Uncategorized

නෙළුම් කුලුන තවමත් විවෘත නොකළේ ඇයි ?

By In

කේ. ප්‍රසන්නා

දකුණු ආසියාවේ උසම කුලුන ලෙස සැලකෙන නෙළුම් කුලුන ඇමරිකානු ඩොලර් මිලියන 104ක වියදමින් ඉදිකර ඇති අතර මේ වන විට එහි කිසිදු වැඩකටයුත්තක් සිදු වන්නේ නැත. කොළඹ 10, ඩී.ආර්. විජේවර්ධන මාවතෙහි පිහිටා ඇති නෙළුම් කුලුනෙහි උස මීටර් 350කි. 2015 වර්ෂය වන විට මෙහි ඉදිකිරීම් කටයුතු අවසන් වන බව පැවසුවද ඒවා වචනවලට සීමාවි ඇත. නරඹන්නන්ටද මෙහි පැමිණීමට අවසර නැත. රූපවාහිනී නාලිකා 50කට හා ගුවන් විදුලි නාලිකා 35කට සංඥා සම්ප්‍රේෂණ පහසුකම් සැපයීමට මෙන්ම සංචාරක කර්මාන්තය සංවර්ධනය සඳහා ද මෙය යොදා ගැනෙන බව පවසන ලදී.

නෙළුම් කුළුණේ ඉදිකිරීම් කටයුතු 2012 නොවැම්බර් 12 වන දින ආරම්භ විය. ඒ අනුව මේ වන විට වසර 9ක් ගත වී තිබුණද තවමත් නෙළුම් කුලුන භාවිතයට ගත නොහැකි වීම ප්‍රශ්නාර්ථයකි. මෙම තත්ත්වය මත නෙළුම් කුලුනෙන් රජයට ද කිසිදු ආදායමක් ලැබෙන්නේද නැත. නමුත් නෙළුම් කුලුන ඉදිකිරීම සඳහා ලබාගත් ණය මුදල සඳහා පොලී මුදල ලෙස වසරකට රුපියල් මිලියන 560 ක් ගෙවිය යුතුය.

නෙළුම් කුලුන ව්‍යාපෘතිය දින 912 කින් අවසන් කිරීමට අපේක්ෂා කළ අතර පසුව කොන්ත්‍රාත්කරුගේ ඉල්ලීම පරිදි 2012 සිට 2017 ඔක්තෝබර් දක්වා කොන්ත්‍රාත් කාලය දීර්ඝ කරන ලදී. මේ අතර, ව්‍යාපෘතියේ ආරම්භයේ දී නිවැරදි ශක්‍යතා අධ්‍යයනයක් නොමැතිකම, ව්‍යාපෘතිය සඳහා වෙන් කරනා ලද ඉඩම් නිසියාකාරාව පවරා නොගැනීම, විදුලි සෝපාන හා පඩිපෙළ සඳහා උප කොන්ත්‍රාත් ප්‍රදානය කිරීම සඳහා ක්‍රියාමාර්ග නොගැනීම, ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව ප්‍රමාද වීම හා ණය මුදල සීමා කිරීම වැනි විවිධ අඩුපාඩු විගණන දෙපාර්තමේන්තුව විසින් මේ පිළිබඳව කළ අධ්‍යයන මඟින් හඳුනාගෙන ඇත.

නෙළුම් කුලුනෙහි වැඩ කටයුතු අවසන් කොට මහජන ප්‍රයෝජනය සඳහා භාර දෙන්නේ කවදාද යන්න පිළිබඳව විමසීම සඳහා තොරතුරු දැන ගැනීමේ අයිතිය පනත යටතේ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට (WSWF 2020F16) ඉල්ලීමක් ඉදිරිපත් කළ  අතර එමඟින් නෙළුම් කුලුන ඉදිකිරීමේදී කොන්ත්‍රාත්තුවේ සඳහන් කොන්ත්‍රාත් කාලය අවසන් වී බොහෝ කාලයක් ගතවී ඇති බව දැනුම්දෙන ලදී. ඉදිකිරීම් අවසන් වී නොමැති වුවද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් 2019 සැප්තැම්බර් 16 වන දින නෙළුම් කුලුන විවෘත කරනු ලැබූ අතර පසුව නැවතත් ඉදිකිරීම් කටයුතු සඳහා නෙළුම් කුලුන වසා දමන ලදී.

නෙළුම් කුලුන ඉදිකිරීම අවසන් කර ගොඩනැගිල්ල කොන්ත්‍රාත්කරුගෙන් ලබා ගැනීමෙන් පසු මෙම ගොඩනැගිල්ල මහජන ප්‍රයෝජනය සඳහා විවෘත කරන බව වාර්තා වේ. කෙසේ වෙතත්, 2019.05.30 දින කොන්ත්‍රාත්කරු විසින් ව්‍යාපෘති ඉංජිනේරු වෙත යවන ලද ලිපියේ, ඉදිකිරීම් කටයුතු 2019.06.03 – 2019.06.27 දක්වා වන කාලය අතරතුර අවසන් වන බව සඳහන් කර ඇත. නමුත් නෙළුම් කුලුන විවෘත කිරීමෙන් පසු එය නැවතත් වසා දමන්නට සිදුවූයේ  එහි ඉදිකිරීම් කටයුතු අවසන් නොමැති බැවිණි.

 එහි පළමු මහලේ සාප්පු සංකීර්ණයක්ද තෙවන හා සිව්වන මහල්වල උත්සව ශාලාවන් ද සයවන මහලේ කරකැවෙන අවන්හලක් ද ඇත. එසේම මෙහි ආසන 400කින් සමන්විත සම්මන්ත්‍රණ ශාලාවක්, සුඛෝපභෝගී කාමර, හෝටල් සහ විදුලි සංදේශ කෞතුකාගාරයක් පිහිටා ඇති බව පැවසේ. කරුණු එසේ වන විට රටට ආදායමක් ලබා ගත හැකි නෙළුම් කුලුන තවමත් මහජනතාවට විවෘත නොකිරීමට හේතුව කුමක්ද ?

නෙළුම් කුලුන නඩත්තු කිරීම සඳහා මාසිකව කිසිදු වියදමක් දරන්නේ නොමැති බවත්, කිසිදු සමාගමක් විසින් එහි නඩත්තුව සිදු නොකරන බවත් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් ප්‍රකාශ කර තිබේ. එසේ නම්, එහි කිසිදු වැඩ කටයුත්තක් සිදු නොවන බව උපකල්පනය කළ හැකිය. ඇමරිකානු ඩොලර් මිලියන 104ක පිරිවැයක් දරා නෙළුම් කුලුන ඉදිකර ඇත්තේ වසර තුනක් පමණ මුළුල්ලේ  කිසිදු වැඩක් නොකර විදුලි පහන් දැල්වීම සඳහාද?

සාප්පු සංකීර්ණ, හෝටල් සහ වෙනත් කිසිදු සේවාවක් මෙහි ආරම්භ කිරීම පිළිබඳව තවමත් ටෙන්ඩර් කැඳවීම් කර නොමැත. නෙලුම් කුලුනෙහි ව්‍යාපාරික කටයුතු සිදු කිරීම සඳහාද කිසිදු සමාගමක් මෙතෙක් ලියාපදිංචි කර නොමැත. එබැවින් මුදල් උත්පාදනයක් වන්නේ නැත. නමුත් මහජන මුදලින් මාසික විදුලි බිල ගෙවනු ලැබේ. ඒ අතරම, කොළඹ නෙළුම් කුලුන නඩත්තු කිරීම සඳහා මේ වන තෙක් කිසිදු කාර්ය මණ්ඩලයක් පත් කර නොමැති අතර මේ වන විට මෙහි අධීක්ෂණ කටයුතු  ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සැලසුම් අංශයේ උපදේශකයින් විසින් කරනු ලබයි.

අක්කර දහයක වපසරියකින් යුත් නෙළුම් කුලුන ව්‍යාපෘතිය සඳහා උද්‍යානයක්ද පිහිටුවා ඇත. භූමි මට්ටමට පහළින් පිහිටා ඇති තට්ටු හතරකින් නෙළුම් කුලුන ආරම්භ වේ. කුලුනට අධිවේගී විදුලි සෝපාන සවි කර ඇත. එමඟින් මිනිත්තු දෙකකින් 85 සිට 90 දක්වා ළඟාවිය හැකිය. මෙම ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම ශ්‍රී ලාංකිකයින් විසින් පමණක් භාවිතා කරන බවත් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා යොදා ගන්නා බවත් පැවසුවද ප්‍රායෝගිකව එය ක්‍රියාත්මක කළ  නොහැකි තත්වයක පවතින බව පෙනේ.

Uncategorized

ඔන්ලයින් අධ්‍යාපනය ගැන තොරතුරු විමසූ පාසල් 229කින් තොරතුරු ලබාදී ඇත්තේ පාසල් 12ක් පමණයි

බහුතරයක් විදුහල්පතිවරුන් තොරතුරු පනත ගැන දන්නේ නෑ.  කලාප අධ්‍යාපන කාර්යාල 25කින් තොරතුරු ලබාදී ඇත්තේ 3ක් පමණයි රාහුල් සමන්ත හෙට්ටිආරච්චි   …

By In
Uncategorized

අලි රැඳවුම් මධ්‍යස්ථාන මර උගුලක් වෙයි, මන්ද පෝෂනයෙන් අලි මියයයි

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි    ලංකාවේ අලි මිනිස් ගැටුම වැඩිවීම  කෙරෙහි බොහෝ සෙයින් බලපා  ඇත්තේ වන අලින්ගේ වාස භුමි අහිමි වීම…

By In
Uncategorized

කොවිඩ් ආධාරවලට මොකද වුනේ?

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි  කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ ලෝකයේ බොහෝ රටවල් තුල ආර්ථික තත්වය කඩා වැටෙමින් තිබේ. එවන් පසුබිමක එම…

By In
Uncategorized, පුවත්

තොරතුරු දැනගැනීමේ අයිතිය හරහා පන්නරය ලබන පොළොන්නරුවේ ගොවි ජන අරගල

එස්. එම්. මනෝජ්“මේ පොළොව මිනිසාට අයිති නැති බව අපි දනිමු. මිනිසා අයිති වන්නේ මහ පොළොවටයි. ඥාතීන් සියලු දෙනා එකම ලේ…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *