පුවත්

පොදු ප්‍රවාහන පහසුකම් නොමැතිකම තොරතුරු දැනගැනීමේ පනත භාවිතය සඳහා පොළඹවයි

By In

මාපලගම ප්‍රදේශවාසින් සඳහා පොදු ප්‍රවාහන පහසුකම් නොමැත’ ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පිහිටි මාපලගම සිට පිටිගල දක්වා දිවෙන මාර්ගයේ ජීවත් වන ජනයා සඳහා ප්‍රවාහන පහසුකම් නොමැති වීම බරපතල ගැටළුවක් වී ඇත. මෙම ප්‍රදේශයේ එක් බස් රථයක් පමණක් ධාවනය වන අතර මෑතකදි ධාවනය නතර කර ඇති අතර ප්‍රදේශවාසින් 500 ක් පමණ දැඩි අසීරුතාවයට පත්ව ඇත

එහි වැසියන් ප්‍රදේශයේ නිළධාරින්ට අයාචනා කිහිපයක් ඉදිරිපත් කළ අතර බස් රථය නැවත සේවයේ යෙදී ඇති බවට සහතික කර ගැනීම සඳහා හැකි සෑම තැනකට ම ඔවුන් මේ පිළිබඳව ලියා ඇත

තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ තොරතුරු දැනගත් ගම්වැසියන් පිරිසක් උඩුගම බස් ඩිපෝවට අයදුම්පතක් ගොනු කිරීමට තීරණය කලේ මෙම මාර්ගයට බස් රථයක් ලබා දීමට අපොහොසත් වීමට හේතු පිළිබඳව විස්තර ඉල්ලා සිටිමිනිී අයදුම්පත 2018 දෙසැම්බර් මාසයේ දි ගොනු කරන ලදි, නමුත් දින 14 ඇතුළත ඉල්ලීමට ප්‍රතිචාර දැක්වීමට ඩිපෝව අසමත් වී ඇත.

එහි ප්‍රදේශවාසින් විසින් නැවත අභියාචනාවක් ගොනු කලේය. ඔහු අභියාචනා නිළධාරියාගෙන් පිළිතුරක් බලාපොරොත්තුවෙන් සිටීමත් දීර්ඝ කාලයක් තිස්සේ අදාළ බලාධාරින් මේ පිළිබඳ කිසිදු ක්‍රියාමාර්ගයක් නොගෙන ඇස් කන් පියාගෙන සිටීම වැනි ගැටළු සඳහා තොරතුරු දැනගැනීමේ පනත බෙහෙවින් උපකාරි වන බව ඔවුන්ගේ බලාපොරොත්තුවයි.

තොරතුරු දැනගැනීමේ පනතට අනුව පිළිගැනීමට හෝ ක්‍රියා කිරීමට නිළධාරින් විසින් කැමැත්තක් නොදක්වන බව ප්‍රදේශවාසිහු පවසති’ නිළධාරින් ඒ තරම් නිර්භීතව ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීම ගැන ඔවුන් කළකිරීමට පත්ව සිටී’ නමුත් තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳ දැනුවත් වූ පසු දැන් වන විට තොරතුරු අනාවරණය කර ගැනීම සම්බන්ධයෙන් යම් බලාපොරොත්තුවක් ඇතිබවත් පෙර මෙන් පොදු අධිකාරින් ඉදිරියේ ප්‍රශ්න ඇසීමට භිය විය යුතු නැති බවත් ඔවුන් ප්‍රකාශ කලේ ය

(ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින්  පවත්වන ලද තොරතුරු දැනගැනීමේ පනත  හා සන්නිවේදන පුහුණු වැඩමුළුවට සහභාගී වූවන් විසින් මෙම  ලිපි සකස් කරන ලද්දේ USAID-SDGAP ව්‍යාපෘති‍යේ මුල්‍ය ආධාර සහිතවය.)

මෙමෙ ලිපි වල අන්තර්ගතය තුලින් USAID-SDGAP අදහස් පිලිබිබු නොකරන බව කරුණාවෙන් සලකන්න

පුවත්

‘Youth Club’ ජාතික තරුණ සමුළුව මල් වෙඩිල්ලක්ද?

වියදම රුපියල් ලක්ෂ 388යි ජාතික තරුණ සේවා සභාවේ තරුණ සමුළුවට සහභාගී වූ දිස්ත්‍රික් නායකයින් තෝරාගැනීමේදී ආණ්ඩුවේ දේශපාලන අධිකාරිය හා  යම්…

By In
පුවත්

මැතිවරණ වියදම් නියාමන නීතිය කෙතරම් ප්‍රායෝගිකද?

මැතිවරණ තුනේ අපේක්ෂකයින් 2403 ක්  ආදායම් වියදම් වාර්තා ලබා දී නෑ තොරතුරු දැන ගැනීමේ පනතින් කළ සොයා බැලීමක් ප්‍රජාතන්ත්‍රවාදී පාලන…

By In
පුවත්

අයිතිවාසිකම් පනත් කෙටුම්පත් හමස්පෙට්ටියට යාවිද?

  මහජනතාවගේ පරමාධිපත්‍ය හොබවන ඔනෑම රජයක ප්‍රමුඛ කාර්ය වන්නේ මහජනතාවගේ අයිතිවාසිකම්  වන මානව අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමය. එපමණක් නොව එම අයිතිවාසිකම්…

By In
පුවත්

දුම්රිය මැදිරි තුළ ගමන් ගන්නා මගීන් අපහසුතාවයටපත්වීමට නීතිමය සහනයක් තිබේද ?

බ්‍රිතාන්‍ය පාලන සමයේ සිට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වූ දුම්රිය සේවය අදටත් මෙරට මහජනතාවගේ ප්‍රධානතම පොදු ප්‍රවාහන මාධ්‍යයන් අතුරින් එකකි….

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *