පුවත්

තොරතුරු පනතින් ජයගත් ගල්නෑවේ ජනතාව (අනුරාධපුර)

By In

 

මිනිසාගේ සමාජීය හා ආධ්‍යාත්මික දියුණුව සදහා කලාව ඉතා වැදගත් වේ. ජනතාව තමකලාරසයඉහළනංවා ගැනීමටනාට්‍ය,නැටුම්,සංගීතයආදීබොහෝකලාකාමීකටයුතුවල නිරත වීමට හුරු වී ඇත. මෙම කටයුතු සදහා ප්‍රමාණවත් පහසුකම් පැවතීම ඉතාමත් වැදගත් ය.ඒ සදහා ප්‍රාදේශීය වශයෙන් පහසුකම්සහිතපොදුස්ථානයකඅවශ්‍යතාවයපවතී.

ගල්නෑව ප්‍රාදේශීය සභාවේ ප්‍රතිපාදන යටතේ මෙවැනි කලා කටයුතු සදහා එම ප්‍රදේශයේ ශ්‍රවණාගාරයක් ඉදිකරන ලදී. නමුත් මෙහි පහසුකම් ජනතාවට භුක්ති විදීමට නම් මෙම ශ්‍රවණාගාරය ජනසතු කල යුතුය. මෙය ඉදිකොට වසර දෙකකට අධික කාලයක් ගතවී තිබුනද ගල්නෑව ප්‍රාදේශීය සභා බලධාරීන් විසින් මෙය ජනසතු කිරීමට පියවරගෙන නොතිබිණි. එම කාලය තුල දී ශ්‍රවණාගාරය අවට වල් වැදී එය වැසීයන මට්ටමට පත්විය.  ඒ අනුව ප්‍රදේශයේ ජනතාව මේ පිළිබඳ කීපවතාවක්ම විමසීම් කළ ද තත්වයේ කිසිදු වෙනසක් නොවීය. මෙහිදී තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳ දැනුවත් වූ කීපදෙනෙකු විසින් මෙය විවෘත කිරීම පිළිබඳ විමසා ප්‍රාදේශීය සභාවේ තොරතුරු නිලධාරියා වෙත තොරතුරු අයදුම්පතක් යොමුකිරීමට කටයුතු කරන ලදී.

තොරතුරු නීතිය අනුව නිසි කාලරාමුවට අනුකුලව ප්‍රාදේශීය සභාවේ තොරතුරු නිලධාරියා තොරතුරු ලබා නුදුන්න ද තොරතුරු අයදුම්පත් යොමු කිරීමෙන් මාසයකට අසන්න කාලයක් ගතවන විට මෙම ශ්‍රවණාගාරයේ අවට සුද්ද පවිත්‍ර කිරීමට කටයුතු ආරම්භ කොට එහි වටපිටාව එළිපෙහෙළි කරමින් මෙය වීවෘත කිරමට අවශ්‍ය වැඩ කටයුතු සිදු කෙරෙන බව ප්‍රදේශවාසීන්ට පෙනෙන්නට විය.

වසර දෙකකකට අධික කාලයක් තිස්සේ වසා දමා වල් බිහිවෙමින් තිබූ ශ්‍රවණාගාරය ඉතාමත් කෙටි කාලයක් තුල ජන සතු කිරීමට බලධාරීන්ට අදහස් පහළවුයේ තොරතුරු දැනගැනීමේ පනතට ස්තුති වනන්ට යන්න ප්‍රදේශවාසීන්ගේ අදහසයි.

(ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින්  පවත්වන ලද තොරතුරු දැනගැනීමේ පනත  හා සන්නිවේදන පුහුණු වැඩමුළුවට සහභාගී වූවන් විසින් මෙම  ලිපි සකස් කරන ලද්දේ USAID-SDGAP ව්‍යාපෘති‍යේ මුල්‍ය ආධාර සහිතවය.)

මෙමෙ ලිපි වල අන්තර්ගතය තුලින් USAID-SDGAP අදහස් පිලිබිබු නොකරන බව කරුණාවෙන් සලකන්න

 

Social, පුවත්

දිස්ත්‍රික්ක අටක, වසරකට බරවා රෝගීන් 700ක් – තොරතුරු පනතින් කළ තවත් හෙළිදරව්වක්

මොහොමඩ් ආසික් ජනාකීර්ණ වූ නගරයන්හි  වීදි හරහා හදිස්සියෙන්  එහා මෙහා  යද්දී අපේ  නෙතට ගැටී නොගැටී  යන දෑත් දෙපා ඉදිමුණු  පිරිමින් මෙන්ම…

By In
Social, පුවත්

නව ලෝකයට ගැලපෙන ලෙස වෙනස්වන ළමා අපයෝජන – වැඩිහිටියනි අවධානයෙන්

හර්ෂා සුගතදාස කුරුණෑගල කුඹුක්ගැටේ ප්‍රදේශයේ 16 හැවිරිදි පාසල් දැරියක් බස් රථයක් තුළ දූෂණය කළ  සි දූ  විමක්  පසුගිය දිනවල මාධ්ය…

By In
Social, පුවත්

රුපියල් මිලියන 366ක් වැය කළ තොරතුරු තාක්ෂණ උද්‍යානය පුස්සක් ද?

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දී සිටින බර පතළ ආර්ථික අර්බුදයට මුල් වු හේතුන් අතර, දෙස්…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *