පුවත්

පාස්කු කොමිසම සඳහා සිදුකළ වියදම සම්බන්ධ තොරතුරු ලබාදීම ජනාධිපති ලේකම් කාර්යාලය ප්‍රතික්ෂේප කරයි.

By In

තොරතුරැ ප්‍රතික්ෂේප කොට ඇත්තේ පනතේ 5(1) අ සහ 5(1)ඌ යන විධිවිධාන යටතේය.

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි

පාස්කු කොමිසම සඳහා සිදුකළ වියදම සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ පනතට අනුව ජනාධිපති ලේකම් කාර්යාලය මගින් ඉල්ලා සිටි තොරතුරු ලබාදීම ජනාධිපති ලේකම් කාර්යාලය මගින් ප්‍රතික්ෂේප කර තිබේ.

  අදාළ තොරතුරු, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ  පනතේ 5(1)(අ) සහ 5(1)(ඌ) වගන්තීන්හි විධිවිධාන අනුව ප්‍රතික්ෂේප කරන බවයි ජනාධිපති ලේකම් කාර්යාලයේ තොරතුරු නිලධාරී ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් සිසිර කුමාර හේනාධිර මහතා විසින් දන්වා ඇත්තේ.

 පාස්කු කොමිසම වෙනුවෙන් සිදුකළ වියදම් සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලා 2021 පෙබරවාරි 20 දින තොරතුරු අයදුම්පතක් යොමුකරන ලද අතර එහිදී එයට ප්‍රතිචාර දක්වමින් 2021 පෙබරවාරි 22 දිනැති ලිපියක් මගින් ඒ සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග වෙනුවෙන් දින 21ක කාලයක් ඉල්ලා සිටින ලදී.

නමුත් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ  පනතේ විධානයන්ට අනුව ජනාධිපති ලේකම් කාර්යාලය විසින් නියමිත දිනයන්හි තොරතුරු ලබා නොදුන් බැවින් පනතේ විධානයන්ට අනුව 2021 අප්‍රේල් 15 වන දින ජනාධිපති ලේකම් කාර්යාලේ නම්කළ නිලධාරීවරයා හට  අභියාචනා කරන ලදී. නමුත් ඒ සම්බන්ධයෙන් වැඩකරන දින 22කට අධික කාලයක් කිසිදු ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් මැයි මස 15 දින තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිසමට ද  අභියාචනා කරන ලදී.

 එවන් පසුබිමක ජනාධිපති ලේකම් කාර්යාලය මගින්  2021 ජුනි මස 03වන දිනැති ලිපියක් මගින් පාස්කු කොමිසම සම්බන්ධයෙන් සිදුකළ වියදම් සම්බන්ධයෙන් ඉල්ලා සිටි තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කරන බව දන්වා තිබේ.

   ජනාධිපති ලේකම් කාර්යාලයට අනුව එම තොරතුරු ලබාදීමට නොහැකියාවක් පවතින්නේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ 5(1)(අ) සහ 5(1)(ඌ) වගන්තීන්ට ප්‍රකාරව වේ. නමුත් එම වගන්තිවල සඳහන් කරුණු පිළිබඳ සැලකිල්ලට ගැනීමේදී 5(1)(අ) වගන්තිය මගින් දන්වා ඇත්තේ ” පුද්ගලික තොරතුවලට අදාළ තොරතුරු සම්බන්ධයෙන් වන විට ,තොරතුරු හෙළිදරව් කිරීම යම් පොදු කටයුත්තක් හෝ සම්බන්ධතාවක් සඳහා කිසිදු සම්බන්ධයක් නොමැති අවස්ථාවක දී හෝ යම් තනි පුද්ගලයෙකුගේ පුද්ගලිකත්වය අනවසරකින් ආක්‍රමණය කිරීමක් සිදුවේ නම් ,”  මෙන්ම 5(1)(ඌ) වගන්තිය මගින් පෙන්වා ඇත්තේ යම් අපරාධයක් වැලක්වීම හෝ ඒ පිළිබඳව සොයා ගැනීම හෝ වරද කරුවන් අල්ලා ගැනීම  හෝ ඔවුනට එරෙහි නඩු පැවරීම සම්බන්ධයෙන් බලවත් අගතියක් සිදුවන අවස්ථාවක  හෝ නීතිය බලාත්මක කිරීම හෝ ජාතික ආරක්ෂාවට අදාල තොරතුරු පිළිබඳ රහසිගත මූලාශ්‍රයක අනන්‍යතාවය හෙළි වන අවස්ථාවක දී පමණි.

 නමුත් ජනාධිපති ලේකම් කාර්යාලයේ තොරතුරු නිලධාරියා විසින් ඉහත පෙන්වා දුන් වගන්ති යටතේ පාස්කු කොමිසම වෙනුවෙන් පාස්කු කොමිසම සදහා සිදුකළ වියදම සම්බන්ධයෙන් වූ තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කර තිබුණත් ඒ සම්බන්ධයෙන් විශ්ලේෂණය කිරීමෙන් පෙනී යන්නේ ඉල්ලා සිටි තොරතුරු ඉහත වගන්ති යටතට ගත නොහැක්කක් බවයි.

 විශේෂයෙන්ම රටේ මහජනතාවගේ බදු මුදලින් නඩත්තු කරන ලද පාස්කු කොමිසම වෙනුවෙන් වැය කළ මුදල් සම්බන්ධ තොරතුරු ලබාදීමෙන් එහි පරීක්ෂණ කටයුතු ,හෝ අධිකරණ කටයුතු සඳහා හෝ, ජාතික ආරක්ෂාවට තර්ජනයක් වීම හෝ කෙනෙකුගේ පුද්ගලිකත්වය ආක්‍රමණයක් කිරීමක් ලෙස අර්ථ ගැන්වීම තුළින් පෙනී යන්නේ ජනාධිපති ලේකම් කාර්යාලය තොරතුරු දැනගැනීමේ පනතේ පස්වන වගන්තියේ අනු වගන්ති අවභාවිත කරන බවයි.

 පාස්කු කොමිසම ගත් තීන්දු තීරණ පවා මාධ්‍ය මගින් අනාවරණය කරමින් ජනගත කර තිබෙන පසුබිමක  ඒ සදහා සිදුකළ වියදම් සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය  මගින් මේ ආකාරයෙන් වසන් කිරීමට උත්සහ ගැනීම  මෙරට පුරවැසියන්ගේ තොරතුරු දැනගැනීමේ අයිතියට  සිදුකකරන බරපතල අභියෝගයක් මෙන්ම රාජ්‍ය කටයුතු වෙනුවෙන් සිදුකරන ලද වියදම්හි විනිවිධ භාවය සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්නයක් මතු නොවේද?–

පුවත්

‘Youth Club’ ජාතික තරුණ සමුළුව මල් වෙඩිල්ලක්ද?

වියදම රුපියල් ලක්ෂ 388යි ජාතික තරුණ සේවා සභාවේ තරුණ සමුළුවට සහභාගී වූ දිස්ත්‍රික් නායකයින් තෝරාගැනීමේදී ආණ්ඩුවේ දේශපාලන අධිකාරිය හා  යම්…

By In
පුවත්

මැතිවරණ වියදම් නියාමන නීතිය කෙතරම් ප්‍රායෝගිකද?

මැතිවරණ තුනේ අපේක්ෂකයින් 2403 ක්  ආදායම් වියදම් වාර්තා ලබා දී නෑ තොරතුරු දැන ගැනීමේ පනතින් කළ සොයා බැලීමක් ප්‍රජාතන්ත්‍රවාදී පාලන…

By In
පුවත්

අයිතිවාසිකම් පනත් කෙටුම්පත් හමස්පෙට්ටියට යාවිද?

  මහජනතාවගේ පරමාධිපත්‍ය හොබවන ඔනෑම රජයක ප්‍රමුඛ කාර්ය වන්නේ මහජනතාවගේ අයිතිවාසිකම්  වන මානව අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමය. එපමණක් නොව එම අයිතිවාසිකම්…

By In
පුවත්

දුම්රිය මැදිරි තුළ ගමන් ගන්නා මගීන් අපහසුතාවයටපත්වීමට නීතිමය සහනයක් තිබේද ?

බ්‍රිතාන්‍ය පාලන සමයේ සිට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වූ දුම්රිය සේවය අදටත් මෙරට මහජනතාවගේ ප්‍රධානතම පොදු ප්‍රවාහන මාධ්‍යයන් අතුරින් එකකි….

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *