පුවත්

මෙරට පොදු ප්‍රවාහන සේවයේ නව පිම්මක්!

By In

මෙරට පොදු ප්‍රවාහන සේවාවන්හි පවත්නා යම් යම් සාම්ප්‍රදායික ක්‍රමවේදයන්ගෙන් මිදී නව්‍යකරණයට ලක්විය යුතු බව අනාදිමත් කලක පටන් කතිකාවන්ට පාත්‍ර වන්නකි. පොදු ප්‍රවාහන සේවා භාවිතයේ දී මගීන් හට මුහුණදීමට සිදුවන අපහසුතා, බස් ගාස්තු හා බස් රථ ගමන් වාර සම්න්ධයෙන් ඇති වන ගැටලු ආදිය එහි දී ප්‍රධාන වශයෙන් ම අවධානය පැහැරගන්නා මාතෘකාවන් වේ. රජය සහ අදාළ අධිකාරීන් මේ සඳහා විකල්ප සහ විසඳුම් ලබා දීමට කොතෙකුත් කටයුතු සම්පාදනය කළ ද මගීන් මුහුණදෙන එකී ගැටලු සඳහා ඔවුන් තෘප්තිමත් වන ආකාරයේ දීර්ඝකාලීන විසඳුමක් ලබා දීමට ගත් ප්‍රයත්නයන් බොහොමයක් ම පාහේ ව්‍යර්ථ විය. 

එහෙත් පසුගිය ජූලි මස 07 වන දින ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් මගීන්ගේ පහසුව සඳහා නිර්ාණය කර ජනගත කිරීමට කටයුතු කරන ලද ‘මයි බස්’ ජංගම දුරකථන යෙදුම් මෘදුකාංගය(My Bus SL Mobile App)  මෙරට පොදු ප්‍රවාහන සේවය සම්බන්ධයෙන් වන ඉහත කී ගැටලු සඳහා සාධනීය පිළිතුරක් ලබා දීම සඳහා පාදක වේ යැයි බලාපොරොත්තු තැබිය හැකි සාර්ථක ප්‍රයත්නයක් වශයෙන් හඳුන්වා දිය හැකි ය. එහෙයින් මෙම ජංගම දුරකථන යෙදුම සම්න්ධයෙන් වැඩිදුර තොරතුරු දැනගැනීමේ අභිලාෂයෙන් යුක්තව ජාතික ගමනාගමන කොමිෂන් සභාව වෙත අප විසින් තොරතුරු අයදුම්පතක් ඉදිරිපත් කර ආදළ තොරතුරු ලබා ගන්නා ලදී.

ඒ අනුව, මෙම ‘මයි බස්’ ජංගම දුරකථන යෙදුම් මෘදුකාංගය නිර්මාණය කරනු ලැබ ඇත්තේ ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙහි කාර්‍යයන් ස්වයංක්‍රීය කරනු ලබන මෘදුකාංගය වන Process Automation System  හි එක් කාර්‍යයක් වශයෙනි. මෙහි සුවිශ්‍ෂත්වය වන්නේ මේ සඳහා කිසිඳු ආකාරයක පිරිවැයක් දරා නොමැති වීමත් මෙය නිර්මාණය කොට ඇත්තේ ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙහි අදාළ තාක්‍ෂණ නිලධාරීන්ගේ පූර්ණ දායකත්වයෙන් වීමත් ය.  එසේම මෙම යෙදුම් මෘදුකාංගයෙහි අනාගත වැඩිදියුණු කිරීම් සඳහා ද කිසිඳු පිරිවැයක් දැරීමට ගමනාගමන කොමිෂන් සභාව මෙතෙක් සැලසුම් කොට නොමැති අතර හුදෙක් මහජන සේවාවට කැප වෙමින් සිය තාක්‍ෂණික නිලධාරීන්ගේ කැපවීම මත සාර්ථකව මෙම සේවාව පවත්වාගෙන යාමට ඔවුන් අපේක්‍ෂා කරයි.

