පුවත්

අතුරේ යාමට සමාන තෙල්බැද්දේ පාලම

By In

බදුල්ල තෙල්බැද්දගමට පිවිසීමට ඇති පහසුම මාර්ගය බදුලුඔයේ අතුගංගාවක් හරහා වැටී ඇත.  එම මාර්ගය ඔස්සේ ගම නගරය හා යා කරන්නේ තෙල්බැද්ද පාලමයි.  වසර හතළිහකට වැඩි කාලයක් තිස්සේ බදුල්ල සිට තෙල්බැද්ද හරහා අල්ලෙ අරාවට ගමන් කිරීමට මෙන්ම, මගී බස්රථ ප්‍රවාහනයටද ප්‍රදේශයේ ප්‍රමුඛ ආර්ථික බෝග යවන තේ දළු ප්‍රවාහනයටද උපයෝගී කරගන්නා ප්‍රධාන පිවිසුම මෙම පාලමයි.

නමුත් මේ වනවිට පාලම දෙපස ඇති ආධාරක ඇදි කැඩී බිදී ගොස් ඉතා අනාරක්ෂිත තත්වයකට පත්ව තිබේ. පාලමේ පටු ස්වභාවය හේතුවෙන් වාහන දෙකක් එකවර මාරුවීම සිදුකල නොහැකි අතර වාහන ගමන් ගන්නා අවස්ථාවල මගීන්ට පාලම භාවිතා කළ නොහැකි වී ඇත. පාසලේ සිසුන්ට සහ රජයේ සේවකයන්ට දිනපතා තෙල්බැද්ද පාලම භාවිතා කිරීමට සිදුව ඇත්තේ ජිවිත අවදානම නොතකමින් බව ගම්වාසීහු සඳහන් කරති.  කුඩා තේ වතු හිමියන්ගේ තේ දළු ප්‍රවාහනය කරන සහ ගෙවතු හා කුඹුරුවල අස්වනු නගරයට රැගෙන යන කාර්යයද සිමා වනතත්වයක් උද්ගත වී තිබේ. ගම්වාසීන් සඳහන් කරන්නේ මේ හේතුවෙන් තමන්ගේ ගොවිතැන අඩාල වීමට ඉඩ ඇති බවයි.  විශේෂයෙන් ගොවිතැනට අවශ්‍ය පොහොර සහ වෙනත් යෙදවුම් නගරයේ සිට රැගෙන ඒමේදී ද අපහසුතා මතුව ඇති බව ගොවිජනතාව සඳහන් කරති.  වසර දෙකකට පමණ ඉහත පාලමේ ආරක්ෂක ඇදි නොමැතිවීම නිසා ඒ ඔස්සේ ගමන් කළ ත්‍රිරෝද රථ දෙකක් ගඟට ඇද වැටි ඇත. තෙල් බැද්ද හා ඇල්ලේ ආරාව ගම්වාසීන් අවස්ථා ගණනාවකදී බලධාරීන් දැනුවත් කර මෙම පාලම පිළිසකර කර දෙන්නැයි ඉල්ලීම් කර ඇතත් මේ දක්වා ඒ සඳහා ප්‍රතිචාර ලැබී නොමැති.  එබැවින් තොරතුරැ දැනගැනීමේ අයිතිය භාවිතා කරමින් අදාළ ප්‍රදේශය පිළිබද වගකීම් ඇති පළාත් පාලන ආයතන වන බදුල්ල ප්‍රාදේශීය සභාව විසින් විමසීම් සිදු කිරීමට ගම්වාසීන් ක්‍රියා කර ඇත.

ඊට පිළිතුරු දෙමින් බදුල්ල ප්‍රාදේශීය සභාව 2018.12.04 දිනැති RTI/BD/BPS/2018/02 අංක දරණ ලිපියෙහි සඳහන් කරන්නේ තෙල්බැද්ද පාලම අයත් මාර්ගය පිළිසකර කිරීමේ වගකීම ඇත්තේ ඌව පළාත් මාර්ග දෙපාර්තුමේන්තුව වෙත බවයි.

කෙසේ වෙතත් ගම්වාසීන් සඳහන් කරන්නේ හැකි ඉක්මනින් මෙම පාලම පිළිසකර කරදීමේ වගකීම බලධාරීන් සතු නිසා පළාත් මාර්ග දෙපාර්තුමේන්තුවෙන් තොරතුරු ලබාදිය යුතු බවයි.

(ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින්  පවත්වන ලද තොරතුරු දැනගැනීමේ පනත  හා සන්නිවේදන පුහුණු වැඩමුළුවට සහභාගී වූවන් විසින් මෙම  ලිපි සකස් කරන ලද්දේ USAID-SDGAP ව්‍යාපෘති‍යේ මුල්‍ය ආධාර සහිතවය.)

මෙමෙ ලිපි වල අන්තර්ගතය තුලින් USAID-SDGAP අදහස් පිලිබිබු නොකරන බව කරුණාවෙන් සලකන්න

Social, පුවත්

දිස්ත්‍රික්ක අටක, වසරකට බරවා රෝගීන් 700ක් – තොරතුරු පනතින් කළ තවත් හෙළිදරව්වක්

මොහොමඩ් ආසික් ජනාකීර්ණ වූ නගරයන්හි  වීදි හරහා හදිස්සියෙන්  එහා මෙහා  යද්දී අපේ  නෙතට ගැටී නොගැටී  යන දෑත් දෙපා ඉදිමුණු  පිරිමින් මෙන්ම…

By In
Social, පුවත්

නව ලෝකයට ගැලපෙන ලෙස වෙනස්වන ළමා අපයෝජන – වැඩිහිටියනි අවධානයෙන්

හර්ෂා සුගතදාස කුරුණෑගල කුඹුක්ගැටේ ප්‍රදේශයේ 16 හැවිරිදි පාසල් දැරියක් බස් රථයක් තුළ දූෂණය කළ  සි දූ  විමක්  පසුගිය දිනවල මාධ්ය…

By In
Social, පුවත්

රුපියල් මිලියන 366ක් වැය කළ තොරතුරු තාක්ෂණ උද්‍යානය පුස්සක් ද?

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දී සිටින බර පතළ ආර්ථික අර්බුදයට මුල් වු හේතුන් අතර, දෙස්…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *