පුවත්

මෙරට පොදු ප්‍රවාහන සේවයේ නව පිම්මක්!

By In

මෙරට පොදු ප්‍රවාහන සේවාවන්හි පවත්නා යම් යම් සාම්ප්‍රදායික ක්‍රමවේදයන්ගෙන් මිදී නව්‍යකරණයට ලක්විය යුතු බව අනාදිමත් කලක පටන් කතිකාවන්ට පාත්‍ර වන්නකි. පොදු ප්‍රවාහන සේවා භාවිතයේ දී මගීන් හට මුහුණදීමට සිදුවන අපහසුතා, බස් ගාස්තු හා බස් රථ ගමන් වාර සම්න්ධයෙන් ඇති වන ගැටලු ආදිය එහි දී ප්‍රධාන වශයෙන් ම අවධානය පැහැරගන්නා මාතෘකාවන් වේ. රජය සහ අදාළ අධිකාරීන් මේ සඳහා විකල්ප සහ විසඳුම් ලබා දීමට කොතෙකුත් කටයුතු සම්පාදනය කළ ද මගීන් මුහුණදෙන එකී ගැටලු සඳහා ඔවුන් තෘප්තිමත් වන ආකාරයේ දීර්ඝකාලීන විසඳුමක් ලබා දීමට ගත් ප්‍රයත්නයන් බොහොමයක් ම පාහේ ව්‍යර්ථ විය. 

එහෙත් පසුගිය ජූලි මස 07 වන දින ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් මගීන්ගේ පහසුව සඳහා නිර්ාණය කර ජනගත කිරීමට කටයුතු කරන ලද ‘මයි බස්’ ජංගම දුරකථන යෙදුම් මෘදුකාංගය(My Bus SL Mobile App)  මෙරට පොදු ප්‍රවාහන සේවය සම්බන්ධයෙන් වන ඉහත කී ගැටලු සඳහා සාධනීය පිළිතුරක් ලබා දීම සඳහා පාදක වේ යැයි බලාපොරොත්තු තැබිය හැකි සාර්ථක ප්‍රයත්නයක් වශයෙන් හඳුන්වා දිය හැකි ය. එහෙයින් මෙම ජංගම දුරකථන යෙදුම සම්න්ධයෙන් වැඩිදුර තොරතුරු දැනගැනීමේ අභිලාෂයෙන් යුක්තව ජාතික ගමනාගමන කොමිෂන් සභාව වෙත අප විසින් තොරතුරු අයදුම්පතක් ඉදිරිපත් කර ආදළ තොරතුරු ලබා ගන්නා ලදී.

ඒ අනුව, මෙම ‘මයි බස්’ ජංගම දුරකථන යෙදුම් මෘදුකාංගය නිර්මාණය කරනු ලැබ ඇත්තේ ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙහි කාර්‍යයන් ස්වයංක්‍රීය කරනු ලබන මෘදුකාංගය වන Process Automation System  හි එක් කාර්‍යයක් වශයෙනි. මෙහි සුවිශ්‍ෂත්වය වන්නේ මේ සඳහා කිසිඳු ආකාරයක පිරිවැයක් දරා නොමැති වීමත් මෙය නිර්මාණය කොට ඇත්තේ ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙහි අදාළ තාක්‍ෂණ නිලධාරීන්ගේ පූර්ණ දායකත්වයෙන් වීමත් ය.  එසේම මෙම යෙදුම් මෘදුකාංගයෙහි අනාගත වැඩිදියුණු කිරීම් සඳහා ද කිසිඳු පිරිවැයක් දැරීමට ගමනාගමන කොමිෂන් සභාව මෙතෙක් සැලසුම් කොට නොමැති අතර හුදෙක් මහජන සේවාවට කැප වෙමින් සිය තාක්‍ෂණික නිලධාරීන්ගේ කැපවීම මත සාර්ථකව මෙම සේවාව පවත්වාගෙන යාමට ඔවුන් අපේක්‍ෂා කරයි.

මෙමගින් මගීන් හට බස් කාලසටහන, ගමන් ගැනීමට අවශ්‍ය බස් රථය මෙම වේලාවෙහි ඇති ස්ථානය, බස් ගාස්තුව, කාඞ්පත් හා ගෙවීමේ පහසුකම් ආදිය පිළිබඳ දැනුවත් වීමේ හැකියාව ඇති අතර ම මෙහි විශේෂත්වය වන්නේ පොදු ප්‍රවාහන සේවා භාවිත කිරීමේ දී මගීන්ට ඇති වන ගැටලු පිළිබඳ  පැමිණිලි කළ හැකි, පැය 24 පුරාවට ක්‍රියාත්මක  පැමිණිලි සේවාවක් ස්ථාපනය කර තිබීමයි.

මෙම යෙදුම් මෘදුකාංගය ජනගත කළ දින සිට මේ දක්වා 5.000 සිට 10.000 බාගත කිරීම් ප්‍රමාණයක් සිදු කර ඇති අතර ඒ පිළිබඳව ඇති යෝජනා සහ චෝදනා ‘ගූගල් ප්ලේ ස්ටෝ’ හි සටහන් කිරීමට අවකාශ සලසා ඇත. එසේ සටහන් කරනු ලබන යෝජනා සහ චෝදනා අනුසාරයෙන් මෙම මෘදුකාංගයෙහි වැඩිදියුණු කිරීම් සහ දෝෂ සකස් කිරීම් සිදු කෙරෙන බව ජාතික ගමනාගමන කොමිසම දන්වා සිටී.

දැනට මෙම සේවාව අන්තර් පළාත් හා නගරාන්තර බස් රථ සේවා සඳහා පමණක් ක්‍රියාත්මක වන අතර නොබෝ දිනකින් ම අනෙකුත් බස්‍රථ සේවා සඳහා සහ දුම්‍රිය සේවා සම්බන්ධයෙන් ද යොදාගැනීමට අපේක්‍ෂිත බවට ද ඔවුන් ප්‍රකාශ කර සිටී.

 

පුවත්

මැතිවරණ නීති උල්ලංඝනය කළ ඇතැම් රාජ්‍ය නිලධාරීන්ට දණ්ඩමුක්තිය?

  ශ්‍රී ලංකාව දිගු ඉතිහාසයක් සහිත ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායකට උරුමකම් කියන රටකි. නිදහස් හා සාධාරණ මැතිවරණ යනු, ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක මූලික පදනමයි….

By In
පුවත්

ජනමාධ්‍ය නිදහස සම්බන්ධයෙන් දකුණු ආසියාව  තවදුරටත් ගෝලීය “රතු කලාපයක්”

මේ වසරේ ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය (WorldPressFreedomDay2026 ) අද (මැයි 03 දා) ට යෙදී තිබේ. “සාමය පිරුණු අනාගතයක් උදෙසා” තේමාව යටතේ…

By In
පුවත්

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය ” ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය” සමරයි

ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය සැමරිම – 2026 මැයි 03 වෙනි දිනට යෙදී තිබූ “ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය” සෑමරීම වෙනුවෙන් සංවිධානය…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *