‘කුඩා ළමුන් මල් වැනි ය’. ඔවුන් තවමත් පසු වනනේ ලෝකය පිළිබඳ ඉගෙන ගන්නා අවධියක ය. වැඩිහිටියන් අනුකරණය කරමින්, අලුත් අලුත් දෑ අත්හදා බලමින්, පොතපතින්, අවට පරිසරයෙන් නොයෙක් දෑ උගන්නා ජීවන අවධියක ය. එසේම දෙමාපිය වැඩිහිටියන්ගේ අවධානය සහ ආරක්ෂාව උපරිමයෙන් ලැබිය යුතු අවධියක ය.
එහෙත් ඔවුන්ට අවැසි අවධානය,ආරක්ෂාව නොලබන ළමුන් විශාල ප්රමාණයක් ශ්රී ලංකාව තුළ සිටින බව ඔබ දන්නවා ද?
2016 සිට 2020 වසර දක්වා වූ වසර පහ තුළ ‘ළමා ලිංගික හිංසනය’ පිළිබඳ ජාතික ළමාරක්ෂක අධිකාරිය වෙත ලැබී ඇති පැමිණිලි ප්රමාණය 2881 කි.
2016 සිට 2020 වසර දක්වා වූ වසර පහ තුළ ‘බරපතල ලිංගික අපයෝජනය’ පිළිබඳ ජාතික ළමාරක්ෂක අධිකාරිය වෙත ලැබී ඇති පැමිණිලි ප්රමාණය 1541 කි.
2016 සිට 2020 වසර දක්වා වූ වසර පහ තුළ ‘නීතිවිරෝධීව ළමුන් මෙහෙකාර සේවයෙහි යෙදවීම’ පිළිබඳ ජාතික ළමාරක්ෂක අධිකාරිය වෙත ලැබී ඇති පැමිණිලි ප්රමාණය 1307 කි.
2016 සිට 2020 වසර දක්වා ගෙවුණු වසර පහ තුළ, අඛණ්ඩව වැඩි ම පැමිණිලි ප්රමාණයක් ඉදිරිපත් වී ඇත්තේ කොළඹ දිස්ත්රික්කයෙනි. අඛණ්ඩව අඩු ම පැමිණිලි ප්රමාණයක් ඉදිරිපත් වී ඇත්තේ මන්නාරම දිස්ත්රික්කයෙනි.