මෙමගින් මගීන් හට බස් කාලසටහන, ගමන් ගැනීමට අවශ්‍ය බස් රථය මෙම වේලාවෙහි ඇති ස්ථානය, බස් ගාස්තුව, කාඞ්පත් හා ගෙවීමේ පහසුකම් ආදිය පිළිබඳ දැනුවත් වීමේ හැකියාව ඇති අතර ම මෙහි විශේෂත්වය වන්නේ පොදු ප්‍රවාහන සේවා භාවිත කිරීමේ දී මගීන්ට ඇති වන ගැටලු පිළිබඳ  පැමිණිලි කළ හැකි, පැය 24 පුරාවට ක්‍රියාත්මක  පැමිණිලි සේවාවක් ස්ථාපනය කර තිබීමයි.

මෙම යෙදුම් මෘදුකාංගය ජනගත කළ දින සිට මේ දක්වා 5.000 සිට 10.000 බාගත කිරීම් ප්‍රමාණයක් සිදු කර ඇති අතර ඒ පිළිබඳව ඇති යෝජනා සහ චෝදනා ‘ගූගල් ප්ලේ ස්ටෝ’ හි සටහන් කිරීමට අවකාශ සලසා ඇත. එසේ සටහන් කරනු ලබන යෝජනා සහ චෝදනා අනුසාරයෙන් මෙම මෘදුකාංගයෙහි වැඩිදියුණු කිරීම් සහ දෝෂ සකස් කිරීම් සිදු කෙරෙන බව ජාතික ගමනාගමන කොමිසම දන්වා සිටී.

දැනට මෙම සේවාව අන්තර් පළාත් හා නගරාන්තර බස් රථ සේවා සඳහා පමණක් ක්‍රියාත්මක වන අතර නොබෝ දිනකින් ම අනෙකුත් බස්‍රථ සේවා සඳහා සහ දුම්‍රිය සේවා සම්බන්ධයෙන් ද යොදාගැනීමට අපේක්‍ෂිත බවට ද ඔවුන් ප්‍රකාශ කර සිටී.

 

පුවත්

‘Youth Club’ ජාතික තරුණ සමුළුව මල් වෙඩිල්ලක්ද?

වියදම රුපියල් ලක්ෂ 388යි ජාතික තරුණ සේවා සභාවේ තරුණ සමුළුවට සහභාගී වූ දිස්ත්‍රික් නායකයින් තෝරාගැනීමේදී ආණ්ඩුවේ දේශපාලන අධිකාරිය හා  යම්…

By In
පුවත්

මැතිවරණ වියදම් නියාමන නීතිය කෙතරම් ප්‍රායෝගිකද?

මැතිවරණ තුනේ අපේක්ෂකයින් 2403 ක්  ආදායම් වියදම් වාර්තා ලබා දී නෑ තොරතුරු දැන ගැනීමේ පනතින් කළ සොයා බැලීමක් ප්‍රජාතන්ත්‍රවාදී පාලන…

By In
පුවත්

අයිතිවාසිකම් පනත් කෙටුම්පත් හමස්පෙට්ටියට යාවිද?

  මහජනතාවගේ පරමාධිපත්‍ය හොබවන ඔනෑම රජයක ප්‍රමුඛ කාර්ය වන්නේ මහජනතාවගේ අයිතිවාසිකම්  වන මානව අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමය. එපමණක් නොව එම අයිතිවාසිකම්…

By In
පුවත්

දුම්රිය මැදිරි තුළ ගමන් ගන්නා මගීන් අපහසුතාවයටපත්වීමට නීතිමය සහනයක් තිබේද ?

බ්‍රිතාන්‍ය පාලන සමයේ සිට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වූ දුම්රිය සේවය අදටත් මෙරට මහජනතාවගේ ප්‍රධානතම පොදු ප්‍රවාහන මාධ්‍යයන් අතුරින් එකකි….

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *