පුවත්

වැය වැඩි අය අඩු රන්මිණිතැන්න

By In

“රන්මිණිතැන්න ටෙලි සිනමා ගම්මානය” යනු ලංකාවේ සිනමාව ටෙලි කර්මාන්තය  වෙනුවෙන් ලංකාවේ ඉදි වූ සිනමා ගම්මානයයි. මෙය සිනමාවේ උන්නතිය වෙනුවෙන් මෙරට බිහිවූ විශාලතම සිනමා ගම්මානය ලෙසට දැක්වීම වරදක් නැත.. නමුත් අද වන විට මෙයින් නිසි ප්‍රයෝජනයක් ලබා ගන්නේද යන්න ගැටළුවකි. සිනමාවේ වර්ධනයට මහත් රුකුලක් වේ යැයි  බලාපොරොත්තුවෙන් ඉදි වූ මෙම සිනමා ගම්මානය සඳහා ඉතා අධික වියදමක් දරා ඇත. 2010 වසරේ ඉරිකෙරුණු මෙම සිනමා ගම්මානය ඉදිකිරීමට මිලියන හයසිය තිහකට අධික මුදල් ප්‍රමාණයක්  වැය වි ඇත. මෙහිදි මෙය ඉදිකිරීම් අදාල මුලික වියදම ලෙස රුපියල් 31,822,874.70 මුදලක් වේ.

2010 වසර සිට 2018 දක්වා කාල පරාසය තුල මේ වන විට රන්මිණිතැන්න සිනමා ගම්මානයේ ටෙලි සිනමා 19 ක් සහ චිත්‍රපට 14 ප්‍රමාණයක් නිර්මාණය වී ඇත. රන්මිණිතැන්න සිනමා ගම්මානයෙන් වැඩිම අදායමක් ලද ඇති වර්ෂය වන්නේ 2014 වර්ෂයයි. එම වසරේදී  ඔවුන් රුපියල් 20,857,203.08 ක අදායමක් ලබාගෙන ඇත. කෙසේ නමුත් තොරතුරු දැනගැනීමේ පනත ඔස්සේ ලබා ගත්  තොරතුරු අනුව රන්මිණිතැන්න සිනමා ගම්මානයෙන් ලබාගත් මුළු අදායම මෙහි ඉදිකිරීම් කිරීමට වැය වූ වියදම පියවීමට සමත් වී නොමැති බව තහවුරු වී ඇත. මෙසේ නිකරුනේ විනාශ වන්නට නොදී ඒ සම්බන්ධව නිසි පියවර ගැනීමට අදාළ බලධාරීන් පියවර ගන්නේනම් එහි නිසි ප්‍රයෝජන සිනමාවට මෙන්ම රටටද ලබා ගැනීමට හැකි වේ.

(ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින්  පවත්වන ලද තොරතුරු දැනගැනීමේ පනත  හා සන්නිවේදන පුහුණු වැඩමුළුවට සහභාගී වූවන් විසින් මෙම  ලිපි සකස් කරන ලද්දේ USAID-SDGAP ව්‍යාපෘති‍යේ මුල්‍ය ආධාර සහිතවය.)

මෙමෙ ලිපි වල අන්තර්ගතය තුලින් USAID-SDGAP අදහස් පිලිබිබු නොකරන බව කරුණාවෙන් සලකන්න

Social, පුවත්

කොවිඩ් වසංගතයත් පැරද වූ වංචා සහ නාස්තිය,

තොරතුරු පණත යටතේ පූර්ණ හෙළිදරව්වක් රාහුල් සමන්ත හෙට්ටිආරච්චි  රජයේ විනිවිදභාවය සඳහා වන වගවීම, විශ්වාසය සහ පලදායී පාලනයක් පෝෂණය කිරීම ප්‍රජාතන්ත්‍රවාදි…

By In
Social, පුවත්

චීන ආධාර නැවතී ලංකාවේ පානිය ජල යෝජනා ක්‍රමය අතරමඟ නවතී

මොහොමඩ් ආසික් මහනුවර  සහ කුරුණෑගල  යන  දිස්ත්‍රික්කවල  පවුල් 72,000 කට අලුතින් පානිය  ජල සම්බන්ධතා ලබා දීමත් තවත්  ජල සම්බන්ධතා 1,01…

By In
Social, පුවත්

2019 සිට 2023 දක්වා කාලය තුළදී නීති විරෝධීව සංක්‍රමණ සිදුකළ, නීතිවිරෝධී විදේශ රැකියා ලබාදෙන ආයතන 461ක ට නඩු දාලා

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි “මගේ නෝනා සෞදි අරාබියේ ගෘහ සේවයට ගිහින් වසර ගණනාවක් එහෙ හිටියා. ඒ අතරතුර විටින් විට ඉන්න තැන…

By In
Social, පුවත්

මධ්‍යම පළාතේ පාසැල්වලින් තුනෙන් එකකම සිසුන් සීයයට අඩුයි. සිසුන් 50ට අඩු පාසැල් 211ක්, පාසැල් 14ක සිසුන් දහයට අඩුයි!

මොහොමඩ් ආසික් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන රටාව කලින් කලට වෙනස් වෙමින් අතීතයේ සිටම පැවත එන බව නොරහසකි. සිංහල රජ කාලයේ පටන්ම…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *