පුවත්

පොදු ප්‍රවාහන පහසුකම් නොමැතිකම තොරතුරු දැනගැනීමේ පනත භාවිතය සඳහා පොළඹවයි

By In

මාපලගම ප්‍රදේශවාසින් සඳහා පොදු ප්‍රවාහන පහසුකම් නොමැත’ ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පිහිටි මාපලගම සිට පිටිගල දක්වා දිවෙන මාර්ගයේ ජීවත් වන ජනයා සඳහා ප්‍රවාහන පහසුකම් නොමැති වීම බරපතල ගැටළුවක් වී ඇත. මෙම ප්‍රදේශයේ එක් බස් රථයක් පමණක් ධාවනය වන අතර මෑතකදි ධාවනය නතර කර ඇති අතර ප්‍රදේශවාසින් 500 ක් පමණ දැඩි අසීරුතාවයට පත්ව ඇත

එහි වැසියන් ප්‍රදේශයේ නිළධාරින්ට අයාචනා කිහිපයක් ඉදිරිපත් කළ අතර බස් රථය නැවත සේවයේ යෙදී ඇති බවට සහතික කර ගැනීම සඳහා හැකි සෑම තැනකට ම ඔවුන් මේ පිළිබඳව ලියා ඇත

තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ තොරතුරු දැනගත් ගම්වැසියන් පිරිසක් උඩුගම බස් ඩිපෝවට අයදුම්පතක් ගොනු කිරීමට තීරණය කලේ මෙම මාර්ගයට බස් රථයක් ලබා දීමට අපොහොසත් වීමට හේතු පිළිබඳව විස්තර ඉල්ලා සිටිමිනිී අයදුම්පත 2018 දෙසැම්බර් මාසයේ දි ගොනු කරන ලදි, නමුත් දින 14 ඇතුළත ඉල්ලීමට ප්‍රතිචාර දැක්වීමට ඩිපෝව අසමත් වී ඇත.

එහි ප්‍රදේශවාසින් විසින් නැවත අභියාචනාවක් ගොනු කලේය. ඔහු අභියාචනා නිළධාරියාගෙන් පිළිතුරක් බලාපොරොත්තුවෙන් සිටීමත් දීර්ඝ කාලයක් තිස්සේ අදාළ බලාධාරින් මේ පිළිබඳ කිසිදු ක්‍රියාමාර්ගයක් නොගෙන ඇස් කන් පියාගෙන සිටීම වැනි ගැටළු සඳහා තොරතුරු දැනගැනීමේ පනත බෙහෙවින් උපකාරි වන බව ඔවුන්ගේ බලාපොරොත්තුවයි.

තොරතුරු දැනගැනීමේ පනතට අනුව පිළිගැනීමට හෝ ක්‍රියා කිරීමට නිළධාරින් විසින් කැමැත්තක් නොදක්වන බව ප්‍රදේශවාසිහු පවසති’ නිළධාරින් ඒ තරම් නිර්භීතව ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීම ගැන ඔවුන් කළකිරීමට පත්ව සිටී’ නමුත් තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳ දැනුවත් වූ පසු දැන් වන විට තොරතුරු අනාවරණය කර ගැනීම සම්බන්ධයෙන් යම් බලාපොරොත්තුවක් ඇතිබවත් පෙර මෙන් පොදු අධිකාරින් ඉදිරියේ ප්‍රශ්න ඇසීමට භිය විය යුතු නැති බවත් ඔවුන් ප්‍රකාශ කලේ ය

(ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින්  පවත්වන ලද තොරතුරු දැනගැනීමේ පනත  හා සන්නිවේදන පුහුණු වැඩමුළුවට සහභාගී වූවන් විසින් මෙම  ලිපි සකස් කරන ලද්දේ USAID-SDGAP ව්‍යාපෘති‍යේ මුල්‍ය ආධාර සහිතවය.)

මෙමෙ ලිපි වල අන්තර්ගතය තුලින් USAID-SDGAP අදහස් පිලිබිබු නොකරන බව කරුණාවෙන් සලකන්න

පුවත්

මැතිවරණ නීති උල්ලංඝනය කළ ඇතැම් රාජ්‍ය නිලධාරීන්ට දණ්ඩමුක්තිය?

  ශ්‍රී ලංකාව දිගු ඉතිහාසයක් සහිත ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායකට උරුමකම් කියන රටකි. නිදහස් හා සාධාරණ මැතිවරණ යනු, ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක මූලික පදනමයි….

By In
පුවත්

ජනමාධ්‍ය නිදහස සම්බන්ධයෙන් දකුණු ආසියාව  තවදුරටත් ගෝලීය “රතු කලාපයක්”

මේ වසරේ ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය (WorldPressFreedomDay2026 ) අද (මැයි 03 දා) ට යෙදී තිබේ. “සාමය පිරුණු අනාගතයක් උදෙසා” තේමාව යටතේ…

By In
පුවත්

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය ” ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය” සමරයි

ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය සැමරිම – 2026 මැයි 03 වෙනි දිනට යෙදී තිබූ “ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය” සෑමරීම වෙනුවෙන් සංවිධානය…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *