Social, පුවත්

වැසී යන පාසල් සහ දරුවන්ගේ අධ්‍යාපන අයිතිය

By In
  • චාමර සම්පත්

 පාසලක් ඇරෙනවිට සිපිරි ගෙවල් දහයක් වැසියන බව අප අසා ඇති ප්‍රකට කියමනකි.ඉන් අරුත් ගැන්වෙන්නේ පාසල් ඇධ්‍යපනය යනු රටකට කෙතරම් වැදගත්ද යන්නය. අධ්‍යපනය ලැබිම විශ්විය මානව හිමිකමක් ලෙස ලොවම පිළිගෙන තිබෙන අතර වයස් 18 ට අඩු සැම දරුවකුටම එම අයිතිය හිමිය. දරුවන්ගේ පාසල් අධ්‍යපනය තහවුරු කිරිම උදෙසා කලින් කලට විවිධ අධ්‍යපන ප්‍රතිසංස්කරණ සිදුවුවද භූමියේ තත්ත්වය ඊට පටහැනි බව පෙනෙන්නට තිබේ.ලංකාවේ පාසල් පද්ධතිය තවදුරටත් ශක්තිමත් විම වෙනුවට පාසල් වැසියාමේ අනතුරකට මේ මොහොත වන විටත් අප මුහුණ දෙමින් සිටිමු.

වැසිගිය පාසල්

කෙසේවෙතත් තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ලබාගත් තොරතුරු වලට අනුව 2015 වසරේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ පාසල් 200 ට ආසන්න ප්‍රමාණයක් වැසී ගොස් තිබේ. 

ඒ අනුව 2015 සිට 2018 දක්වා පාසල් 114 ක් වැසිගොස් ඇත. 2018 – 2019 කාලසීමාව තුළ පාසල් 09 ක් , 2019 – 2020 කාලසීමාව තුළ පාසල් 15 වැසීගොස් ඇත. එමෙන්ම 2020-2021 කාලසීමාව තුළ පාසල් 08 ක් වැසීගොස් තිබේ.

පාසල් වැසීයාමට හේතු

පාසල් පවත්වාගෙන යාමට තරම් ප්‍රමාණවත් සිසුන් නොමැතිවිම හේතුකොටගෙන තවදුරටත් පාසල් පවත්වාගෙන යාම ඵලදායි නොවන බැවින් වසා දැමීමට පළාත් අධ්‍යාපන බලධාරින් කටයුතු කර ඇති බව තොරතුරු ලබාදෙමින් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර තිබේ.  පාසල් වැසීයාමට විවිධ හේතු ගණනාවක් බලපා ඇත. අති දුෂ්කර ගම්මානවල සේම දුෂ්කර හුදකලා ගම්මාන බොහෝමයක්ම පාසල් වැසී ගොස් ඇත්තේ ප්‍රවාහන පහසුකම් නිසි පරිදි නොතිබීම නිසාය. දුෂ්කර ගම්මානවලට උරුම වූ පාසල්වලට නිසි ප්‍රවාහන පහසුකම් නොතිබීම නිසා කාලයකට පසු මේ පාසල්වලට පැමිණෙන සිසුන් ප්‍රමාණය සිඝ්‍රයන් පහත වැටිතිබේ. 

ඉතා අඩු ශිෂ්‍ය සංඛ්‍යාවක් සහිත පාසල් පවත්වාගෙන යාම අධික වියදම් දැරීමට සිදුවන කටයුත්තකි. එම නිසා ඒ තත්ත්වය පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතුය.  සාමාන්‍යයෙන් පාසලක සිසුන් 10 කට අඩු වුවහොත් එය  නීති උල්ලංඝණය ‍නොවන පරිදි, කිලෝ මීටර දෙකක් ආසන්න දුරකින් සිසුන් වෙනත් පාසලකට අනුයුක්ක කළ හැකි නම් පමණක් එම පාසල වසා දැමීමේ හැකියාව පවතියි. 

එමෙන්ම පාස්කු ප්‍රහාරයෙන් පසුව රටතුළ උද්ගත වු තත්වය මෙන්ම කොවිඩ් වසංගයේ බලපෑම නිසාද පාසල් පවත්වාගෙන යාමේ අභියෝගයට මුහුණ දුන් අතර ඇතැම් පාසල් වැසීයාමට එම හේතුද බලපා තිබේ.

බස්නාහිර පළාතේ තත්වය

රටේ දියුණුම පළාත ලෙස සලකන බස්නාහිර පළාතේ ද වැසී යාමේ තර්ජනයට මුහුණ දී ඇති පාසල් පැවතීම විශ්වාස කළ නොහැකි වුවද සත්‍ය කරුණකි. ඒ අතරින් කොළඹ කලාපය තුළ ළමුන් 100 ට අඩු පාසල් 10 ක් ඇත. බස්නාහිර පළාත සැලකීමේදි ළමුන් 100 ට අඩු පාසල් 208 ක් පවතී.  ඒ අතරින් බහුතරය කළුතර දිස්ත්‍රික්කයේ වන අතර ප්‍රමාණය 100 කි. කොළඹ දිස්ත්‍රික්යේ පාසල් 51   සහ ගම්පහ දිස්ත්‍රික්කයේ පාසල් 57 ක් ඇත. මේවායේ ද සිසුන් සංඛ්‍යාව ක්‍රමයෙන් අඩුවන ලක්ෂණ පෙන්නුම්කර ඇති අතර පාසල් පවත්වාගෙන යාම සඳහා සම්පත් ලැබීමද පහළ මට්ටමක පවති. නිසි ක්‍රමවේද අනුගමනය කරන්නේනම් මෙම පාසල් සාර්ථකව ක්‍රියාත්මක කිරීමේ හැකියාව වර්තමානයේ වුවද පවතී.

ඉගෙනුමට පාසල් නොමැති දරුවන්

මේ අතර පාසල් වලට ඇතුළත් කරගන්නා ළමුන් සංඛ්‍යාව සම්පුර්ණ වීම හේතුකොට ගෙන පාසල් යාමට නොහැකිව ගෙදරට වී සිටින දරුවන්ද බොහොමයක් ඇත. රජයේ පාසල් සොයාගැනීමේ දුෂ්කර කාර්‍යයේ නිරතව වෙහෙසෙවීමෙන් පසුව ඇතැම් දෙමාපියෝ පෞද්ගලික පාසල් වලට දරුවන් ඇතුළත් කරන්නේ දරුවන්ට අධ්‍යාපනය ලබාදීම අනිවාර්යෙන් සිදුකළ යුතු නිසාවෙනි. කෙසේවෙතත් බස්නාහිර පළාත පමණක් ගත්තද ඒම පළාත තුළ ඇති පාසල් සියල්ල නිසි ලෙස කළමණාකරණය කරන්නේනම් දරුවන්ගේ පාසල් ප්‍රශ්නයට නිසි ස්ථිරසාර විසදුමක් සොයැගැනීම අපහසු නොවේ.

ආණ්ඩුව අධ්‍යාපනය සම්බන්දයෙන් ඇතැම් තීරණ සුබවාදීව ගෙන ඇති අතර ඒවා අගය කළ යුතුය. එමෙන්ම රටපුරා පාසල් පද්ධතිය සක්‍රීයව ක්‍රියාත්මත කරවීමේ වගකීමද ඇත්තේ රජයටය.

ශ්‍රී ලංකාවේ සමස්ත පාසල් සංඛ්‍යාව 10,146 ක් ඇති අතර වී ඇති අතර ඒවා තුළ මේවනවිට සිසුසිසුවියන් 4 048 937 අධ්‍යාපනය ලබමින් සිටියි. පිරිවෙන් අධ්‍යාපනය , පෞද්ගලික පාසල් සහ ජාත්‍යන්තර පාසල් වල අධ්‍යාපනය ලබන සිසුසිසුවියන් ප්‍රමාණයද එක්කළ විට මෙම ප්‍රමාණය තවත් වැඩි අගයත් ගනි.  ඒසේ වුවද තවත් දරුවන් විශාල ප්‍රමාණයක් තමන්ට පාසලක් නොමැති අසරණවී සිටිති. එසේම තවත් පිරිසක් පාසල් යාමට හැකියාවක් නොමැතිව අසරණ වී සිටිති. නවීන තාක්ෂණයේ පහසුව ද උපයෝගි කරගනිමින් නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කරන්නේනම් සියලු දරුවන්ගේ අධ්‍යපන අයිතිය තහවුරුවේ.

පුවත්

 ‘පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත’   ලබන මාර්තු සිට පූර්ණ වශයෙන් බලගැන්වේ.

ජනක සුරංග පෞද්ගලික දත්ත සැකසීම නියාමනය කිරීම,පෞද්ගලික දත්ත ආරක්ෂා කිරීම,දත්ත දායකයන්ගේ අයිතිවාසිකම් හඳුනාගැනීම සහ ශක්තිමත් කිරීම ආදී අරමුණු රැසක්  ඉලක්ක…

By In
Social

ශ්‍රී ලංකාවේ ආහාර හා ආහාර නොවන නිෂ්පාදන වල අඩංගු නොවිය යුතු ලැයිස්තුව

ශරීරයේ කොතැනක හෝ සිදුවන අසාමාන්‍ය සෛල බෙදීමක් හා ඒවායේ පාලනයකින් තොරව ශරීරය පුරා ව්‍යාප්ත වීමක් පිළිකාවක් ලෙස හැඳින්විය හැකිය. පිළිකා…

By In
Social, පුවත්

දිස්ත්‍රික්ක අටක, වසරකට බරවා රෝගීන් 700ක් – තොරතුරු පනතින් කළ තවත් හෙළිදරව්වක්

මොහොමඩ් ආසික් ජනාකීර්ණ වූ නගරයන්හි  වීදි හරහා හදිස්සියෙන්  එහා මෙහා  යද්දී අපේ  නෙතට ගැටී නොගැටී  යන දෑත් දෙපා ඉදිමුණු  පිරිමින් මෙන්ම…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *