ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මාධ්‍යවේදීන් සඳහා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත පිළිබඳ වැඩමුළුවක් පසුගිය 11 වැනිදා ත්‍රිකුණාමලයේදී පැවැත්විණි. ඒකද් කැරිථස් විසින් මෙම වැඩමුළුව සංවිධානය කර තිබූ අතර ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් වැඩමුළුව පවත්වන ලදී. මෙම වැඩමුළුවේදී තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත පිළිබඳ පැහැදිලි කිරීම් සිදු කරන ලදී. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීන් 25කට අධික පිරිසක් මේ සඳහා සහභාගි වී සිටියහ. මෙම වැඩමුළුව සඳහා පහසුකම් සපයන ලද්දේ ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසමේ තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳ උපදේශක සහ සිංහල භාෂා පැමිණිලි නිලධාරී කමල් ලියනාරච්චි විසිනි.




