Uncategorized

පොල් මිල සහ පැමිණිලි

By In

පසුගිය සමයේ රජය විසින් ජනතාවගේ ආහාර අවශ්‍යතාවය සපුරා ගැනීමේ සහනයක් වශයෙන් සහල්, සීනි සහ පිටි ආදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක් සඳහා පාලන මිලක් නියම කරන ලදී. එයින් අදහස් කරන ලද්දේ වෙළඳුන් එම ද්‍රව්‍ය අලෙවි කිරීමේ දී ඔවුන්ට කිසි විටෙකත් එම නියම කළ මිලට වඩා වැඩි මුදලකට ඒවා විකිණිය නොහැකි වීමයි. රජය එවැනි පාලන මිලක් නියම කරනුයේ ජනතාවගේ ම සුබසාධනය සඳහා ය. යම් හෙයකින් වෙළඳුන් අදාල ද්‍රව්‍ය ඉහළ මිලකට විකුණන්නේ නම්, අපට ඒ පිළිබඳව පාරිභෝගික සේවා අධිකාරියට පැමිණිලි කළ හැක. 

මෙසේ පාලන මිලක් නියම කළ ආහාර ද්‍රව්‍ය අතරින් පොල් ගෙඩියක මිල තීරණය කර තිබුණේ එහි වටප්‍රමාණය සළකමිනි. ඒ අනුව අඟල් 12ට අඩු වටප්‍රමාණයක් සහිත පොල් ගෙඩියක උපරිම සිල්ලර මිල රුපියල් 60ක් වන අතර, අඟල් 12 – 13 ත් අතර පරිධියක් සහිත පොල් ගෙඩියක උපරිම සිල්ලර මිල රුපියල් 65කි. තව ද අඟල් 13ක පොල් ගෙඩියක් සඳහා නියම කරන ලද උපරිම සිල්ලර මිල රුපියල් 70 කි. නමුත් වෙළඳපලේ නියමිත මිලට වඩා වැඩි මුදලකට පොල් අලෙවි කරන බව අප අසා ඇත. එහෙයින් පවත්නා පාලන මිලට එපිටින් පොල් අලෙවි කිරීම සම්බන්ධයෙන් පාරිභෝගික සේවා අධිකාරියට ලැබී ඇති පැමිණිලි පිළිබඳ සොයාබැලීම සඳහා අප විසින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ අයදුම්පතක් යොමු කරන ලදී. ඒ සඳහා පාරිභෝගික සේවා අධිකාරිය ලබාදුන් පිළිතුරු පහත පරිදි වේ.

2020 සැප්තැම්බර් මාසයේ සිට නොවැම්බර් මාසය දක්වා වැඩි මිලකට පොල් අලෙවි කරන බවට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 267කි. ඉන් පැමිණිලි 108ක් ම ලැබී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. ඒ අනුව වැඩිම පැමිණිලි ප්‍රමාණයක් සිදු කර ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයේ පාරිභෝගිකයින් විසිනි. ඒ අතර නුවරඑළිය, මුලතිව්, මන්නාරම, කිළිනොච්චි, ත්‍රිකුණාමලය, මඩකලපුව සහ පුත්තලම යන දිස්ත්‍රික්ක වලින් ද පැමිණිලි සුළු ප්‍රමාණයක් ලැබී තිබේ. ඒ අනුව අදාළ වෙළඳූන් අරභයා දැනටමත් නීතිමය පියවර ගෙන ඇති බව සහ නුදුරේදී ම අදාළ අධිකරණ වල ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව අධිකාරිය විසින් දන්වා එවා ඇත.

Social, Uncategorized, පුවත්

ගොවිජන සේවා මධ්‍යස්ථාන සහ ග්‍රාමිය ආර්ථිකය

මහේන්ද්‍ර රන්දෙනිය  ශ්‍රී ලාංකීය ගොවි ජනතාවගේ කෘෂිකාර්මික අවශ්‍යතාවන් ඉටු කිරීම සඳහා සෑම මැතිවරණ කොට්ඨාසයකම ගොවිජන සේවා මධ්‍යස්ථාන  ආරම්භකර ඇත. අතීතයේ…

By In
Uncategorized

කථානායක පාර්ලිමේන්තු සම්ප්‍රදායන් කඩකරලා?

– චාමර සම්පත් ප්‍රජාත්‍රන්ත්‍රවාදී පාලන ක්‍රමය තුළ ව්‍යවස්ථාදායක හෙවත් පාර්ලිමේන්තුව සඳහා හිමිවන්නේ සුවිශේෂි ස්ථානයකි. පාර්ලිමේන්තුව ස්වාධීන ආයතනයක් ලෙස පවත්වාගෙන යන…

By In
Uncategorized

තොරතුරු දැනගැනීමේ පනත යටතේ මහජන නියෝජිතයන්ගේ වත්කම් බැරකම් ඉල්ලා සිටිය හැකි ද​?

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් තොරතුරු දැනගැනීමේ පනත සහ එහි භාවිතයන් පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහාත් තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳ…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *