පුවත්

ගම්පහ නව බස්නැවතුම්පළ විවෘත කිරීම කඩිනම් කිරීමට තොරතුරු පනතින් සහය

By In

ගම්පහ බස්නැවතුම්පළ වෙනුවට ඉදිකරන ලද නව ගම්පහ බස්නැවතුම්පළ -2 ගොඩනැගිල්ලේ වැඩ අවසන් කෙරුණේ 2018 වර්ෂයේ ජුනි මාසයේ දී ය.

බස් නැවතුම්පළේ වැඩ අවසන්කර මාස පහක් පමණ ගතවී තිබුණ ද, තවමත් මහජනතාව සදහා විවෘතකොට නොමැත. මෙම ගොඩනැගිල්ල වර්තමානයේ විවිධාකාර පුද්ගලයින් විසින් විෂමාචාර කටයුතු සදහා භාවිතා කරනු දැකිය හැකිය. නඩත්තු කටයුතු නොකිරීම නිසා ගොඩනැගිල්ලේ කුණුකසළ එක්රැස් වී ඇති ආකාරය ද දැකිය හැකි ය.

මෙම ගොඩනැගිල්ල ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීම පිළිබද. පුරවැසියෙක් විසින් ගම්පහ නගර සභාව වෙත තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලීමක් සිදු කරන ලදී.  ගම්පහ නගර සභාව එයට ප්‍රතිචාර දක්වමින් ඉල්ලුම්කරුට වැඩිදුර තොරතුරු නගර සභාව හා සාකච්ඡා කිරීම සදහා වේලාවක් ද වෙන්කර දෙන ලදී. දින 14 ක් ඇතුලත අදාළ තොරතුරු ලිඛිතව ලබා දෙන බවත් සදහන් කර තිබිණි.

පසුව ලැබුණු පිළිතුරට අනුව සනීපාරක්ෂක පහසුකම්වල අඩුපාඩුවක් නිසා විවෘත කිරීමට ප්‍රමාද වූ බවත් දැන් එම කටයුතුවල ඉදිකිරීම් අවසන් බැවින් ඉතා ඉක්මනින් බස් නැතුම්පළ ජනතා අයිතියට පත් කැන බවත් ප්‍රකාශ විය.

(ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින්  පවත්වන ලද තොරතුරු දැනගැනීමේ පනත  හා සන්නිවේදන පුහුණු වැඩමුළුවට සහභාගී වූවන් විසින් මෙම  ලිපි සකස් කරන ලද්දේ USAID-SDGAP ව්‍යාපෘති‍යේ මුල්‍ය ආධාර සහිතවය.)

මෙමෙ ලිපි වල අන්තර්ගතය තුලින් USAID-SDGAP අදහස් පිලිබිබු නොකරන බව කරුණාවෙන් සලකන්න

පුවත්

තොරතුරු කොමිසමෙන් ජනතාවට නිවේදනයක්

තොරතුරු අයිතිය අවතක්සේරු කරන ආකාරයෙන්තොරතුරු පනත සංශෝධනය කිරීමට ගන්නාඕනෑම උත්සාහයක් පුරවැසියන්ට අහිතකරයි ස්වාධීන කොමිෂන් සභාවක් ලෙස ක්‍රියාත්මක වීමට තොරතුරු දැනගැනීමේ…

By In
පුවත්

තැපෑල අකුරට වැඩද ?

රාජ්‍ය සේවය ගත් කල එහි කාර්යක්ෂමතාවය සම්බන්ධයෙන් ජනතාවට සැමදා ඇත්තේ අත්දැකීම්සහිත අප්‍රසාදයකි. බහුතරයක් රාජ්‍ය ආයතන හා ඒවායේ නිලධාරීන්ගේ අඩුපාඩු මෙන්ම…

By In
පුවත්

ජනාධිපතිවරයාගේ  පුද්ගලික කටයුතු වලට රජයේ වාහන භාවිතා කරලා

‘විගණනය කරන තුරු තොරතුරු දෙන්න බැහැ’ ජනාධිපති ලේකම් කාර්යාලය කියයි  ජනාධිපති අනුර කුමාර දිසානායක, පසුගිය පාර්ලිමේන්තු මැතිවරණ සමයේදී හා පළාත්…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *