පුවත්

ව්‍යාපෘති කාලයෙන් අඩකටත් වැඩි කාලයක් ගත වී තිබුණ ද තවමත් අනුරාධපුර උපායමාර්ගික නගර සංවර්ධන වැඩසටහනෙහි කටයුතු මන්දගාමීයි

By In

ප්‍රංශ සංවර්ධන ආයතනයේ ණය ආධාර යටතේ අනුරාධපුර නගරය ඉලක්ක කොටගෙන ක්‍රියාත්මක වන උපායමාර්‍ර්ගික නගර සංවර්ධන වැඩසටහනෙහි ප්‍රගතිය විමසා අප විසින් යොමු කරන ලද තොරතුරු දැනගැනීමේ අයදුම්පත්‍රයට අදාළව  තොරතුරු ලබා දෙමින් උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් කාර්‍යාලය විසින් එම ව්‍යාපෘතියේ ප්‍රගතිය පිළිබඳ සෑහීමකට පත් නොවන  බව  දන්වා එවා ඇත. ඒ පිළිබඳව අප මින් පෙර ලිපියක් මගින් කරුණු හෙළි කර දක්වන ලදී. 

එහි දී විශේෂයෙන්  මෙම අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක  කිරීමේ ප්‍රමාදයක් සිදුව ඇති ද යන්න සම්බන්ධයෙන් අප විසින් ඉදිරිපත් කළ ගැටළුව සඳහා පිළිතුරු සපයා ඇති ප්‍රධාන ලේකම් කාර්‍යාලය, පැහැදිලිව ම යම් ප්‍රමාදයක් සිදුව ඇති බව සඳහන් කර එවා ඇත​. 

ඔවුන් විසින් අවස්ථා දෙකක දී ඒ සම්බන්ධයෙන් අදාළ  අමාත්‍යාංශය දැනුවත් කර ඇති බව ද සඳහන් කර තිබුණි. 

එසේ 2019.12.18 වන දින මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය වෙත යොමු කරන ලද ලිපියෙහි සඳහන් කර ඇත්තේ ඒ වන විටත් ව්‍යාපෘති කාලසීමාවෙන් අඩකටත් වැඩි කාලයක් ගත වී තිබුණත් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම මන්දගාමී ව ඇති බව ය​.   එම  නිසා එයට අදාළ කිසිඳු ක්‍රියාවක් බිම් මට්ටමින්  ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ඒ සඳහා සහාය දැක්වීමට ඉදිරිපත්ව සිටින පාර්ශවකරුවන් දිගින් දිගටම ව්‍යාපෘතියේ කටයුතු පිළිබඳ ප්‍රශ්න කරමින් සිටින බව එහි සඳහන් කර ඇත. 

තවද 2019.12.06 දින පවත්වන ලද අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ද මෙම ව්‍යාපෘතියේ ප්‍රගතියක් නොමැති වීම පිළිබඳ ප්‍රශ්න කිරීමට ලක් වූ බව එම ලිපියෙහි සඳහන් වේ. එයට අමතරව ව්‍යාපෘතියේ  කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා පවත්වන ලද ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම් වලදී ද පාර්ශවකරුවන් නිතර නිතර ව්‍යාපෘතියේ ප්‍රගතිය පිළිබඳ ප්‍රශ්න කරන බවත් සඳහන් කර ඇත​. 

මෙය මෙතෙක් ඉතිහාසයේ, අනුරාධපුර නගර සංවර්ධනය සඳහා වෙන් කෙරුණු විශාල ම මුදල වන අතර එය නිසි පරිදි වැය කොට ව්‍යාපෘතියේ කටයුතු ක්‍රියාත්මක කිරීමට නොහැකි වුවහොත් එය විශාල ගැටලුවක් වන බව ද එම ලිපිය මගින් උතුරුමැද ප්‍රධාන ලේකම්වරයා විසින් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් වෙත යැවූ එම ලිපියෙන් දන්වා යවා ඇත​.

ඉන්පසුව  2020.06.03 වැනි දින නාගරික සංවර්ධන, ජල සම්පාදන හා නිවාස පහසුකම් අමාත්‍යාංශය වෙත නැවතත් උතුරුමැද පළාත් ප්‍රධාන ලේකම්වරයා විසින් යොමු කරන ලද  ලිපියෙහි ද සඳහන් ව ඇත්තේ හඳුනාගෙන ඇති ව්‍යාපෘති ඒ වනවිටත් ක්‍රියාත්මක තත්ත්වයේ නොපවතින බවට​ ප්‍රගති සමාලෝචන රැස්වීම් කිහිපයකදී සාකච්ඡාවට භාජනය වූ බව ය​.​

එහෙයින් ඒ සම්බන්ධයෙන් වහා ක්‍රියාත්මක විය යුතු බවට අදාළ බලධාරීන් දැනුවත් කිරීමට ප්‍රධාන ලේකම් කාර්‍යාලය කටයුතු කර තිබේ. 

එසේම මෙම සංවර්ධන ව්‍යාපෘතියට අදාළව අප විසින් තොරතුරු දැන ගැනීමේ අයදුම්පත යොමු කළ 2020.09.15 වන දින දක්වා කිසිදු පැමිණිල්ලක් ලැබී නොමැති අතර යම් හෙයකින් එවැනි පැමිණිල්ලක් ලදහොත් පළාත් සභාවේ ආයතන මට්ටමින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ද සඳහන් කර ඇත.

මෙහි පළමු කොටස සඳහා පහත සඳහන් ලින්ක් එක ඔස්සේ පිවිසෙන

පුවත්

මැතිවරණ නීති උල්ලංඝනය කළ ඇතැම් රාජ්‍ය නිලධාරීන්ට දණ්ඩමුක්තිය?

  ශ්‍රී ලංකාව දිගු ඉතිහාසයක් සහිත ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායකට උරුමකම් කියන රටකි. නිදහස් හා සාධාරණ මැතිවරණ යනු, ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක මූලික පදනමයි….

By In
පුවත්

ජනමාධ්‍ය නිදහස සම්බන්ධයෙන් දකුණු ආසියාව  තවදුරටත් ගෝලීය “රතු කලාපයක්”

මේ වසරේ ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය (WorldPressFreedomDay2026 ) අද (මැයි 03 දා) ට යෙදී තිබේ. “සාමය පිරුණු අනාගතයක් උදෙසා” තේමාව යටතේ…

By In
පුවත්

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය ” ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය” සමරයි

ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය සැමරිම – 2026 මැයි 03 වෙනි දිනට යෙදී තිබූ “ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය” සෑමරීම වෙනුවෙන් සංවිධානය…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *