පුවත්

පහවසර ශිෂ්‍යත්වය විභාගය ගැන තොරතුරු ඉල්ලීමක්

By In

ශ්‍රී ලංකාවේ දරුවන් මුහුණදෙන ඉතා තරගකාරී විභාගයක් ලෙස පහ වසර ශිෂ්‍යත්ව විභාගය හැදින්විය හැකිය. නම් කරනු ලබන කඩයිම් ලකුණු ප්‍රමාණයට සඩා වැඩියෙන් ලකුණු ලබා ගැනීම මගින් සමත්වන දරැවන් ද්වීතියික අධ්‍යාපනය සදහා වඩා හොද පාසල්වලට තෝරාගැනීම සදහා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් මෙම විභාගය පවත්වනු ලැබේ. මේ නිසා ශ්‍රී ලංකාවේ ශිෂ්‍යයින්ගේ අධ්‍යාපන ක්‍රියාවලිය තුළ වැදගත් සංදිස්ථානයක් ලෙස පහ වසර ශිෂ්‍යත්ව විභාගය හැදින්විය හැකි ය. ඇතැම් ශිෂ්‍යයින් හොද පාසලකට ඇතුලත් වීමේ සිහිනය සැබෑ කර ගැනීම සදහා විශාල ලෙස වෙහෙස වී වැඩ කරනු දැකිය හැකි ය.

එක් ශිෂ්‍යාවකගේ දෙමාපියන්, තම දරුවා පහ වසර ශිෂ්‍යත්වය විභාගයෙන් ලැබූ ප්‍රතිඵලයට වඩා ඉතා දක්ෂ දරැවෙකු බව පැවති විශ්වාසය නිසා ලැබුණු ප්‍රතිඵලය ගැන සෑහිමකට පත් නොවී ය. මේ හේතුවෙන් ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමට ලබා දෙන ලෙස ඉල්ලා තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලීමක් කර තිබිණි.

මෙම තොරතුරු ලබා දිම ප්‍රතික්ෂේප වූවිට එම දෙමාපියන් මෙය ළමා අයිතිවාසිකම් යටතේ සළකා බලන ලෙසට ඉල්ලීමක් කර ඇත. ඇතැම්විට මෙම ශිෂ්‍යාවගේ පළමු සහ දෙවන ප්‍රශ්නපත්‍ර අතර යම්කිසි අයුරකින් නිසි ලෙස නොගැලපීමක් පැවතිය හැකි බව දෙමාපියන් සැක කරන්නට විය. මෙම සැකය දුරැ කර ගැනීම සදහා ප්‍රශ්න ලත්‍ර දෙකෙහි අත් අකුරු සංසන්දනය සදහා පරීක්ෂා කිරීමට ලබා දෙන ලෙස දෙමාපියන් ඉල්ලා තිබිණි.

මෙම ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් විභාග දෙපාර්තුමේන්තුව පිළිත්‍රරු පත්‍ර දෙක පරීක්ෂා කිරීම සදහා අවසර ලබා දී ඇත. ඒ සදහා නම්කරන ලද නිලධාරියෙකු හා ඒ සදහා වේලාවක් වෙන්කොට දී තිබිණි.

දරුවා සහ දෙමාපියන් විසින් පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමේ දී එහි ගනණය කිරීම්වල සහ පරීක්ෂා කිරීමේ ගැටළුවක් හදුනා ගත්ත ද මෙය නිවැරදි කිරීිමට මෙතෙක් ක්‍රියාමාර්ග ගෙන නැත.

අප කළ විමසීමක දී පෙනී ගියේ එම පැමිණිල්ල තවමත් ආයතනය තුළ විභාග වෙමින් පවතින බවයි. විභාග දෙපාර්තුමේන්තුව විසින් මෙම අසාධාරණයට හා අපහසුතාවයට පත් වූ පාර්ශවය වෙනුවෙන් සතුටුදායක නිවැරදි කිරීමක් තවම සිදුකර නොමැත.

(ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින්  පවත්වන ලද තොරතුරු දැනගැනීමේ පනත  හා සන්නිවේදන පුහුණු වැඩමුළුවට සහභාගී වූවන් විසින් මෙම  ලිපි සකස් කරන ලද්දේ USAID-SDGAP ව්‍යාපෘති‍යේ මුල්‍ය ආධාර සහිතවය.)

මෙමෙ ලිපි වල අන්තර්ගතය තුලින් USAID-SDGAP අදහස් පිලිබිබු නොකරන බව කරුණාවෙන් සලකන්න

පුවත්

මැතිවරණ නීති උල්ලංඝනය කළ ඇතැම් රාජ්‍ය නිලධාරීන්ට දණ්ඩමුක්තිය?

  ශ්‍රී ලංකාව දිගු ඉතිහාසයක් සහිත ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායකට උරුමකම් කියන රටකි. නිදහස් හා සාධාරණ මැතිවරණ යනු, ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක මූලික පදනමයි….

By In
පුවත්

ජනමාධ්‍ය නිදහස සම්බන්ධයෙන් දකුණු ආසියාව  තවදුරටත් ගෝලීය “රතු කලාපයක්”

මේ වසරේ ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය (WorldPressFreedomDay2026 ) අද (මැයි 03 දා) ට යෙදී තිබේ. “සාමය පිරුණු අනාගතයක් උදෙසා” තේමාව යටතේ…

By In
පුවත්

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය ” ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය” සමරයි

ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය සැමරිම – 2026 මැයි 03 වෙනි දිනට යෙදී තිබූ “ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය” සෑමරීම වෙනුවෙන් සංවිධානය…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *