Learn About - Sri Lanka Rights to Information Act

‘තොරතුරු දැනගැනීමේ අයිතිය හරහා අපගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමු’ -මහනුවර

By In
  • මහනුවර දිස්ත්‍රික්කය

‘තොරතුරු දැනගැනීමේ අයිතිය හරහා අපගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමු’ යන තේමාව යටතේ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය(SLPI) විසින් ජනමාධ්‍යවේදීන් සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන් වෙනුවෙන් සංවිධානය කරන පුහුණු වැඩමුළු මාලාවේ දෙවන වැඩසටහන තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවේ සභාපති විනිසුරු උපාලි අබේරත්න මයා (විශ්‍රාමික), නීතීඥ කිෂාලි පින්ටෝ- ජයවර්ධන (කොමසාරිස්), නීතීඥ ජගත් ලියන ආරච්චි (කොමසාරිස්), යන කොමසාරිස්වරුන්ගේ සහභාගීත්වයෙන් අද දින (නොවැ: 13) මහනුවර කාන්තා සංවර්ධන මධ්‍යස්ථානයේදී පැවැත්විය.

මාධ්‍යවේදීන් සහ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් සඳහා මෙම පුහුණු වැඩමුළුව සංවිධානය කළ අතර තොරතුරු දැනගැනීමේ අයිතිය පුරවැසියන්ට භුක්ති විඳීමට අවස්ථාව සැලසීම සඳහා ඵලදායී ලෙස යොදාගත හැකි ආකාරය පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.නීතිඥ ජගත් ලියන ආරච්චි මහතා RTI සම්බන්ධ මූලික කරුණු පිළිබඳව සිය ඉදිරිපත් කිරීම සිදු කළේය. ඉන් අනතුරුව RTI මාධ්‍යවේදී සංසද සාමාජික ප්‍රසාද් පූර්ණමාල් විසින් පුත්තලම් දිස්ත්‍රික්කය තුළ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත භාවිත කරමින් දිනාගත් තම ජයග්‍රහණ බෙදාගත් අතර ඒ සඳහා අන්‍යයන් දිරිමත් කළේය.

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ සභාපති ඇතුළු පැමිණි කොමසාරිස් වරුන් දෙදෙනා ප්‍රශ්නෝත්තර සැසියට සහභාගි වී වැඩුමුළුවේ මාධ්‍යවේදීන්ගේ සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන්ගේ ගැටළු සදහා පිළිතුරු ලබා දුන්නේය. එහිදී, නීතිය පාවිච්චි කිරීමේදී ඔවුන් මුහුණ දෙන අභියෝග සහ ඒවාට විසඳුම් ලබා දුන් අතර අභියාචනා නියමිත වේලාවට ගොනු කරන ලෙසත්, නියම කර ඇති කාලය තුළ පොදු අධිකාරීන් ඉල්ලීමට නිසි ප්‍රතිචාරයක් නොදක්වන්නේ නම්, තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාවට අභියාචනා කරන ලෙසත් ඔවුන් නියෝග කළේය.

මෙම වැඩමුළුව ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය (SLPI), ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ සෘජු ආධාර වැඩසටහන (DAP) යටතේ සංවිධානය වන්නකි.

Learn About - Sri Lanka Rights to Information Act

“තොරතුරු දැනගැනීමේ අයිතිය හරහා අපගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමු”- වව්නියා

වව්නියා දිස්ත්‍රික්කය “තොරතුරු දැනගැනීමේ අයිතිය හරහා අපගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමු” වැඩමුළු මාලාවේ හත්වන පුහුණු වැඩමුළුව මැයි මස 15 දින වව්නියාව…

By In
Learn About - Sri Lanka Rights to Information Act

“තොරතුරු දැනගැනීමේ අයිතිය හරහා අපගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමු” – පසුවිපරම් වැඩමුළු මාලාව

ගාල්ල දිස්ත්‍රික්කය තොරතුරු දැනගැනීමේ අයිතිය හරහා අපගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමු“තොරතුරු දැනගැනීමේ අයිතිය හරහා අපගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමු” දෙවන වැඩමුළු මාලාවේ…

By In
Learn About - Sri Lanka Rights to Information Act

“තොරතුරු දැනගැනීමේ අයිතිය හරහා අපගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමු” – පසුවිපරම් වැඩමුළු මාලාව

පුත්තලම් දිස්ත්‍රික්කය තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම හරහා අපගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමු“තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකමහරහා අපගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමු” දෙවන වැඩමුළු මාලාවේ දෙවන…

By In
Learn About - Sri Lanka Rights to Information Act

RTI මාධ්‍යවේදීන්ගේ සංසදය 03-31-2023

මාර්තු මාසය සඳහා වන RTI මාධ්‍යවේදී සංසදය මාර්තු 31 වැනි දින ශ්‍රී ලංකා පුවත්පත් ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙම සංසදයට මාධ්‍යවේදීන්…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *