Uncategorized

පොල් මිල සහ පැමිණිලි

By In

පසුගිය සමයේ රජය විසින් ජනතාවගේ ආහාර අවශ්‍යතාවය සපුරා ගැනීමේ සහනයක් වශයෙන් සහල්, සීනි සහ පිටි ආදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක් සඳහා පාලන මිලක් නියම කරන ලදී. එයින් අදහස් කරන ලද්දේ වෙළඳුන් එම ද්‍රව්‍ය අලෙවි කිරීමේ දී ඔවුන්ට කිසි විටෙකත් එම නියම කළ මිලට වඩා වැඩි මුදලකට ඒවා විකිණිය නොහැකි වීමයි. රජය එවැනි පාලන මිලක් නියම කරනුයේ ජනතාවගේ ම සුබසාධනය සඳහා ය. යම් හෙයකින් වෙළඳුන් අදාල ද්‍රව්‍ය ඉහළ මිලකට විකුණන්නේ නම්, අපට ඒ පිළිබඳව පාරිභෝගික සේවා අධිකාරියට පැමිණිලි කළ හැක. 

මෙසේ පාලන මිලක් නියම කළ ආහාර ද්‍රව්‍ය අතරින් පොල් ගෙඩියක මිල තීරණය කර තිබුණේ එහි වටප්‍රමාණය සළකමිනි. ඒ අනුව අඟල් 12ට අඩු වටප්‍රමාණයක් සහිත පොල් ගෙඩියක උපරිම සිල්ලර මිල රුපියල් 60ක් වන අතර, අඟල් 12 – 13 ත් අතර පරිධියක් සහිත පොල් ගෙඩියක උපරිම සිල්ලර මිල රුපියල් 65කි. තව ද අඟල් 13ක පොල් ගෙඩියක් සඳහා නියම කරන ලද උපරිම සිල්ලර මිල රුපියල් 70 කි. නමුත් වෙළඳපලේ නියමිත මිලට වඩා වැඩි මුදලකට පොල් අලෙවි කරන බව අප අසා ඇත. එහෙයින් පවත්නා පාලන මිලට එපිටින් පොල් අලෙවි කිරීම සම්බන්ධයෙන් පාරිභෝගික සේවා අධිකාරියට ලැබී ඇති පැමිණිලි පිළිබඳ සොයාබැලීම සඳහා අප විසින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ අයදුම්පතක් යොමු කරන ලදී. ඒ සඳහා පාරිභෝගික සේවා අධිකාරිය ලබාදුන් පිළිතුරු පහත පරිදි වේ.

2020 සැප්තැම්බර් මාසයේ සිට නොවැම්බර් මාසය දක්වා වැඩි මිලකට පොල් අලෙවි කරන බවට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 267කි. ඉන් පැමිණිලි 108ක් ම ලැබී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. ඒ අනුව වැඩිම පැමිණිලි ප්‍රමාණයක් සිදු කර ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයේ පාරිභෝගිකයින් විසිනි. ඒ අතර නුවරඑළිය, මුලතිව්, මන්නාරම, කිළිනොච්චි, ත්‍රිකුණාමලය, මඩකලපුව සහ පුත්තලම යන දිස්ත්‍රික්ක වලින් ද පැමිණිලි සුළු ප්‍රමාණයක් ලැබී තිබේ. ඒ අනුව අදාළ වෙළඳූන් අරභයා දැනටමත් නීතිමය පියවර ගෙන ඇති බව සහ නුදුරේදී ම අදාළ අධිකරණ වල ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව අධිකාරිය විසින් දන්වා එවා ඇත.

Uncategorized, පුවත්

තොරතුරු දැනගැනීමේ අයිතිය හරහා පන්නරය ලබන පොළොන්නරුවේ ගොවි ජන අරගල

එස්. එම්. මනෝජ්“මේ පොළොව මිනිසාට අයිති නැති බව අපි දනිමු. මිනිසා අයිති වන්නේ මහ පොළොවටයි. ඥාතීන් සියලු දෙනා එකම ලේ…

By In
Uncategorized

අනුරාධපුර ක්‍රියාත්මක වන උපාය මාර්‍ර්ගික නගර සංවර්ධන වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳ උතුරුමැද පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය සෑහීමකට පත් වන්නේ නැහැ.

වසර තිහක් පුරා මෙරට පැවති යුධමය තත්ත්වය සමනය වූ තන්හි සිට ගෙවුණු වසර 11 පුරාවට මෙරට ඉතා ශීඝ්‍රයෙන් සංවර්ධනය කිරීමට…

By In
Uncategorized, පුවත්

වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නාමලේඛනය මුදාහරින ලෙස තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට නියෝග කළේය.

චාමර සම්පත් තොරතුරු දැනගැනීමේ පනතට අනුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට යොමු කළ තොරතුරු ඉල්ලීම්ක් ප්‍රතික්‍ෂේප කිරීම සම්බන්ධයෙන් වූ අභියාචනයක් සලකා බැලීමෙන්…

By In
Uncategorized, පුවත්

ලිපයක් තැපැල් කිරීමට වැඩ කරන දින 13ක් ගත් රත්නපුර ගොවිජනසේවා සහකාර කොමසාරිස් කාර්යාලය. ගොවිජනසේවා සහකාර කොමසාරිස් කාර්යාල 21ක් තොරතුරු දීමද පැහැර හැරලා

රත්නපුර ගොවිජනසේවා සහකාර කොමසාරිස් කාර්යාලය මගින් තොරතුරු දැනගැනීමේ පනත ඔස්සේ තොරතුරු ඉල්ලා සිටි අවස්ථාවක ඒ සඳහා තොරතුරු ඉල්ලුම්පත ලැබුණු බව…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *