පුවත්

පුරවැසියෙකුට ඔනෑම පොදු අධිකාරියකින් තොරතුරු ලබා ගත හැකි බව ඔබ දන්නවාද​?

By In

දශක දෙක්කට ආසන්න කාලයක සිට කරන ලද නොයෙක් ආකාරයේ අරගල වල ප්‍රතිඵලයක් වශයෙන් 2017 වසරේ දී  තොරතුරු දැනගැනීමේ අයිතිය නීත්‍යනුකූලව බලාත්මක කරගැනීමට මෙරට පුරවැසියන්ට හැකි විය​. 

ඒ අනුව 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත ඔස්සේ මහජනතාවට මනා විනිවිදභාවයකින් යුක්ත ව මහජන අධිකාරීන් වෙතින් නන් ආකාරීය විෂයයන් සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමට අවකාශ සළසා දී තිබේ.   එහෙයින් නිරන්තරයෙන් තම තොරතුරු අයිතියෙහි ප්‍රායෝගික භාවිතයටත්  තොරතුරු දැනගැනීමේ පනත අභ්‍යාස කිරීමත් මහජනයා සතු කාර්‍යයකි. 

එහි ලා රටේ පුරවැසියන් හට මෙරට තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳ පවත්නා අවබෝධය පිළිබඳ උරගා බැලීම සඳහා ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයෙහි ඉන්ස්ටාග්‍රෑම් සමාජ ජාල ගිණුම සහ ෆේස්බුක් පිටුව ඔස්සේ මහජන මත විමසුම් මාලාවක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලදී. ඒ අනුව එහි මුලික වටය වශයෙන් “පුරවැසියෙකුට ඔනෑම පොදු අධිකාරියකින් තොරතුරු ලබා ගත හැකි බව ඔබ දන්නවාද​?” යන්න පිළිබඳ මහජන අදහස් දැක්වීමට සතියක කාලයක් පුරාවට ඉඩ ලබා දෙන ලදී. 

එලෙස එම මත විමසුම් වලට මහජනතාව දක්වා තිබූ අදහස් අනුව සමස්තයක් වශයෙන් ප්‍රතිචාර දක්වා තිබූ පිරිසෙන් 76% ක් තමන් පුරවැසියෙකුට ඔනෑම පොදු අධිකාරියකින් තොරතුරු ලබා ගත හැකි බව දන්නා බව ද, 24% ක පිරිසක් පුරවැසියෙකුට ඔනෑම පොදු අධිකාරියකින් තොරතුරු ලබා ගත හැකි බව නොදන්නා බව ද සඳහන් කර තිබිණි.  එම ප්‍රතිඵල සටහන පහත පරිදි වේ. 

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනතට අනුව එහි 5 වන වගන්තියෙහි විධි විධාන වලට යටත්ව, ‘පොදු අධිකාරියක් සන්තකයේ, භාරයේ හෝ පාලනයේ ඇති තොරතුරු වලට’ ප්‍රවේශ වීමේ අයිතිවාසිකම  මහජනතාව සතු වේ. ඒ අනුව තොරතුරු දැනගැනීමේ පනතෙහි 43 වන වගන්තියට අනුව පොදු අධිකාරියක් යනු කුමක් දැයි ඉතා පැහැදිලිව අර්ථ දක්වා ඇත​. 

පොදු අධිකාරියක් යනු කුමක්දැයි යන්න පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම සඳහා පහත සබැඳිය ඔස්සේ අප ම්න් පෙර පළ කරන ලද ලිපි පරිශීලනය කරන්න​. 

https://bit.ly/2S2qsy4

පුවත්

ඛනිජතෙල් සභාපතිගේ ලක්ෂ හයේ වැටුප: ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නොකී කතාව මෙන්න!

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි ශ්‍රී  ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති වරයාගේ වැටුප සම්බන්ධයෙන් පසුගිය දිනවල දැඩි කතා බහට ලක් වූයේ අදාළ…

By In
පුවත්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත, පශ්චාත් යුද සමයේ භාවිතය

ධනුෂ්ක සිල්වා 1979 ජූලි මස එවක ව්‍යවස්ථාදායකය විසින් තාවකාලික නීතියක් ලෙස හඳුන්වා දුන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පසුගිය අවුරුදු 45ක් පුරා…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *