පුවත්

ගොවීන්ට වී ගොවිතැන එපා වෙලාද?

By In

දිස්ත්‍රික්ක 16ක කුඹුරු අක්කර 68,525 ක් පුරන් වෙලා 

– මොහොමඩ් ආසික්

ලෝක ජනගහණයෙන් තුනෙන් දෙකක්ම ජීවත් වන ආසියානු කලාපයේ ජනතාවගේ ප්‍රධාන ආහාරය බත්ය. ඒ නිසාම, ආසියානු කලාපය වී ගොවිතැන සඳහා ප්‍රසිද්ධව පවතී. වී වගාවේ නිෂ්පාදන ඉලක්ක සපුරාගැනිම, ශ්‍රී ලංකාවේ මෙන්ම වී වගාකරන සෙසු රටවල්ද සිය ප්‍රමුඛ කාර්යයක් ලෙස සලකන අතර, එය එම රටවල ආහාර සුරක්ෂිතතාව පිළිබඳ වැදගත් සාධකයකි.

පසුගිය පාලන සමයේදි අවිචාරවත් ලෙස එළඹුණු තිරණ හේතුවෙන් ඇති වූ  පොහොර අර්බුදය වී වගාව කෙරෙහි දැඩි බලපෑමක් ඇති කළේය. පසුව එම පිළිවෙත වෙනස් කළ නමුත් ඉන් ඇති කළ හානිකර බලපෑම සම්පූර්ණයෙන් ඉවත් වී ඇතැයි කිව නොහැකිය. කලින් කලට ඇති වූ අර්බුද හේතුවෙන් ගොවීන් වී ගොවිතැනින් ඈත් වීම ප්‍රමුඛ ගැටලුවකි. එහෙත් ඒ පිළිබඳව ප්‍රමාණවත් තරමේ අවධානයක් යොමු වී නැත. මේ 2016 අංක 12 දරන තොරතුරු දැන ගැනී‍මේ අයිතිවාසිකම්  පනත උපයෝගි කරගෙන ඒ සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සඳහා දැරූ උත්සාහයකි.

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව වෙතින්  කරන  ලද  තොරතුරු ඉල්ලීමකට  ලැබුණු පිළිතුර අනුව, 2023/24 මහ කන්නයේදී ලංකාව පුරා වී වගා කර ඇති භූමි ප්‍රමාණය හෙක්ටයාර් 7,85,590.699 කි. 2024 යල කන්නයේදී වී වගා කර ඇති කුඹුරු ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් 4,54,264.25කි. එම මූලාශ්‍රය මගින් වැඩිදුරටත් හෙළි කර ගත් තොරතුරු අනුව දිවයිනේ දිස්ත්‍රික්ක 16ක පුරන්ව ඇති කුඹුරු ඉඩම් ප්‍රමාණය අක්කර 68,524.90කි. එම තොරතුරු අනුව දිස්ත්‍රික් මට්ටමින් පුරන්ව ඇති කුඹුරු අක්කර ප්‍රමාණය මෙසේය.

කොළඹ –  5766.00  

ගාල්ල – 11,369.30  

මාතර  – 7,460  

ගම්පහ – 9,255.31 

කළුතර -16,437.50 

මහනුවර – 2,971.01

මාතලේ – 587.17 

නුවරඑළිය – 1,249.51 

ගාල්ල – 11,369.30 

මාතර – 7,467 

වව්නියාව – 380 

මන්නාරම – 108.25 

කුරුණෑගල – 1,548.93

පුත්තලම – 1,598.61 

බදුල්ල – 260 

රත්නපුර – 6,332 

කෑගල්ල – 3,194.90 

පුරන් වී ඇති සමස්ත කුඹුරු ඉඩම් අක්කර 68,524.90න් අක්කර 45,965.53ක නැවත වී ඇතුළු කෘෂිකාර්මික බෝග වගා කිරිමට පියවර ගෙන ඇති බවත් සදහන් කරන ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව අක්කර 22,559.37 ක් කෘෂිකාරිමික කටයුතු සඳහා යොදා ගත නොහැකි ඉඩම් පවතින බවත් සඳහන් කරයි. මෙම දත්තවල සඳහන් වන්නේ දීර්ඝකාලීනව පුරන්ව ඇති කුඹුරු වන අතර කන්නයෙන් කන්නයට තාවකාලිකව වගා නොකරන කුඹුරු ප්‍රමාණයක්ද පවතී. මේ සියල්ල සහලින් ස්වයංපෝෂිත කිරීමේ සිහිනයට බාධාවක් වෙයි. 

ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ තොරතුරු නිලධාරි කේ.ඒ. සුමිත් චන්දන මහතා විසින් ලබා දී ඇති තොරතුරු අනුව 2023/24 වසරේ මහ කන්නයේදී ශ්‍රී ලංකාව පුරා  හෙක්ටයාර් 7,85,590.699 ක වී වගා කර ඇති අතර, දිස්ත්‍රික් මට්ටමින් වී වගා කර ඇති හෙක්ටයාර් ප්‍රමාණය මෙසේය.

ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මගින් ලබා දී ඇති තොරතුරු  අනුව 2023/24 මහ කන්නයේදී  සහන පදනම මත යූරියා පොහොර මෙට්‍රික්ටොන් 6,544.40ක් ලබා දී ඇති අතර එම්ඕපී පොහොර මෙට්‍රික් ටොන් 1,726.79ක් ලබා දී තිබේ. 

යල කන්නයේදී යූරියා පොහොර මෙට්‍රික් ටොන් 1,265.31ක සහ එම්ඕපී පොහොර මෙට්‍රික් ටොන් 405.69ක් ලබා දී තිබේ. 

පුවත්

පසුගිය වසරේ අලි මිනිස් ගැටුමෙන් අලින් 388ක් සහ මිනිසුන් 155ක් මිය ගිහින් 

– මොහොමඩ් ආසික් ලෝකය පුරා මිනිසුන් සහ අලි ඇතුන් අතර පවතින සබඳතාව වසර දහස් ගණනක ඈත අතීතයට දිව යයි. පසුකාලීනව…

By In
පුවත්

අක්කර ලක්ෂ 20ක් වී වගා කළත් හාල් හිඟ ඇයි?

– මොහොමඩ් ආසික් ලෝකයේ වැඩියෙන්ම සහල් නිපදවන්නේ ඉන්දියාව, චීනය, බංගලාදේශය  ඉන්දුනීසියාව, වියට්නාමය ආදී රටවල්ය. එම ලැයිස්තුවේ අපේ රටට හිමි වන්නේ…

By In
පුවත්

කොරෝනා මර්දනයට විද්‍යාව පසෙකලා මිත්‍යාව පසුපස ගිය රාජ්‍ය යාන්ත්‍රණය

– සිරංගිකා ලොකුකරවිට කොරෝනා වයිරසය ලෝකය පුරා වසංගතයක් ලෙස පැතිරයද්දී ලෝකයේ බොහෝ රටවල් නවීන විද්‍යාත්මක ක්‍රමවේදයන් පමණක් නොව ඒ ඒ…

By In
පුවත්

රක්ෂණ සමාගම්වලට එරෙහි මහජන පැමිණිලි ගැන තොරතුරු හෙළිකරන්නැයි  තොරතුරු කොමිසමෙන් නියෝගයක්

✍️ ජනක සුරංග ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රය යනු මෙරට ජාතික ආර්ථිකය කෙරෙහි සුවිශේෂී දායකත්වයක් දරන වැදගත් කර්මාන්තයකි. කොවිඩ් වසංගතය ව්‍යාප්ත…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *