Social, Uncategorized, පුවත්

ගොවිජන සේවා මධ්‍යස්ථාන සහ ග්‍රාමිය ආර්ථිකය

By In
  • මහේන්ද්‍ර රන්දෙනිය

 ශ්‍රී ලාංකීය ගොවි ජනතාවගේ කෘෂිකාර්මික අවශ්‍යතාවන් ඉටු කිරීම සඳහා සෑම මැතිවරණ කොට්ඨාසයකම ගොවිජන සේවා මධ්‍යස්ථාන  ආරම්භකර ඇත. අතීතයේ තිබූ ආහාර දෙපර්තමේන්තුව අහෝසි කරමින් 1957 ඔක්තෝබර් 01 දින ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ආරම්භ කරන ලද අතර   1958 අංක 01දරන  කුඹුරු පනතින්  බලගැන්වෙන දෙපාර්තුමේන්තුව මේ වන විට 2000 අංක 46 ගොවිජන ගොවිජන සංවර්ධන පනත  හා එහි සංශෝධන  අනුව ගොවිජන සේවා දෙපාර්තමේන්තුව නමින් ක්‍රියාත්මක වේ. දැනට උඩුනුවර සහ යටිනුවර මැතිවරණ කොට්ඨාස දෙකේ පමණක් ගොවිජන සේවා මධ්‍යස්ථාන 08ක් ඇත.

මෙම ආයතනයේ ප්‍රධාන අරමුණු වන්නේ සෑම බිම් අඟලක්ම වගා කිරීමට  ගොවීන් උනන්දු කරවිමයි.  වර්ෂ  1970 සමගි පෙරමුණු  කෘෂිකර්ම අමාත්‍ය හෙක්ටර්  කොබ්බැකඩුව මහතාගේ සංකල්පයක් අනුව  ලංකාව පුරාම ගොවිජන සේවා මධ්‍යස්ථානය 563 අරඹා ඇති අතර ඒවාට අනුබද්ධ  ගොවි බැංකු ඇත.  ලංකාවේ මුල්ම ගොවිජන සේවා මධ්‍යස්ථානය මහනුවර දිස්ත්‍රික්කයේ යටිනුවර මැතිවරණ කොට්ඨාසයේ මැණික්දිවෙල ආරම්භ කෙරිනි. ඉන්පසු  ගිරාගම හා දඬුවාව  ගොවිජන සේවා මධ්‍යස්ථාන  ඇති කරන ලදි. ගොවිජන සේවා මධ්‍යස්ථානවල විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකාවේ සෑම ගොවිජන සේවා  මධ්‍යස්ථානයක්ම එකම සැලස්මකට අනුව  සදා තිබීමයි.

මේ ගොවිජන සේවා මධ්‍යස්ථාන අතරින් සුවිශේෂි ගොවිජන සේවා මධ්‍යස්ථානය වන්නේ ගිරාගම ගොවිජන සේවා මධ්‍යස්ථානයයි. එදා ඵලදාවර්ධන මධ්‍යස්ථාන ලෙස හැඳුන්වුන මෙම  ආයතනයේ ගොවීන්ගේ අවශ්‍යතා ඉටු කිරීම සඳහා ගොවිජන සේවා මධ්‍යස්ථානයත්, එළු, ගව, කුකුළු ආදී  අනෙකුත් සතුන්ට වැළඳෙන රෝග සඳහා ප්‍රතිකාර කිරීමට පශු වෛද්‍ය මධ්‍යස්ථානයත්, ගොවීන්ගේ කිරි එකතු කර සීත කර ගබඩාකර ගැනීම සඳහා   කිරි එකතු  කිරීමේ මධ්‍යස්ථානයත් එකම බිම්ක   ආරම්භ කර තිබිණි.

එදා ඉඩම් කෘෂිකර්ම වාරිමාර්ග හා ඉඩම් පශු සම්පත් අමාත්‍යංශය සියල්ලම එකම ඇමති කෙනෙක් යටතේ තිබුනත් අද වෙන වෙනම අමාත්‍යවරැ හා  අමාත්‍යංශ  යටතේ පිහිටා තිබීම මේ ආයතන තුළ තිබූ අන්තර් සම්බන්ධතාව බිඳ වැටීමට ප්‍රධාන හේතුවී ඇති අතර කෘෂි කර්මාන්ත බිඳ වැටීමට ද එය හේතුවක් වී ඇත.

ගිරාගම ගොවිජන සේවා මධ්‍යස්ථානයෙන් තොරතුරු දැනගැනීමේ පනත අනුව  මා කළ විමසීමේදී අනාවරණය වුනේ ගිරාගම ගොවිජන සේවා බල ප්‍රදේශයට අයත් කුඹුරැ ඉඩම්  ප්‍රමාණය අක්කර 757 රෑඩ් 01 පර්චස් 15.6 වන අතර ගොඩ ඉඩම් ප්‍රමාණය අක්කර  2491 රෑඩ්  02 පර්චස්  14 වන බවයි.   2019 සිට 2023 දක්වා ප්‍රදේශයේ වගාකරන ලද කුඹුරු ඉඩම් ප්‍රමාණය මෙසේය.   ඒ. ශ්‍රේණියේ කුඹුරු අක්කර 152 රෑඩ්1 පර්චස් 10.2,  බී. ශ්‍රේණියේ කුඹුරැ අක්කර 145 රෑඩ් 2  පර්චස්  16.4,  සී  ශ්‍රේණියේ  කුඹුරැ අක්කර 04 පර්චස් 37 තිබෙන බව පවසා තිබිණි. මේ අනුව 2023 මැයි මස වනවිට වගාකර ඇති මුළු කුඹුරු ඉඩම්  ප්‍රමාණය අක්කර 302 පමණ වන අතර වගා නොකළ කුඹුරු ඉඩම් ප්‍රමාණය (757-302) අක්කර 450 ක පමණ වේ.

නමුත් ඔවුන් නැවතත් ප්‍රකාශ කර තිබෙන්නේ 2023.05.31  වන විට ඇති පුරන් කුඹුරැ සංඛ්‍යාව  අක්කර 97 බවයි. එසේ වීමට නම් පසුගිය මාසය  තුළ පුරන් කුඹුරු අක්කර තුන්සිය පනස් තුනක අලුතින්  කුමන හෝ බෝගයක් වගා කළ යුතුය. නමුත් මේ බල ප්‍රදේශය තුළ එවැනි දෙයක් සිදු වී නොමැත.

පුරන් කුඹුර නැවත වගා කිරීමට  ගෙන ඇති පියවර ලෙස සඳහන් වූයේ 17/2018 කොමසාරිස් ජනරාල්වරයාගේ පණිවිඩ යැවීම /වසම් මට්ටමින් පුරන් කුඹුරු හිමියන් කැඳවා රැස්වීම් පවත්වා ඔවුන්ට වගා කිරීමට උපදෙස් දීම/ වගා නොකළ කුඹුරු ඉඩම් ගිවිසුම් මගින් වෙනත් පාර්ශ්වයන්ට පවරා දීම සිදු කර තිබෙන බවයි. ඒ අනුව වෙනත් පාර්ශ්වයන් විසින් වගා කර ඇති ප්‍රමාණය කුඹුරු ප්‍රමාණය අක්කර 30 පර්චස් 4.8 ක් බව සඳහන් කර තිබිණි . පසුගිය වසර තුළ ගොවිතැනට  අලුතින් එකතු වූ බිම් ප්‍රමාණය හෙක්ටයාර්  24 ක් වන අතර එළවළු පලතුරු වගාවන්ට  අමතරව සුළු අපනයන බෝග සඳහා ගොවීන් යොමු කර ඇති බවත් ප්‍රදේශයෙන් ලියාපදිංචි සුළු අපනයන බෝග   පැළ තවාන් 08  එළවළු හා මල් පැළ තවාන් 15 තිබෙන අතර ප්‍රදේශයට ආවේණික රෝග ලෙස කොළ පාළුව, බැක්ටීරියා, හිටුමැරීම, දිලීර රෝග, අංගමාරය, පත්‍ර විචිත්‍ර වෛරසය හා  වන සත්ව හානි රිලව්, ඉත්තෑවන්,ඌරන් , වී කුරුල්ලන්ගෙන් හානි සිදුවන බව සඳහන් කර ඇත.

ගොවිජන සේවා මධ්‍යස්ථානයේ සේවය කරන නිලධාරි ව්‍යුහය මෙසේය..

ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය නිලධාරීන් 01, මධ්‍යස්ථාන කළමනාකරණ සහකාර 01,  සංවර්ධන නිලධාරි 05, පොහොර ලේකම් කාර්යාලයෙන් අනියුක්ත සංවර්ධන නිලධාරීන් 01, කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර  ඩිප්ලෝමාධාරීන් 01,   කම්කරු 01, මුරකරු 01, කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර  17 කි.ඒ අනුව සමස්ත සේවක සංඛ්‍යාව 28 කි.

මෙම නිලධාරීන් ගොවීන්ට ලබාදෙන සහන ලෙස පොහොර ලබාදීම /වගාවන් සදහා තාක්ෂණික දැනුම ලබා දීම/වගාවන් සඳහා ගොවිජන බැංකුව මගින් වගා ණය ලබාදීම.

තේ පොල් කෙසෙල් වගාවන්ට දිරිදීම,කන්න බෝග වගාව සඳහා පැළ හා  බීජ ලබා දීම, තාක්ෂණික දැනුම ලබා දීම සිදුකරයි.  ගොවීන්ගෙන් වැඩිපුරම ලැබෙන පැමිණිලි: සත්ව හානි, ජලය ලබා ගැනීමේ අපසුතා, ශ්‍රම හිඟය දක්වා ඇත. සත්ව හානිවලට පිළියමක් ලෙස විදුලි වැටවල් ලබාදීම සිදු කෙරේ. ප්‍රදේශයේ ගොවි සමිති  27 ක් තිබෙන අතර ගෙවතු වගාකරන  සංඛ්‍යාව 1217ක් වන අතර මේ ගෙවතුවල විවිධ වර්ගයේ වගාවන් 950 දක්නට ඇත. එළු,කුකුළු, ගවආදී    සත්ව ගොවි පොළවල් 420 ක් තිබෙන අතර මහා පරිමාණයේ එක් කුකුළු ගොවි පලක් ඇති  බව සඳහන් වේ.

  • වගාවන් සඳහා පොහොර ලබාදීම
  • ටී එස්.පී. යූරියා, එම්. ඕ.පී. කාබනික පොහොර ලබාදේ
  • ගොවීන් සඳහා නිර්දේශිත පොහොර ලෙස වර්ෂා පෝෂිත කුඹුරු  සදහා යූරියා කි.ගෑම් 40, එම්.ඕ.පී. කි.ග්‍රෑම් 44 ලබාදෙන අතර සුළු වාරි ජලයෙන් වගාකරන කුඹුරු සඳහා යූරියා කිලෝග්‍රෑම් 56 එම්.ඕ.පී.කිලෝ ග්‍රෑම් 20 ලබාදෙන අතර කාබනික පොහොර කිලෝ ග්‍රෑම් 200 ලබා දෙයි. 
  • 2023 වසරේ යල කන්නය සඳහා අක්කරයකට රුපියල් 8000  මුදල් වව්චරයක් පොහොර ලබා ගැනීම සඳහා ලබා දේ. 

පොහොර හා වෙනත් සහනාධාර ලබා දුන්නත් ගොවීන් ගොවිතැනට උනන්දු වීම අඩු වීමට ප්‍රධාන  හේතුවක් වී ඇත්තේ කම්කරු කුලිය ඉහළ යෑම හා ඌරන්  වැනි වන සතුන්ගෙන් වන හානිය ඉහල  යාමට නිසි පිළියමක් නොමැති වීමයි. එසේම වසමට එන කෘෂිකර්ම පර්යේෂණ නිලධාරිය මුණගැසීමට තැනක් නොමැත. ඇතැම් නිලධාරීන් වසමට පැමිණෙන්නේ රජයේ වැඩසටහනක් අනුව බීජ හො  පැල බෙදාමේ වැඩසටහනක් තිබෙන විටය. නැතිනම් ගෙවතු වගා  වැඩසටහන් සඳහා ගොවීන් සොයා ගැනීමටය.බොහෝ ගම්වල ගොවි සමිතිවල  ප්‍රධාන අරමුණ  ගොවිතැන් කිරීම නොව ගොවි සමිති හරහා කොන්ත්‍රාත්  ලබා ගැනීමයි ,කෘෂි පර්යේෂන නිලධාරී ,සමෟද්ධි නිලධාරි ,ග්‍රාම සංවර්ධන නිලධාරි ,හා ග්‍රාම නිලධාරි වැනි ගමට සෘජුවම වගකිය නිලධාරීන් හිටියත්   ග්‍රාමීය ප්‍රජාව සමඟ අත්වැල් බැඳගෙන ගමේ   කෘෂි කාර්මික සමාජ, ආර්ථික දියුණුව   ඇති කිරීමට මෙම නිලධාරින් හා ගැමියන් අපොහාසත් ය .

වසර හතරකින් පසු පර්යේෂණ නිලධාරියා වසමෙන් යන විට කෘෂිකාර්මික අතින් සංවර්ධනය වී නොමැති නම් ,සංවර්ධන නිලධාරියා ගමෙන් යන විට මංමාවත් හා පොදු යටිතල පහසුකම් ඉටුවී නොමැතිනම්, ග්‍රාම නිලධාරියා ගමෙන්  යන විට උප්පැන්න, හැඳුනුම්පත් හා මරණ  සහතික නොමැති අය සිටීනම්.සමෟද්ධි නිලධාරියා  ගමෙන් යනවිට ,සමෟද්ධි  අතහැර යන පිරිස වෙනුවට සමෘද්ධිලාභීන් සංඛ්‍යා වැඩිවී ඇත්නම් මේ රාජ්‍ය නිලධාරින්ගේ නිසි සේවයක් නිසි අයුරින් ගමට ඉටු කර නොමැති බව පැහැදිලිය. ගම සහ මෙකි නිළධාරි තන්ත්‍රය අතර තිබිය යුතු සහසම්බන්ධය බිදවැටිම ග්‍රාමිය ආර්ථිකය ශක්තිමත් නොවිමට බලපාන ප්‍රධාන හේතුවකි.

Social

ශ්‍රී ලංකාවේ ආහාර හා ආහාර නොවන නිෂ්පාදන වල අඩංගු නොවිය යුතු ලැයිස්තුව

ශරීරයේ කොතැනක හෝ සිදුවන අසාමාන්‍ය සෛල බෙදීමක් හා ඒවායේ පාලනයකින් තොරව ශරීරය පුරා ව්‍යාප්ත වීමක් පිළිකාවක් ලෙස හැඳින්විය හැකිය. පිළිකා…

By In
Social, පුවත්

දිස්ත්‍රික්ක අටක, වසරකට බරවා රෝගීන් 700ක් – තොරතුරු පනතින් කළ තවත් හෙළිදරව්වක්

මොහොමඩ් ආසික් ජනාකීර්ණ වූ නගරයන්හි  වීදි හරහා හදිස්සියෙන්  එහා මෙහා  යද්දී අපේ  නෙතට ගැටී නොගැටී  යන දෑත් දෙපා ඉදිමුණු  පිරිමින් මෙන්ම…

By In
Social, ප්‍රකාශන

ජනතාවගේ බදු මුදල් මිලියන අසූ හතරක් වැය කල ජනපති කාර්ය සාධක බලකායන්

මොහොමඩ් නස්රාන හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වීමෙන් පසුව ඔහු බලයෙන් පහව යනතුරු වසර තුනක කාලයක් ඇතුලත ජනාධිපති කාර්යය…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *