධිධාරීන් සඳහා රැකියා ලබා දීමේ වැඩසටහනෙහි දී පුද්ගලික අංශයට සේවය කිරීමට අපේක්‍ෂාවෙන් සිටි සහ පුද්ගලික අංශයේ දැනටමත් සේවයෙහි නියුතුව සිටි පිරිස් සැළකිය යුතු ප්‍රමාණයක් රාජ්‍ය අංශයට සම්බන්ධ වීමට වැඩි උනන්දුවක් දැක්වීම එයට නිදසුනක් වශයෙන් පෙන්වා දිය හැකි ය. 

ඒ අනුව මෙරට රාජ්‍ය අංශයෙහි සේවය කොට, මේ වන විට විශ්‍රාම වැටුප් ලබන පිරිස කොපමණ ප්‍රමාණයක් සිටින්නේ ද යන්න අන්වේෂණය කරගැනීම සඳහා අප විසින් 2020.09.09 දින විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත තොරතුරු දැනගැනීමේ අයදුම්පතක් යොමු කරන ලදී.

ඉන් අප විමසා සිටියේ 2020.09.10 දින වන විට මෙරට විශ්‍රාම වැටුප් සඳහා හිමිකම් කියන පිරිස කොපමණක් වන්නේ ද යන්නයි. එයට පිළිතුරු වශයෙන් දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ ඒ වන විට මෙරට විශ්‍රාමිකයින් 651,120 දෙනෙකු (හය ලක්‍ෂ පනස් එක්දහස් එකසිය විසිදෙනෙකු) විශ්‍රාම වැටුප් ලබාගන්නා බවයි. එසේ විශ්‍රාම වැටුප් ලබාගැනීමේ දී අදාළ පුද්ගලයා ; ඔහු/ඇය විශ්‍රාම ගැනීමේ දී සේවය කළ තනතුරෙහි තරම සහ එයට අදාළව ලබාගත් වැටුප් පරිමාණය මත විශ්‍රාම වැටුප තීරණය  වන බව ද අනාවරණය කර ඇත. එක් එක් වැටුප් පරිමාණය අනුව විශ්‍රාම වැටුප වෙනස් වන්නේ කෙසේද යනුවෙන් කළ විමසුම සඳහා ලබා දී ඇති පිළිතුර වූයේ එවැනි තොරතුරු ඔවුන් විසින් නඩත්තු කිරීමක් සිදු නොකරන බවයි.

එයට අමතරව, 1970 වසරේ දී විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව පිහිටුවීමෙන් පසු අඛණ්ඩව මෙරට විශ්‍රාම වැටුප් හිමි රාජ්‍ය සේවකයින් සඳහා විශ්‍රාම වැටුප් ලබා දී ඇති අතර, ඊට පෙර කාලසීමාවේ දී විශ්‍රාම වැටුප් ගෙවීමක් පිළිබඳ තොරතුරු අනාවරණය කරගෙන නොමැති බව ද ඔවුන් පෙන්වා දී ඇත.

පුවත්

‘Youth Club’ ජාතික තරුණ සමුළුව මල් වෙඩිල්ලක්ද?

වියදම රුපියල් ලක්ෂ 388යි ජාතික තරුණ සේවා සභාවේ තරුණ සමුළුවට සහභාගී වූ දිස්ත්‍රික් නායකයින් තෝරාගැනීමේදී ආණ්ඩුවේ දේශපාලන අධිකාරිය හා  යම්…

By In
පුවත්

මැතිවරණ වියදම් නියාමන නීතිය කෙතරම් ප්‍රායෝගිකද?

මැතිවරණ තුනේ අපේක්ෂකයින් 2403 ක්  ආදායම් වියදම් වාර්තා ලබා දී නෑ තොරතුරු දැන ගැනීමේ පනතින් කළ සොයා බැලීමක් ප්‍රජාතන්ත්‍රවාදී පාලන…

By In
පුවත්

අයිතිවාසිකම් පනත් කෙටුම්පත් හමස්පෙට්ටියට යාවිද?

  මහජනතාවගේ පරමාධිපත්‍ය හොබවන ඔනෑම රජයක ප්‍රමුඛ කාර්ය වන්නේ මහජනතාවගේ අයිතිවාසිකම්  වන මානව අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමය. එපමණක් නොව එම අයිතිවාසිකම්…

By In
පුවත්

දුම්රිය මැදිරි තුළ ගමන් ගන්නා මගීන් අපහසුතාවයටපත්වීමට නීතිමය සහනයක් තිබේද ?

බ්‍රිතාන්‍ය පාලන සමයේ සිට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වූ දුම්රිය සේවය අදටත් මෙරට මහජනතාවගේ ප්‍රධානතම පොදු ප්‍රවාහන මාධ්‍යයන් අතුරින් එකකි….

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *