Social, පුවත්

පළාත් පාලන මැතිවරණයේ කාන්තා නියෝජනය කාන්තාවන්ටම එපා වීද?

By In

මධ්‍යම පළාතේ ඡන්දයෙන් පත් වූ සභිකයින් 729 දෙනා අතර  කාන්තාවන්  67 යි

තොරතුරු පනතින් කළ හෙළිදරව්ව මොහොමඩ් ආසික්

පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් අවධානය යොමු කිරිමේදි, රුහුණු විශ්ව විද්‍යාලයේ  උපුල් අබේරත්න මහතා විසින් ලියා ඇති පළාත් පාලන ආයතන නැමැති ග්‍රන්ථයේ  පළාත් පාලන ආයතනවල කාර්ය භාරය සඳහන් වන්නේ මෙසේය. 

“ ප්‍රාදේශිය මට්ටමින් පොදු ජනතාවගේ  මහජන සෞඛ්‍යය, පොදු උපයෝගීතා සේවා, පොදු මංමාවත්, ජනතා සුබසාධනය, සුව පහසුව සහ විනෝදාස්වාදය  සැපයීම,  හැසිරවීම පාලනය කිරීම, සහ පරිපාලනය කිරීම, සඳහා  පිහිටුවා ඇති ප්‍රාදේශිය නියෝජිතායතන වේ” යනුවෙනි‍.මෙම අරමුණ සාක්ෂාත් වි තිබේද යන කාරණය වෙනම කතාකළ යුත්තකි.

  ශ්‍රි ලංකාවේ  පළාත් පාලන ව්‍යුහයේ මෑත කාලීනව විශාල වෙනස්කම් රැසක් සිදුව  ඇති බව බොහෝ කතාබහට ලක්ව තිබේ. ගමේ ජනතාව එක්ව ගම සංවර්ධනය කර ගැනීම පළාත් පාලන ආතයනවල අරමුණ වුවත් වර්තමානය වන විට දේශපාලන පක්ෂවල බලය උරගා බලන මෙවලමක් ලෙස පළාත් පාලන ආයතන පත්ව තිබීම දැකිය හැකිය. එයට හොඳම උදාහරණය කල් තැබූ මැතිවරණයයි.

2017 අංක 16 දරණ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත මගින් පළාත් පාලන ආතයනවල සභික ධූරය වැඩි කර සියයට විසි පහක  කාන්තා නියෝජනය අනිවාර්ය කර තිබේ. මෙම පනත යටතේ  පැවැති මුල්ම මැතිවරණය වන්නේ 2018 පෙබරවාරි 10 වනදා  පැවති  පළාත් පාලන මැතිවරණයයි‍. එම  මැතිවරණය සඳහා ඉදිරිපත් වූ කාන්තාවන්ගේ  ජයග්‍රහණය කිරීමේ ප්‍රතිශතය ඉතා  අඩු මට්ටමක පැවැතීම නිසාම එම අඩුව පත් කළ ලැයිස්තුවෙන් සම්පුර්ණ කර ගැනීමට සිදු විය. 2018 වසරේ පැවැති මැතිවරණයෙන් පත් වූ පළාත් පාලන ආයතන මේ වන විට විසිරී ගොස් ඇති අතර  මේ උත්සාහය එම  මැතිවරණයෙන් හඳුන්වා දුන්  සහ තවමත් පවතින කාන්තා නියෝජනය පිළිබඳව විමසා බැලීමයි අප මේ සඳහා  මධ්‍යම පළාත යොදා ගනිමු. 

මධ්‍යම පළාත යනු දිවයිනේ සුවිශේෂි පළාතක් වෙයි . දියුණු නගර මෙන්ම අතිශයින් දුෂ්කර ගම්මානද පවතින  විවිධාංකීකරණයට ලක්වූ ජනතාවක් ද ජීවත් වන සුවිශේෂි පළාතක් ලෙස මධ්‍යම පළාත සඳහන් කළ හැකිය. 

2017 අංක 1 දරණ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධසන පනත අනුව අනිවාර්ය කර ඇති කාන්තා නියෝජනයේ සාර්ථකත්වය සම්බන්ධයෙන්   විමසා බැලීම සදහා සඳහා 2016 අංක 12 දරණ තොරතුරු දැන ගැනිමේ පනත යටතේ කළ සොයා බැලීමක් මේ. 

 මධ්‍යම පළාතේ පළාත් පාලන ආයතයවලට පත්ව ඇති සභිකයින් අතර කාන්තා නියෝජනය පිළිබඳව කළ සොයා බැලීමේදී ලැබුණු තොරතරු අනුව මධ්‍යම පළාතේ   මුළු පළාත් පාලන ආයතන සංඛ්‍යාව 47 ක් වන අතර එම පළාත් පාලන ආයතන සඳහා  සභිකයින් 729 ක් ඡන්දයෙන් තේරි පත්ව  සිටිති.  ඒ අතර කාන්තා නියෝජිතවරින් පත්ව ඇත්තේ  67  දෙනෙකු  පමණි. ඉතිරි  සභිකයින් 662 දෙනාම පිරිමින්ය.  පනත අනුව සියයට විසි පහක කාන්තා නියෝජනය  අත්‍යාවශ්‍ය  බැවිත් පත් කළ සභිකයින් අතරට වැඩි කාන්තා නියෝජනයක් ලබා දිමට පියවර ගෙන තිබේ. ඒ අනුව  පළාතේ මුළු පත් කළ මන්ත්‍රීන්  489 ක් අතරින් කාන්තාවන් 209 දෙනකු පත් කර ඇති අතර පිරිමි සභිකයින් 286 දෙනෙකු ද  පත් කර තිබේ .

තොරතුරු පනත අනුව කරන ලද ඉල්ලීමට මධ්‍යම පළාතේ  පළාත් පාලන දෙපාර්තමේන්තුවේ  නම් කළ නිලධාරි  විසින් ලබා දී ඇති තොරතුරු අනුව මහනුවර මහ නගර සභාව සඳහා තේරි පත් වූ සභිකයින් 25 දෙනෙකුගෙන්    එක්  කාන්තාවක්  පමණක් නියෝජනය වන අතර පත් කළ සභිකයින් අතර කාන්තාවන් අටක් සහ පිරිමි සභිකයින්   අටක්ද ඇතුළුව  මුළු සභික සංඛ්‍යාව  41 ක් පත්ව සිටියහ. 

කඩුගන්නාව නගර සභාව සඳහා  සභික ධූර 15 න් නව දෙනෙකු තේරි පත් වි ඇති අතර එයින් කාන්තාවන් දෙදෙනෙකු නියෝජතය වෙති.  පත් කළ   හය දෙනා අතර කාන්තාවන් හතර දෙනෙකු වෙති. ගම්පොළ නගර සභාව සඳහා තේරි පත්ව ඇති සභික ධූර 17 අතර එක් කාන්තාවක් පමණක් සිටින අතර පත් කළ සභිකයින්  11 අතර කාන්තාවන්  පස් දෙනෙකු වෙති . නාවලපිටිය නගර සභාව සඳහා  ඡන්දයෙන් සභිකයින් නව දෙනෙකු තේරී පත්ව ඇති අතර එක් කාන්තාවක් පමණක් නියෝජනය වෙයි. පත් කළ සභිකයින්  හය දෙනා අතර කාන්තාවන් දෙදෙනෙකු  පත්ව සිටිති.

වත්තේගම නගර සභාව සඳහා ඡන්දයෙන් සභිකයින් නව දෙනෙකු තේරි  පත්වූ අතර එක් කාන්තාවක්වත් පත්ව  වී නැත. පත් කළ සභිකයින් හය දෙනාඅතර කාන්තාවන් දෙදෙනෙකු පමණක් පත්ව සිටියහ. අකුරණ ප්‍රාදේශිය සභාව සඳහා ඡන්දයෙන්  සභිකයින් 18 ක් තේරි පත්ව සිටි අතර   කිසිදු කාන්තාවක් පත් වී සිටියේ නැත‍. පත් කළ සභිකයින්  12 අතර කාන්තාවන්  හත් දෙනෙකු පත් ව සිටියහ. උඩදුම්බර ප්‍රාදේශිය සභාව සඳහා සභිකයින් 10 දෙනෙකු ඡන්දයෙන් තේරි පත් වූ  නමුත් කාන්තාවක් නියෝජනය නොවීය. පත් කළ සභිකයින්  පත් කළ සභිකයින් හය දෙනා අතර කාන්තාවන් සිව් දෙනෙකු පත් වූහ.

 උඩපළාත ප්‍රාදේශිය සභාව සඳහා  සභිකයින් 26 දෙනෙකු ඡන්දයෙන් පත් වු නමුත් එකදු කාන්තා  නියෝජනයක් නොවීය. පත් කළ සභිකයන් 17 දෙනා   අතර   10 දෙනෙකුම කාන්තාවන් වූහ. උඩනුවර ප්‍රාදේශිය සභාව සඳහා ඡන්දයෙන් සභිකයින් 23 දෙනෙකු පත් වූ අතර  එක් කාන්තා නියොජනයක් පමණක් විය. පත් කළ සභිකයින් 16 දෙනා  අතර   කාන්තාවන් හතක් වූහ. කුණ්ඩසාලේ ප්‍රාදේශිය සභාව සඳහා සභිකයින් 25 දෙනෙකු ඡන්දයෙන් තේරි පත් වූ අතර  එක් කාන්තා නියෝජනයක් විය.පත් කළ සභිකයින් 18 දෙනා අතර කාන්තාවන් නව දෙනෙකුද නියෝජනය වූහ. 

ගඟ ඉහළ කෝරළය ප්‍රාදේශිය සභාව සඳහා ඡන්දයෙන් තේරි පත් වූ සභිකයින් 13 දෙනෙකු කාන්තාවන් දෙදෙනකු නියෝජනය වූහ. ලැයිස්තුවෙන් පත් වූ  දහ දෙනා අතර කාන්තාවන් සිව් දෙනෙකු වූහ. ගඟවට කෝරළය ප්‍රාදේශිය සභාව සඳහා තේරි පත්  වූ සභිකයින් 13 දෙනා අතර  කිසිදු කාන්තා නියෝජනයක් නොවිණ. පත් කළ සභිකයින් අට දෙනා අතර  කාන්තාවන් පස් දෙනෙකු නියෝජනය වූහ. 

තුම්පනේ ප්‍රාදේශිය සභාව සඳහා  ඡන්දයෙන් සභිකයින් 18 දෙනෙකු තේරි පත් වූ අතර කාන්තාවන් දෙදෙනෙකු පත් වීමට සමත් වූහ. පත් කළ සභිකයින් 15 අතර කාන්තාවන් පස් දෙනෙකුට පමණක් අවස්ථාව හිමිවි තිබිණ. පන්විල ප්‍රාදේශිය සභාව සඳහා ඡන්දයෙන් සභිකයින් 10 දෙනෙකු පත් වූ නමුත් කිසිදු කාන්තා නියෝජනයක් නොවීය. පත් කළ සභිකයින්  හය දෙනා අතර කාන්තාවන්  සිව් දෙනෙකුට අවස්ථාව හිමි ව තිබිණ. පස්බාගේ කෝරළය ප්‍රාදේශිය සභාව සඳහා ඡන්දයෙන් 12 දෙනෙකු පත් වූ අතර කාන්තාවන් දෙදෙනෙකුට ද අවස්ථාව හිමිව තිබිණ. පත් කළ සභිකයින් අට දෙනා අතර කාන්තාවන් තිදෙනෙකුට අවස්ථාව හිමිව තිබිණ.

පාතදුම්බර ප්‍රාදේශිය සභාව සඳහා ඡන්දයෙන්  සභිකයින් 18 දෙනෙකු තේරි පත් වු අතර කාන්තාවන් තිදෙනෙකුද වුහ.  ලැයිස්තුවෙන් පත් වු සභිකයින් අතර කාන්තාවන් හතර දෙනෙකුට අවස්ථාව හිමි වි තිබිණ. පාතහේවාහැට ප්‍රාදේශිය සභාව සඳහා ඡන්දයෙන් සභිකයින් 25 දෙනෙකු තේරි පත් වූ අතර කාන්තාවන් තිදෙනෙකුට සහ පත් කළ සභිකයින් 16 දෙනා අතර කාන්තාවන් හය දෙනෙකුටත් අවස්ථාව හිමි වි තිබිණ.

ඡන්දයෙන් සභිකයින් 15 දෙනෙකු තේරි පත් වු පූජාපිටිය ප්‍රාදේශි සභාව සඳහා එක් කාන්තා නියෝජනයක් පමණක් හිමි වු අතර පත් සළ සභිකයින් 11 දෙනා අතරින් කාන්තාවන්  හය දෙනෙකුට අවස්ථාව හිමි විය. සභිකයින් 19 දෙනෙකු ඡන්දයෙන් තේරී පත් වූ මැදදුම්බර ප්‍රාදේශිය සභාව සඳහා කාන්තාවන් දෙදෙනෙකුට අවස්ථාව හිමිව තිබු අතර පත් කළ සභිකයින් 14 අතර කාන්තාවන් සිව් දෙනෙකුට  අවස්ථාව හිමිවී තිබිණ. මිනිපේ ප්‍රාදේශිය සභාව සඳහා සභිකයින් 13 දෙනෙකු තේරි පත් වු අතර ඒ අතර කාන්තාවන් දෙදෙනෙකුද වූහ. තේරි පත් වූ සභිකයින් අතර කාන්තාවන් තිදෙනෙකුට අවස්ථාව හිමි විය. 

ඡන්දයෙන් සභිකයින් 26 දෙනෙකු තේරි පත් වූ යටිනුවර ප්‍රාදේහිය සභාව සඳහා කාන්තාවන් දෙදෙනෙකු පත්ව සිටි අතර පත් කළ සභිකයින් 19 දෙනා අතර කාන්තාවන් නව දෙනෙකුද වූහ. සභිතයින් 22 කු ඡන්දයෙන් තේරි පත් වූ හාරිස්පත්තුව ප්‍රාදේශිය සභාව සඳහා කාන්තාවන්   තිදෙනෙකු ඇතුලත් වූ අතර පත් කළ සභිකයින්  15 දෙනා අතර හය දෙනෙකු කාන්තාවන් වූහ.  මාතලේ දිස්ත්‍රික්කයේ මාතලේ මහ නගර සභාව සඳහා ඡන්දයෙන් තේරි පත් වූ සභිකයින් 13 දෙනා අතරට එක් කාන්තවක්ද අයත්  වූ අතර ලැයිස්තුවෙන් පත් වූ සභිකයින්  අට දෙනා අතරට කාන්තාවන් සිව් දෙනෙකුද වූහ.

දඹුල්ල මහ නගර සභාව සඳහා සභිකයින් 13 දෙනෙකුද ඡන්දයෙන් තේරි පත් වු අතර කාන්තවන් දෙදෙනකුටද අවස්ථාව හිමි වි තිබිණ. ලැයිස්තුවෙන් පත් වූ සභිකයින්  දහ දෙනා අතර කාන්තාවන් තිදෙනෙකුද වූහ. සභිකයින් 18 දෙනෙතු ඡන්දයෙන් පත් වන මාතලේ ප්‍රාදේශිය සභාව සඳහා කාන්තාවන් දෙදෙනෙකු තේරි පත්ව ඇති අතර පත් කළ සභිකයින්  13 දෙනා අතරින් කාන්තාවන්  පස් දෙනෙකුද වූහ. සභිකයින් 10 ‌ෙද‌ෙනකු පත් වූ යටවත්ත ප්‍රාදේශිය සභාව සඳහා  එක් කාන්තාවක් ඡන්දයෙන් පත්ව ඇති අතර පත් කළ අට දෙනා අතර තිදෙනෙකු කාන්තාවන් වූහ.

සභිකයින් 16 දෙනෙකු ඡන්දයෙන් පත්වූ උකුවෙල ප්‍රාදේශිය සභාව සඳහා කාන්තාවන් දෙදෙනෙකු තේරි පත් වූ අතර පත් කළ සභිකයින් 10 දෙනා අතර  කාන්තාවන් සිව් දෙනෙකුද වූහ. රත්තොට ප්‍රාදේශිය සභාව සඳහ‌ා සභිකයින් 15 දෙනෙකු ඡන්දයෙන් පත් වූ අතර එක් කාන්තාවක් ද නියෝජනය වුවාය. පත් කළ සභිකයින්   10 දෙනා අතර කානත්වන් පස් දෙනෙකු වූහ.

නාවුල ප්‍රාදේශිය සභාව සඳහා සභිකයින් දස දෙනෙකු ඡන්දයෙන් තේරි පත් වූ නමුත් කාන්තා නියෝජනයක් නොවීය. පත් කළ සභිකයින්  හත් දෙනා අතර කාන්තාවන් සිව් දෙනෙකු වූහ. දඹුල්ල ප්‍රාදේශිය සභාව සඳහා ඡන්දයෙන් සභිකයින් 16 දෙනෙකු තේරි පත් වූ අතර කාන්තාවන් දෙදෙනෙකු ඒ අතර වූහ. පත් කළ සභිකයින් 10 දෙනා  අතර කාන්තාවන් සිව් දෙනෙකුද වූහ. සභිකයින් දස දෙනෙකු පල්ලේපොළ ප්‍රාදේශිය සභාව සඳහා ඡන්දයෙන් තේරි පත් ව සිටි අතර එක් කාන්තාවක් ඒ අතර විය. පත් කළ සභිකයින්  අටදෙනා අතර කාන්තාවන් තිදෙනෙකු විය.

අඹන්ගඟ  කෝරළය ප්‍රාදේශිය සභාව සඳහා සභිකයින් 10 දෙනෙකු ඡන්දයෙන් තේරි පත් වූ අතර එක් කාන්තාවක් ඒ අතර විය. පත් කළ මන්ත්‍රීන් හය දෙනා අතර කාන්තාවන් තිදෙනෙකු වූහ. ඡන්දයෙන් සභිකයින් 17 දෙනෙකු පත් වූ ගලේවෙල ප්‍රාදේශිය සභාව සඳහා කාන්තාවන් දෙදෙනෙකු තේරි පත් ව සිටි අතර පත් කළ සභිකයින් 11 දෙනා අතර කාන්තාවන් පස් දෙනෙකුද වූහ.

 සභිකයින් දස දෙනෙකු ඡන්දයෙන් තේරි පත් වූ ලග්ගල පල්ලේගම ප්‍රාදේශිය සභාව සඳහා එක් කාන්තාවක් නියෝජනය වූ අතර පත් කළ සභිකයින් හත් දෙනා අතර කාන්තාවන් තිදෙනෙකුද  වූහ. සභිකයින් 10 දෙනෙකු ඡන්දයෙන්  පත් වූ විල්ගමුව ප්‍රාදේශිය සභාව සඳහා කාන්තාවන් දෙදෙනෙකු පත් වූ අතර පත් කළ සභිකයින් අට දෙනා අතර  කාන්තාවන් දෙදෙනෙකු පත් වූහ. 

නුවරඑළිය දිස්ත්‍රික්කයේ නුවරඑළිය මහ  නගර සභාව සඳහා ඡන්දයෙන් සභිකයින් 13 දෙනෙකු තේරි පත් වූ අතර කාන්තාවන් දෙදෙනෙකුද  වූහ. පත් කළ සභිකයින් 10 දෙනා අතර කාන්තාවන් තිදෙනෙකු  වුහ‍. ඡන්දයෙන් සභිකයින් 13 දෙනෙකු තේරි පත් වූ අඹගමුව ප්‍රාදේශිය සභාව සඳහා එක් කාන්තාවකට පමණක් අවස්ථාව හිමි විය. පත්කළ සභිකයින් අටදෙනා අතර කාන්තාවන් හතර දෙනෙකුට අවස්ථාව හිමි විය.

සභිකයින් 33 දෙනෙකු  ඡන්දයෙන් තේරි පත් වු වලපනේ ප්‍රාදේශිය සභාව සඳහා කාන්තාවන් පස් දෙනෙකු තේරි පත් වූ  අතර පත් කළ සභිකයින් 22 අතර කාන්තාවන් අට දෙනෙකු වූහ.  හඟුරන්කෙත ප්‍රාදේශිය සභාව සඳහා සභිකයින්  24 දෙනෙකු ඡන්දයෙන් තේරි පත් වූ අතර කාන්තාවන් සිව් දෙනෙකුට අවස්ථාව හිමිව තිබිණ.පත් කළ සභිකයින් 19 දෙනා අතර කාන්තාවන් හය දෙනෙකුද වූහ. සභිකයින් 12 දෙනෙකු ඡන්දයෙන් පත් වූ නෝර්වුඩ් ප්‍රාදේශිය සභාව සඳහා කාන්තාවන් දෙදෙනෙකුද අයත් වූහ.  ලැයිස්තුවෙන් පත් වූ නවදෙනා අතර තිදෙනෙකු කාන්තාවන් වූහ.

සභිකයින් 32 කු ඡන්දයෙන් පත් වූ කොත්මලේ ප්‍රාදේශිය සභාව සදහ‌ා කාන්තාවන්  තිදෙනෙකු තේරි පත්ව ඇති අතර පත් කළ සභිකයින් 21 දෙනා අතර කාන්තාවන් හය දෙනෙකු වුහ. සභිකයින් නව දෙනෙකු තේරි පත් වූ හැටන් දික්ඔය නගර සභාව සදහා  එක් කාන්තාවක් පත්ව ඇති අතර  පත් කළ සභිකයින් හත් දෙනා අතර තිදෙනෙකු කාන්තාවන් වූහ. සභිකයින් හත් දෙනෙකු ඡන්දයෙන් පත් වූ තලවකැලේ ළිඳුල නගර සභාව සඳහා කාන්තාවක් පත් නොවු අතර පත් කළ සභිකයින්  පස් දෙනා අතර කාන්තාවන් දෙදෙනෙකු  වූහ.

ආගරපතන ප්‍රාදේශිය සභාව සදහා ඡන්දයෙන් සභිකයින් නව දෙනෙකු තේරී පත් වූ අතර එක් කාන්තාවක් ඒ අතර වූවාය. පත් කළ සභිකයින් පස්  දෙනා අතර කාන්තාවන් දෙදෙනෙකු වුහ. සභිකයින් 10 දෙනෙකු ඡන්දයෙන් පත් වන කොටගල ප්‍රාදේශිය සභාව සඳහා කාන්තාවක් පත් නොවු අතර පත් කළ සභිකයින්  හය දෙනා අතර සිව් දෙනෙකු කාන්තාවන් වූහ. සභිකයින් 14 දෙනෙකු ඡන්දයෙන් පත් වූ නුවරඑළිය ප්‍රාදේශිය සභාව සඳහා කාන්තාවන් දෙදෙනෙකු පත්වූ  අතර  පත් කළ නව දෙනා අතුරින් තිදෙනෙකු කාන්තාවන් වුහ.  

මස්කෙළිය ප්‍රාදේශිය සභාව සඳහා ඡන්දයෙන් සභිකයින් 10 දෙනෙකු තේරි පත් වු අතර කාන්තා නියෝජනයක් නොවිය. පත් කළ සභිකයින්  හය දෙනා අතර කාන්තාවන් තිදෙනෙකුට අවස්ථාව හිමිව තිබිණ.

පළාත් පාලන මැතිවරණයේදී කාන්තා නියෝජනය අනිවාර්ය වීමත් සමඟ අපේක්ෂිකාවන් ඉදිරිපත් වුවද ඔවුන්ට කාන්තාවන් පවා නිසි ලෙස ඡන්දය භාවිතා කර නොමැති බව පෙනී යයි. එසේ නොවේ නම් අපේ රටේ ජනගහණයෙන් සියයට 52 ක් වන කාන්තාවන් ගෙන් අඩක්වත්   කාන්තාවන් වෙනුවෙන්  ඡන්දය භාවිතා කළා නම් මේ ප්‍රතිශතය මිට වඩා වෙනස් විමට බොහෝ දුරට ඉඩ තිබිණ. කාන්තා නියෝජනය කාන්තාවන් සඳහා බව කාන්තාවන්ම  නිසි ලෙස අවබෝධ කර ගෙන නොමැති බව මෙම සංඛ්‍යාලේඛවලින් පෙන්නුම් කරයි .එසේ නොවේ නම් සභිකයින් 729 ක් මධ්‍යම පළාතෙන් ඡන්දයෙන් පත් වෙද්දී කාන්තාවන් 67 දෙනෙකු පමණක්  පත් නොවනු ඇත. 

Social

ශ්‍රී ලංකාවේ ආහාර හා ආහාර නොවන නිෂ්පාදන වල අඩංගු නොවිය යුතු ලැයිස්තුව

ශරීරයේ කොතැනක හෝ සිදුවන අසාමාන්‍ය සෛල බෙදීමක් හා ඒවායේ පාලනයකින් තොරව ශරීරය පුරා ව්‍යාප්ත වීමක් පිළිකාවක් ලෙස හැඳින්විය හැකිය. පිළිකා…

By In
Social, පුවත්

දිස්ත්‍රික්ක අටක, වසරකට බරවා රෝගීන් 700ක් – තොරතුරු පනතින් කළ තවත් හෙළිදරව්වක්

මොහොමඩ් ආසික් ජනාකීර්ණ වූ නගරයන්හි  වීදි හරහා හදිස්සියෙන්  එහා මෙහා  යද්දී අපේ  නෙතට ගැටී නොගැටී  යන දෑත් දෙපා ඉදිමුණු  පිරිමින් මෙන්ම…

By In
Social, ප්‍රකාශන

ජනතාවගේ බදු මුදල් මිලියන අසූ හතරක් වැය කල ජනපති කාර්ය සාධක බලකායන්

මොහොමඩ් නස්රාන හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වීමෙන් පසුව ඔහු බලයෙන් පහව යනතුරු වසර තුනක කාලයක් ඇතුලත ජනාධිපති කාර්යය…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *