Learn About - Sri Lanka Rights to Information Act

“තොරතුරු දැනගැනීමේ අයිතිය හරහා අපගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමු“ -මඩකලපුව

By In
  • මඩකලපුව දිස්ත්‍රික්කය

“තොරතුරු දැනගැනීමේ අයිතිය හරහා අපගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමු“තොරතුරු දැනගැනීමේ අයිතිය හරහා අපගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමු” වැඩමුළු මාලාවේ දෙවන පුහුණු වැඩසටහන ජනවාරි 06 දින මඩකලපුව ⁣දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පවත්වන ලදී.

තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාවේ සභාපති විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු උපාලි අබේරත්න, කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් තිදෙනෙකු වන නීතිඥ කිෂාලි පින්ටෝ ජයවර්ධන මහත්මිය සහ නීතිඥ ජගත් ලියන ආරච්චි මහතා, ඒ.එම්.නහියා (කොමසාරිස්) යන කොමසාරිස්වරුන් සහ මඩකලපුව ⁣දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අතිරේක ලේකම් නවේස්වරන් මහතා ඇතුළු සියළුදෙනා මෙම වැඩමුළුවේ සම්පත්දායකයන් ලෙස එක්ව සිටියහ. මාධ්‍යවේදීන් සහ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් සඳහා මෙම පුහුණු වැඩමුළුව සංවිධානය කළ අතර තොරතුරු දැනගැනීමේ අයිතිය පුරවැසියන්ට භුක්ති විඳීමට අවස්ථාව සැලසීම සඳහා ඵලදායී ලෙස යොදාගත හැකි ආකාරය පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.

නීතිඥ ජගත් ලියන ආරච්චි මහතා RTI සම්බන්ධ මූලික කරුණු පිළිබඳව සිය ඉදිරිපත් කිරීම සිදු කළේය. ඉන් අනතුරුව විඩිවෙලි පුවත්පතේ කතෘ එම්.බී.එම්.ෆයිරූස් විසින් මඩකළපුව දිස්ත්‍රික්කය තුළ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත භාවිත කරමින් දිනාගත් තම ජයග්‍රහණ බෙදාගත් අතර ඒ සඳහා අන්‍යයන් දිරිමත් කළේය. තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ සභාපති ඇතුළු පැමිණි කොමසාරිස් වරුන් තිදෙනා ප්‍රශ්නෝත්තර සැසියට සහභාගි වී වැඩුමුළුවේ මාධ්‍යවේදීන්ගේ සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන්ගේ ගැටළු සදහා පිළිතුරු ලබා දුන්නේය.එහිදී, නීතිය පාවිච්චි කිරීමේදී ඔවුන් මුහුණ දෙන අභියෝග සහ ඒවාට විසඳුම් ලබා දුන් අතර අභියාචනා නියමිත වේලාවට ගොනු කරන ලෙසත්, නියම කර ඇති කාලය තුළ පොදු අධිකාරීන් ඉල්ලීමට නිසි ප්‍රතිචාරයක් නොදක්වන්නේ නම්, තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාවට අභියාචනා කරන ලෙසත් ඔවුන් නියෝග කළේය.

මෙම වැඩමුළුව ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය (SLPI), ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ සෘජු ආධාර වැඩසටහන (DAP) යටතේ සංවිධානය වන්නකි.

Learn About - Sri Lanka Rights to Information Act

“තොරතුරු දැනගැනීමේ අයිතිය හරහා අපගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමු”- වව්නියා

වව්නියා දිස්ත්‍රික්කය “තොරතුරු දැනගැනීමේ අයිතිය හරහා අපගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමු” වැඩමුළු මාලාවේ හත්වන පුහුණු වැඩමුළුව මැයි මස 15 දින වව්නියාව…

By In
Learn About - Sri Lanka Rights to Information Act

“තොරතුරු දැනගැනීමේ අයිතිය හරහා අපගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමු” – පසුවිපරම් වැඩමුළු මාලාව

ගාල්ල දිස්ත්‍රික්කය තොරතුරු දැනගැනීමේ අයිතිය හරහා අපගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමු“තොරතුරු දැනගැනීමේ අයිතිය හරහා අපගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමු” දෙවන වැඩමුළු මාලාවේ…

By In
Learn About - Sri Lanka Rights to Information Act

“තොරතුරු දැනගැනීමේ අයිතිය හරහා අපගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමු” – පසුවිපරම් වැඩමුළු මාලාව

පුත්තලම් දිස්ත්‍රික්කය තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම හරහා අපගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමු“තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකමහරහා අපගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමු” දෙවන වැඩමුළු මාලාවේ දෙවන…

By In
Learn About - Sri Lanka Rights to Information Act

RTI මාධ්‍යවේදීන්ගේ සංසදය 03-31-2023

මාර්තු මාසය සඳහා වන RTI මාධ්‍යවේදී සංසදය මාර්තු 31 වැනි දින ශ්‍රී ලංකා පුවත්පත් ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙම සංසදයට මාධ්‍යවේදීන්…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *