පුවත්

විදේශ රැකියා ලබාදෙන නීති විරෝධී ආයතන සම්බන්ධයෙන් පසුගිය 2020 වසර තුළ දී පැමිණිලි 172 ක් ලැබිලා

By In

වැටලීම් 25 කදී අත්අඩංගුවට ගෙන ඇති පිරිස සමිබන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග

රාහුල්  සමන්ත හෙට්ටිආරච්චි 

විදේශ රැකියා ලබාදෙන නීති විරෝධී ආයතන සම්බන්ධයෙන් පසුගිය 2020 වසර තුළ දී පැමිණිලි 172 ක්  ලැබි ඇති බවත් බවත් එම පැමිණිලිවලට අදාළ වැටලීම් 25 ක් සිදුකොට පුද්ගලයින් 25 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් තොරතුරු දැනගැනීමේ අයදුම්පත් මගින් විදේශසේවා නියුත්ති  කාර්යාංශයෙන් ලබාගත් තොරතුරුවලින් අනාවරණය වේ. 

අත්අඩංගුවට ගෙන ඇති  එම පිරිසට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති බව ද එම තොරතුරු මගින් අනාවරණය වේ.

  මේ වනවිට ලංකාවේ බොහොමයක් නීති විරෝධී  විදේශ රැකියා ලබාදෙන ස්ථාන මගින් විදෙස් ගතවන ශ්‍රමිකයින් පිලිබඳ නිසි වගකීමක් සොයා බැලීමක් සිදු නොවන පසු බිමක ඔවුන් විවිධ ගැටළු සදහා  මුහණ දීමට සිදුව තිබේ. එවන් පසුබිමක විදෙස් ගත වන්නන්ද ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් වියයුතු බව විදේශසේවා නියුත්ති  කාර්යාංශයේ නිලධාරියෙකු කියා සිටියේය.

  එමෙන්ම පැමිණිලි ලැබුණු අනෙකුත් විදේශ රැකියා ලබාදෙන ස්ථාන පිලිබදව සෙවීමටද මේ වනවිට පරීක්ෂණයක් ආරම්භකර තිබෙන බවත් එම ආයතනද වරදක් කර තිබේනම් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව එම නිලධාරියා කියා සිටියේය.

Social, පුවත්

දිස්ත්‍රික්ක අටක, වසරකට බරවා රෝගීන් 700ක් – තොරතුරු පනතින් කළ තවත් හෙළිදරව්වක්

මොහොමඩ් ආසික් ජනාකීර්ණ වූ නගරයන්හි  වීදි හරහා හදිස්සියෙන්  එහා මෙහා  යද්දී අපේ  නෙතට ගැටී නොගැටී  යන දෑත් දෙපා ඉදිමුණු  පිරිමින් මෙන්ම…

By In
Social, පුවත්

නව ලෝකයට ගැලපෙන ලෙස වෙනස්වන ළමා අපයෝජන – වැඩිහිටියනි අවධානයෙන්

හර්ෂා සුගතදාස කුරුණෑගල කුඹුක්ගැටේ ප්‍රදේශයේ 16 හැවිරිදි පාසල් දැරියක් බස් රථයක් තුළ දූෂණය කළ  සි දූ  විමක්  පසුගිය දිනවල මාධ්ය…

By In
Social, පුවත්

රුපියල් මිලියන 366ක් වැය කළ තොරතුරු තාක්ෂණ උද්‍යානය පුස්සක් ද?

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දී සිටින බර පතළ ආර්ථික අර්බුදයට මුල් වු හේතුන් අතර, දෙස්…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *